IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යාපනය චුන්නාකම් පොලිසියේ 4කගේ වැඩතහනම් කරයි

(රොමේෂ් මධුෂංක)

අනතුරකින් පසුව පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණයකින් අනතුරුව යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලිසිය පැවසීය.

චුන්නාකම් ප්‍රදේශයේදී පසුගිය 09 වැනිදා රිය අනතුරක් සිදුවීමෙන් පසුව චුන්නාකම් පොලිස් ස්ථානයේ සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අනතුර සිදුකල පුද්ගලයා පසුපස ලුහුබැඳ ගොස් ඔහු අතුඅඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් ඇතිවූවේ සිවිල් ඇදුමින් සැරසුන් පොලිස් නිලධාරීන්ට ඒලෙස අත්අඩංගුවට ගැනීමට නොහැකි බව පවසමිනි.

එහිදී ඇති වූ උණුසුම් තත්වයේදී පොලිස් නිලධාරීන් පහරදුන් බව පවසමින් කාන්තවක් ඇතුලු පිරිසක් චුන්නාකම් පොලීසියට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කොට සිටියහ.

ඉන් අනතුරුව යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩයමක් යොදවා සිදුකරන ලද පරික්ෂණයකින් අනතුරුව මෙලෙස පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීඹට පියවර ගෙන තිබුණි.

එලෙස වැඩතහනම් කර ඇත්තේ, චුන්නාකම් පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසූ අතර ඒහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පවසා සිටියේ,.

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු විසින් රථය නතර නොකර පළා ගිහින් තිබුණා. ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් මත පොලිස් නිලධාරීන් විසින් ඔහුට යම් ආකාරයේ පහරදීමක් සිදුවුණා කියන චෝදනාව ඔහු විසින් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව පරික්ෂණයක් කරලා තමයි මේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩතහනමට ලක් කළේ යනුවෙනි.



අදහස් (1)

යාපනය චුන්නාකම් පොලිසියේ 4කගේ වැඩතහනම් කරයි

රම්බොඩ Tuesday, 12 November 2024 09:43 AM

සිවිල් ඇඳුමෙන් සිටිමින් රාජකාරි කළානම් ඒක පොලීසියේ කටයුත්තක්නේ. මොනවා වුණත් වැරැදි කරන සාමාන්‍ය ජනතාව ඕනෑවට වැඩිය චූං කරන්න ගිහින් පොලීසියේ සේවකයින් මන්දගාමී කරන එක ගැන හිතන්න ඕනෑ. ඒක මේ රජයේ හැටි වෙන්න ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site