යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ විරෝධතාවයේ නිරත විශ්ව විද්‍යාල සිසුහු මින් මද වේලාවකට පෙර යාපනය මහ දිසාපති එල් වේදනායගම් මහතාට කොන්දේසි සහිත ලියැවිල්ලක් බාර දුන්නේය.
ඒ අනුව මාසයක් ඇතුළත වැරදිකරුවනට මහාධිකරණයේ නඩු පැවරිය යුතු බවත් මියගිය සිසුන් දෙදෙනාගේ මව්පියනට මාසික වන්දියක් ගෙවිය යුතු බවත් එම සිසුන් රිය අනතුරකින් මිය ගියැයි කියන කථාව ප්‍රචාරය කරන අයට එරෙහිව ජාතික පොලිස් කොමිසම මගින් විමර්ශනයක් කළ යුතු බවත් මෙම කොන්දේසි රජය ඉටු කරන්නේ දැයි නිරීක්ෂණය කිරීමට දේශීය හා විදේශීය මානව හිමිකම් නිරීක්ෂකයන්ට මැදිහත්වීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම ලියැවිල්ලෙන් සිසුහු ඉල්ලා සිටිති.
භාෂා තුනෙන්ම ලියැවූ එම ප්‍රකාශනය අනුව අවශ්‍ය පියවර ගන්නා තෙක් අරගල කරන බව ද විශ්ව විද්‍යාල සිසුහු පවසති.
බොහෝ විට තවත් ටික වේලාවකින් සිසු උද්ඝෝෂණය අවසන්වීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
යාපනයේ සරසවි සිසුන් දෙදෙනකුගේ මරණ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් යාපන සරසවි සිසුහු දහසක් පමණ අද (24) උදේ යාපන කච්චේරියේ දොරටු තුනම අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරඹුහ.
දිසාපති කාර්යාල සේවකයෝ කාර්යාලය ඇතුළු වීමට නොහැකිව පාරේ සිටිති. නගරයේ ආරක්ෂාව ද තරකර ඇත.
ජායාරූප - තරිඳු ජයවර්ධන












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේරාදෙණියේ ඉන්න මගේ පුතත් දවසක් කොළඹ වීරෝදතාවකට ගිහින් කදුළු ගෑස් සහ වතුර ප්‍රහාරයට මුණ දීල ගෙදර ආවා (ම)
කොහොමද ඔහොම උද්ඝෝෂණයක් උතුරු-නැගෙනහිර පළාත්වලින් පිට තැනක තිබ්බොත් එහෙම? කොළඹ, ජපුර, පේර, කැලණිය ළමයි? කොහොමද කන්න ලැබෙන වතුර පාර, කඳුළු ගෑස්, රබර් උණ්ඩ? කෝ ඒ කිසිවක් මෙහෙ? ඔන්න ගේනවා කිවුව නියම වෙනස! (නි)
මේ ඝාතන පිටුපස ඉන්නේ කව්ද කියන එක බොහෝ අයට වැටහෙනවා. මිනිස් ඝාතන සඳහා බොහෝ අත්දැකීම් තියන අය හෙවත් ග්‍රීස් යක්කුන්ය. අරමුණ කුමක්ද යත් යහපාලනය ජනතාවට අප්‍රිය කිරීම. පිරිසකගේ බල තණ්හාවට තවත් පිරිසක් අසරණ වෙන එක ගැන හරිම දුකය්. (බ)
කව්රුත් මෙතන පාර හරස් කරලා නැහැ ජල ප්‍රහාර ගහන්න හෝ , කඳුළුගෑස් ගහන්න , එහෙම වුනානම් නීතිය ක්‍රියාත්මක කරාවී , කරුණාකරලා ලංකාවේ පොලිසියට අපහස කරන්නෙපා (බ)
කදුළුගැස් , ජලප්‍රහාර , ගසන්න තරම් විරෝධතාවක් නෙමේනේ මේක. වුවමනා වුනොතින් එ්කත් කරාවී. යාපනේ තියෙන්නේත් ශ්‍රී ලංකා පොලිසියම තමා.(බ)
