ඉරිදා (06) වැනි දින සන්ධ්‍යාවේ යාපනය දොරෙඅප්පා ක්‍රිඩාංගණයට රැස්වු ක්‍රිකට් ලෝලීන් පිරිසක් ටී 20 ලෝක කුසලාන අවසාන තරඟයෙන් ශ්‍රී ලංකා පිළ ලැබු ජයග්‍රහණය අභිමානයෙන් සැමරූහ.
විවිධ වයස්වල 3000 කට ආසන්න පිරිසක් ක්‍රිඩාංගණයට රැස් වු අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වැනි සංඥා බළකාය ලොකු රූපවාහිනියක් ක්‍රිඩාංගණයේ සවි කැර තිබිණි.
ජාතික ධජය ළෙලවමින් ,අත්පොළසන් දෙමින් ,ගයමින්,හා නටමින් ඔවුහු ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ සැමැරූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ක්‍රීඩාලෝලීන් තුළ මොන ජාති බේදයක්වත් නැහැ. එංගලන්තයේ දෙමළ කඩවල් පවා වසා දමා තරඟය බැලුව අය ඉන්නවා.හරි සන්තෝෂයක් අපිට (නි)
මේ සමගිය රැකගැනීමට ආණ්ඩුව වැඩ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. (නි)
බඩු මිල ඉහළ දාපු ගමන් සව් දිය ලෝ දිය වේවි. (නි)
හොඳම වැඩේ තමයි මෙහෙම අපේ කණ්ඩායමට ජය පැතුවේ ඉන්දියාවේ තමිල්නාඩුවේ උවමනා මත අපේ රටෙන් කොටසක් ගන්න සටන් කළ ජාතියක වර්තමානික නියෝජනය වීම. ඒ අය අපිට වෛර කරන්නෙත් නැත්තම් ඇයි අපි එයාලා ගැන වපර ඇහෙන් බලන්නේ?කොහොම වුණත් ජයලලිතා මේකත් ලංකා විරෝධී ඉන්දියානු බලවේග අවුස්සන්න තුරුම්පුවක් කරගන්න එක නම් සිද්ධවෙයි. (නි)
යාපනයේ ජනයා කවදත් ඉන්දියානු පාක්ෂිකයන් නොවේ. (නි)
ජයවේවා......ජයවේවා...... ජිවිතයේ අහපු හොදම පුවත (දී)
ඉතාම සන්තෝෂයි. ගිනිගත් උතුරේ සිටින අපේම සහෝදර රටවැසියන් අද සැනසීමෙන් ඉන්නවා දකින්න ලැබීම. කොතෙකුත් අඩුපාඩු තිබුනත් ජීවිතය ජයගන්න වෙරදරන ඔබට මගේ ප්‍රණාමය! (නි)
මේ අපේ මාතෘ භූමියයි.... නිදහසේ ස්වර්ණ රාජ්‍යයයි... (නි)
ගොඩක් හොඳ වැඩක් (නි)
මේ උතුරේ ජනතාවගේ මුහුණේ තිබෙන සන්තෝෂය.... දකින්නත් සන්තෝසේ බැහැ... (නි)
හොඳ වැඩක් (නි)
මම වැඩ කරන තැන දෙමළ අය ඉන්නවා. එතන දෙමළ කට්ටියට ලංකාව දිනුවට ගොඩක් දුකයි, ඉන්දියාවේ කට්ටියට වඩා. (නි)
මම නම් අහලා තියෙන විදියට එහේ ඉන්නේ ඔක්කෝම වගේ ඉන්දියාවට සපෝර්ට් කරන අය (නි)
පිල්ලේ හදන්නේ මේ තියෙන සාමය සමගිය නැතිකරන්න. මේවා ඒගොල්ලන්ට පෙන්නන්න ඕනෑ,ඒ ගොල්ලෝ කියන තරම් ප්‍රශ්නයක් මෙහෙ නැහැ කියලා. (නි)
අපෝ නැහැ නිශ්ශංක මහත්තයෝ. ඒ මිනිස්සු අපි ගැන හිතන්නෙත් ඔහොම තමයි.අවුරුදු 20 ක් අපි එයාලා වපර ඇහින් එකිනෙකා දිහා බැලුව නිසයි එහෙම හිතෙන්නේ. මම යාපනයට ගියේ 1975. අපට සැළකුවේ දෙයියන්ට වගේ. හැබැයි යාපනේ පොළේ හිටි සිංහල මුදලාලිලා අපේ තුට්ටු දෙක කඩා ගන්නේ කොහොමද කියලයි බැලුවේ. දෙමළ මිනිස්සු අපිට ගොඩක් හොඳට සැළකුවා. සමහර කඩ වලින් කාපුවට සල්ලි ගත්තෙත් නැහැ. (නි)
මං සිංහල. මගේ ගම කොළඹ. එහෙත් මේ මිනිස්සු මේක සමරපු හැටි දැක්කම මට දැනුනේ මං ඉන්නේ කොළඹ කියලා.කවුරුත් කියන දේ අහලා මිනිස්සු මනින්න එපා.ඒ මිනිස්සුත් එක්ක ටිකක් ඉඳලා බලන්න. (නි)
අපිට ඕනෑ යාපනයේ කොල්ලෙක් ලංකා කණ්ඩායමට. එතකොට තව හොඳ වෙයි.ඔය මුරලි ,ඇන්ජලෝ ,රසල් හිටියේ යස අගේට (නි)