යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිසියේ පස් දෙනා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
උප පොලිස් පරීක්ෂක සරත් දිසානායක, සැරයන් පී.එස් ජයවර්ධන , පොලිස් කොස්තාපල්වරුන් වන චන්දන,ලක්නාමාන්න, නවරත්න එලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.
යාපනය සරසවියේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන් වෙඩි වැදී මිය ගොස් ඇතැයි ද, එම විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය කජන් හිසට වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගොස් ඇතැයි ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය. එම වාර්තාව මහේස්ත්‍රාත් අද අධිකරණයේ දී කියැවීය.
සිද්ධිය වූ ස්ථානයේ ඇති සීසීටීවී දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීඥවරු අධිකරණයේ දී පොලිසියෙන් ඉල්ලීමක් කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදයට පොහොර දමන්නේ අඳ බාල දේශපාලුවෝ. එවුන්ට ජාති ආගම් වර්ග බේදයක් නැහැ. යාපනයේ සිද්ධියේ සාමාන්‍ය බුද්ධියට ගෝචර නොවන බොහෝ දේ සිදු වී තිබෙනවා. රජයකට පාලක කණ්ඩායම් විතරක් නොවෙයි විරුද්ධ පක්ෂයත් (ද්‍රවිඩ සන්ධානය) ඇතුලත් වෙනවා. යාපනයේ ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරීන් සිංහල හමුදාවක එක් අංශයක් ලෙස පටු අන්දමින් හුවා දක්වන ජාති වාදී උතුරේ දේශපාලකයෝ වගේම සිංහලයාව හා ආරක්ෂක අංශ හෙලා දකිමින් දෙමළ ලකුණු දමා ගන්න වළිකන සිංහල දේශපාලනඥ යෝද හුදු අවස්තාවාදියෝය. මෙය, සමාජ විද්‍යාඥයින්, මනෝ වෛද්‍යයවරුන් හා ආරක්ෂක අංශ විසින් අපක්ෂපාත විනිශ්ච්යක් සඳහා අධිකරණය කරන විභාගයකට අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු සපයන ව්‍යායාමයක් විය යුතුයි. (අ)
මෙි අය ගැන විභාග කර වැරදිනම් නඩු පවරන්න. නැතිනම් නිදහස් කරන්න. (හේ)
පොලිසිය හැර වෙන කෙනෙක් මාර්ග බාදකයට පෙර වෙඩිතියන්න බැරිද. ? පොලිසියට වෙඩිතියන්න බැරිනම අායුධ ඉවත කරන්න.(හේ)
අපරාදයක කර පළායන පුද්ගලයෙක් නතරකිරිමට හෝ ලුහුබැද යනවා නම් උගත් මහතුනි කළ යුතු දේ කරුණා කර පවසන්. මෙය රටේ අපරාද කරන්නන්ට අත්වැලක් පොලිස් නිලධාරින්ගේ මනස අැදවැටිමක් (හේ)