උතුරේ ඉන්න මල්ලිලා සහ නංගිලා දකුණේ අපිට වඩා වාසනාවන්තයි. අපි ඔහොම පාරේ ගියොත් අපිට කැරලි මර්දනෙන් එවලා වැඩේ දෙන්නේ. ඔයාලට නම් ආණ්ඩුව හොඳින් සලකනවා. බැරිද ඔයාලට දකුණට ඇවිත් අපේ අරගල වලටත් සහය දෙන්න. (බ)
මේගොල්ලන්ට කදුළු ගෑස් ගහන්නේ නැද්ද? ඔලු පැලෙන්න ගහන්නේ නැද්ද? කාන්තාවන්ට බිම දාගෙන ගහන්නේ නැද්ද? (බ)
කවුද මේ මැරිලා ඉන්නේ , බලන කොට පුදුම හිතෙනවා , අර ජනාධිපති ගිහින් නේ නේද මළගෙදර ? (බ)
කෝ අර දකුණේ සිසුන්ට ගහන අවම බලය (බ)
මලික්, පින්තුර වලින් පේනවා පාර හරස් කරලා කියා. සේවකයන්ට කාර්යාලයට ඇතුළු වෙන්නත් බැරිලු. ඔයත් අපේ ආණ්ඩුව වගේ පෙනී පෙනී වෙන දේවල් කියනවනේ. මම කියන්නේ මෙගොල්ලන්ටත් අපිට වගේ ගහන්න කියලා නෙවෙයි ඇයි අපිට වෙන හැන්දකින් බෙදන්නේ කියන එක විතරයි. (බ)
මෙයාලා ඒ9 මාර්ගය සම්පුර්ණයෙන් අවහිරකරලා උද්ඝෝෂණය කරන්නේ.. යාපනයේ කච්චේරියට ඇතුල්වෙන්න මාර්ග තුනක් තියනවා. අනිත් මාර්ග වල තමා, පාර අයිනෙන් සිටින්නේ කච්චේරියට ඇතුල්වන මාර්ගය අවහිර කරලා...(බ)
යාපනේ මෙහෙම මේ නිදහස එල්ටීටීඊ කාලේ තිබුනාද මෙයාලට, (බ)
පාර දෙපසටවී කරන උද්ගෝෂණය සැමට අාදර්ශයක්? (බ)
කේ පෙරේරා, ඔයා ලංකාවෙ නෙමෙයිද? ඊයෙ පොලීසියෙ දෙන්නෙක්ව යාපනේදි කැපුව කියල දන්නවද? මෙහෙත් ඔහොම වෙනවද? (බ)
පාරවල් වහගෙන මේ පෙරමග සලකුණු පෙන්නුම් කරන්නේ මොනවාද ? (හේ)
දකුණේ මෙහෙම කළා නම් අපිට සලකන්නේ කොහොමද? වෙනස පේනවද ? (ම)
හරි හරි අපි දැන් කට්ටිය ඔකොම එකතුවෙලා අාය පාරක් මරාගම්මු. එතකොට ඔය ඔක්කෝමගේ උණ හොඳ වේවිනෙ. (බ)
චන්දුල, ඔබගේ ජාතිවාදී කණ්ණාඩිය ගළවන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. (නි)
දකුණේ කරන්නේ විරෝධතා දක්වන එක නොව පාරේ කැරලි ගසන එකයි. මෙතන ප්‍රධාන පාරක් අවහිරකර වාහන ගමනාගමනය අවහිර කර නැහැ. මාර්ග බාධක පෙරළාගෙන යන්න දඟලන්නේ නැහැ. සාමකාමී විරෝධතාවයක් බව ඕනෑ කෙනෙකුට පෙනෙනවා නේද? ඒ අයට කඳුළු ගෑස් ගහන්නේ මොකටද? අපක්ෂපාතීව හිතන්න පුරුදු වන්න. (නි)
මට මැවිලා පේනවා කැරලි මර්ධන හමුදාව, ජල ප්‍රහාරක ට්‍රක්, කඳුළුගෑස් හා කුළුපොලු ගත් පොලිස් භටයින්, බැරියර් එකට පිටින් ඉන්න හැටි. (ම)
ධම්ම, මේ ළමයි අපේ අය වගේ නෙමෙයි. ඉතා විනීතව පාරේ අයිනේ ඉන්නේ. ඒ නිසා ඔය කියන දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. (බ)
මෙහෙ වතුර බව්සර් ටික ගියාද? (ම)