යාපනය කරෙයිනගර්හි අනායිකොට්ටායි හි දී හඳුනානොගත් පිරිමි කණ්ඩායමක් යතුරුපැදි කිහිපයකින් පැමිණ සමාජ ශාලාවල සිටි තරුණ පිරිසකට පහරදී ඔවුන්ගේ යතුරුපැදිවලට හානි කර ඇතැයි පොලිසිය කියයි.
ප්‍රහාරයෙන් තරුණයන් තිදෙනකු සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර ගුරුනගර්හි දී බස් රියකට ගල් ප්‍රහාර එල්ල වී ඇතැයිද එම අවස්ථාවේ බසයේ මගීන් නොසිටි බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස ලැබීගෙන යන බවක් නම් පේනවා අපිට. දැන් ගෙන්නන්න බැරියෑ සාමසාධක හමුදාවක් එහෙමත් (නි)
විග්නේශ්වරන්ලා කැමති යාපනය දෙමළ ජනතාව අායෙත් දුක්විඳින තත්වයට පත්වෙනවා දකින්න වගේ. අනෙක් කාරණය තමුන් ඔය තනතුරේ ඉන්නේ ශ්‍රී ලංකා හමුදාවේ ජයග්‍රහණය නිසා බව අමතකවෙලා වගේ. මේ අවිගත් කල්ලි මැඩපැවැත්වීම තමුන්ගේ රාජකාරියේ කොටසක් බව විග්නේශ්වරන් තරයේ මතක තබාගත යුතුය (නි)
මට නම් හිතෙන්නේ මේක පහුගිය කාලේ ජාතිවාදී ප්රවණතාවන් වලට සුදු හුණු ගගා හිටිය අයගේ වැඩක් කියායි (නි)
විකුම් රංගන මහතාණෙනි, "ඔබට සතුටුයිද දැන්?" (නි)
දිලංක, ඇතිවෙලා තියන ප්‍රශ්න තේරුම් නොගෙන නිකන් දේශපාලන වෙස් මුහුණු දාගෙන කඩේ යන්න එපා (නි)
යාපනෙත් ක්ලබ් තියෙනවා නම් කොළඹ පැත්තේ ක්ලබ් කඩන සහ ක්ලබ්වල ගහගන්න දේශපාලු පුත්තු සෙට් එක එහෙ අරිමු. හැදිලා එන්නේ නැතැයි. (නි)
යහපාලනය, සංහිඳියාව හරහා නැවතත් රට ලේ විලක් කරලා තමයි පස්ස බලන්න යන්නේ. දකුණේ මිනිසුන්ගේ වැරදි වලට එක විදියක්, උතුරේ විග්නේශ්වරන්ගේ පළාතේ කරන නීති උල්ලංගනයන්ට අමුතු සැළකිල්ලක්. (නි)
මහා ජාතියට අසාධාරණය, ඔවුන්ගේ බලය අහිමිවන ආකාරයට වැඩ කිරීමෙන් නැවත 1771 කාලයට යනු ඇත (නි)
ඔබට සතුටුයිද දැන්? හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට (නි)
රසික ගේ අදහසට මමත් එකයි. දේශපාලන වාසි ගන්න නැවතත් ජාතිවාදය අවුස්සන්න හදන්නේ 81 දී වගේ (නි)
මේවාට දැන්ම තියාම විසදුම් සෙව්වේ නැත්තම් පස්සට කරදර ගොඩක පැටලෙන්න ඉඩ තිබේ.(බ)
සමහර උදවිය මේකේ අදහස් දක්වල තියෙන්නේ යුද්දයක් එනවට බොහොම කැමැති වගේ. (බ)
ඔව් මමත් හිතන්නේ මෙය කව්රුහරි දේශපාලන වාසි ගන්න කරන වැඩක් ද දන්නේ නැහැ (බ)
උතුරේ තරුණයන් දැන් සාමාන්‍ය තත්වයට පත්වීගෙන එම කොටි හිතවාදී කල්ලි නුරුස්සන ගතියක් මෙයින් පෙන්නුම් කරනවා. (බ)
සමන්ගේ කතාව හරි. ඒ වගේම අපේ දේශපාලු පුත්තු ටිකටත් එහෙ ගිහින් ක්ලබ්වල වැඩ පෙන්නුවානම් හරි. නිකම් මොකටද කොළඹ විතරක් වැඩ පෙන්නන්නේ. (බ)
විග්නේශ්වරන් මහතාට පින්සිද්ධවෙන්න යාපනයේ තරුණයින් සතුටින් ජීවත්වෙන බව පේනවා. විග්නේශ්වරන් මහත්තයට සතුටුයිද දැන්? (අ)
ජනපතිතුමාටයි මේ පණිවිඩය, යහපාලනය වට්ටන්න පියවරවල් පටන් අරන් ඉවරයි. ඔබතුමාට තවමත් නොවැටහීම පුදුමයක්. 1. ආර්ථිකය වැට්ටීම උදා: නිතර නිතර කොස්ගම වැනි රජයේ ආයතන ගිනි තැබීම 2. සුළු ජාතීන්ට මෙවැනි ප්‍රහාර එල්ල කර සුළු ජාතීන්ගේ ජන්ද පදනම කැඩීම, මෙහි පිටුපස සිටින්නේ කලින් රජය සමග සිටි කොටි කල්ලියයි 3. අධිකරණය තවම ස්වාධීන නැත. සොයා බලන්න. (බ)
වින්සන්ට් මහත්තයෝ, නරුමයෝ වීරයෝ ලෙස සලකන රටක, අධමයෝ ගුණවන්තයෝ වගේ වැජඹෙන සමාජයක, වාචාලයෝ කථිකයින් මෙන් කැපී පෙනෙන විටෙක, පැවිද්දන් වැද්දන් මෙන් හැසිරෙන අවදියක, සාමයට වඩා යුද්ධය පතන ජනතාවක් සිටින රටක , අරගල, මිනීමැරීම්, පහරදීම් දෙස උපේක්ෂාවෙන් බලා සතුටින් සිටිනවා හැරෙන්නට, විලාප තබමින් හඩ හඩා වැලපෙමින් ඉන්න කියලද, ඔබ මට,,, කියන්නේ? (බ)
සිංහල අය කියනව කොටි කියල, දෙමළ අය කියනව හමුදාවෙන් කියල. මේව නැවැත්තුවෙ නැත්නම් ආයෙත් දෙපැත්තම ඇවිලෙනවා (අ)
හඳුනානොගත් පිරිමි කණ්ඩායමක් යතුරුපැදි කිහිපයකින් පැමිණ සමාජ ශාලාවල සිටි තරුණ පිරිසකට පහරදී ඔවුන්ගේ යතුරුපැදිවලට හානි කර ඇතැයි පොලිසිය කියනවලු. ඔය තියෙන්නේ වැඩ කිඩ. (නි)
රසික, ඔව් නවත්වන්නේ මොකටද? (නි)
සංහිඳියාවට ස්තුති කරනවා හැරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. තරුණ ජිවිත විනාශයට පත්නොකර මහලු විශ්‍රාමික දේශපාලකයන් ඔය තැන් වලින් ඉවත්විය යුතුයි. (නි)
වෙනස සැපද? හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට. (නි)