යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකාරණයට භාර වූ එම විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නගුලේෂ්වරන් සසිදරන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් ශහිදරන් මහතා නියෝග කළේය.
විශ්ව විද්‍යාලයේ ගැටුම සම්බන්ධයෙන් යාපනය කෝපායි පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ යාපනය විශ්ව විද්‍යාලයයේ සිසු ගැටුමට මුල් වූවකු ලෙස මහා ශිෂ්‍ය සංගම් සභාපති හඳුනාගෙන ඇති බවයි.
COMMENTS
අපි අසරණයි. (අ)
තස්තවාදය මැඩලීමේ පනත යටතේ මෙම පහර දීම සම්බන්දයෙන් ක්‍රියා කල යුතුයි (අ)
කැලණියට , පේරාදෙණියට , සබරගමුවට හෝ දකුණට නම් එච්චර හදිස්සියක් නැහැ නේද? මේක තමා අපේ සහජීවනය. ඉවසා වදාරමු. මෙයින්ම පෙනවනේද අසාධාරණය කාටද කියල.
ඔන්න මිනිහ බලා ගන්න (අ)
අපි අසරණයි.විපුල ඕක නිවට කතාවක් (අ)
රන්ජිත් දන්නෙ නැද්ද ඔය පනත් සම්බන්ධයෙන් යහපාලනය කටයුතු කරන්නේ කොහොමද කියලා (නි)
පුළුවන් තරම් සාමකාමී විදිහට මේ ගැටළු විසඳාගන්න තරමට හොඳයි (නි)
දැන්නම් යහපාලනය බේරෙනවා (නි)
යහපාලනයට හැට දෙලක්ෂයක් ඡන්දය දුන් අයගේ අවධානය පිණිසයි. (නි)
ඇප දෙන්න බැරි තරමේ වරදක් ඔහු කර ඇතැයි මමත් සිතන්නේ නැහැ (නි)
එතකොට අර පොලු අරගෙන සටන් කරපු සටන්කාමීන්ට මොකද වෙන්නේ බලමු (නි)
මොනවා වෙන්නද සරත්? වෙන දේ අපිට නම් හිතාගන්න පුලුවන් (නි)
සංහිඳියාව දැන් තහනම් වචනයක් වෙලා වගෙයි සමහරුන්ට (නි)
මොකක්ද වෙන්නේ බලමුකෝ.(හේ)
ඇයි මේ ඇප දිලා.(හේ)
කෝ අර ජනතාවගේ විමුක්ති පෙරමුණ සහ කෑගහන අය ? (ම)
එතකොට තවත් අය හිටියනේ ඒ අයට මොකද නිතිය ක්‍රියාත්මකවීම ප්‍රමාද (අ)
උතුරුට කිරි අපට කැකිරි (ම)
ඔහොම යමුකෝ.(හේ)
මාර නීතියක්නේ ලංකාවේ තියෙන්නේ.(හේ)
දකුණේ ලහිරුට වෙනම නීතියක්ද (හේ)