යාපනය, විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ සිසුවා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා අද (17) ගියේය.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අතර ඇති වු ගැටුමෙන් බරපතල තුවාල ලැබු සිසුවා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පෙරේදා (16) කොළඹ ජාතික රෝහලට මාරු කැරිණි.
කුරේ මහතා සිසුවාගේ මව්පියන් සමග ද සිසුවාගේ සෞඛ්‍ය තත්ත්වය සාකච්ජා කළේය.
සිසුහු 25 දෙනෙක් පමණ මේ ගැටුමෙන් තුවාල ලද සිවු දෙනෙක් යාපනය මූලික රෝහලට ඇතුළු කරනු ලැබූහ.


COMMENTS
මමත් උඩවත්තගේ අදහසට එකඟයි. යුද්ධ කාලේ පවා අපි ඔවුන්ව ආරක්ෂා කළා. ඔවුන්ට සරසවිය ඇතුළේ නිදහසේ ඕනෑම දෙයක් කරන්න ඉඩ තිබුනා. මේක මේ විදිහට දිගටම ගියොත් රටේ සාමකාමී වටපිටාවට බලපානවා. මේ වගේ දේවල් පසුපස ඉන්නේ කවුද කියලා හොයාබලා ඉක්මන් පියවර ගත්තොත් වැඩිය හොඳයි (නි)
ලංකාවේ සිංහල මිනිස්සු වෙසෙන දකුණු පළාත්වල විශ්ව විද්‍යාල වල යුද්ධ කාලෙත් දෙමළ ළමයි ඉගෙනගත්තා. කිසිම ප්‍රශ්නයක් වුණාද? (නි)
අන්තරේ කට්ටිය කෝ? ජේවීපී එකේ කට්ටිය, පෙරටුගාමියෝ කෝ? (නි)
සාකච්ඡා මාර්ගයෙන් යහපත් ආකාරයට මේ ප්‍රශ්න විසඳාගන්න බලන්න (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේවට කවුද වගකියන්නේ? (නි)
මේ ප්‍රශ්න දුරදිග ගෙනියන්න නම් එපා (නි)
මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වියයුතුව ඇත. (නි)
සිසුවාගේ නමත් දාන්න අපිට දැනගන්න (නි)
සුළු පිරිසකගේ මෙවැනි ක්‍රියා වලින් බහුතරයකගේ සමගිය බිඳිය නොහැක (නි)
මේ සිදුවීම අනෙත් පාර්ශ්වයට වුණානම්, ඔවුන් එය ජාත්‍යන්තරයට රැගෙන ගොස් සෑහෙන ඝෝෂාවක් කරනු ඇත. (නි)
නැවතත් ඒ අඳුරු යුගය පැමිණෙයිද?
මට නම් මේ දේවල් ගැන හිතට බයක් දැනෙනවා (නි)
පටන්ගත්තා විතරයි. ඔබට සතුටුයිද දැන්? (නි)
අපි එදා ඉඳලම සමගියෙන් සාමයෙන් එකම රටක ජීවත්වෙන්න උත්සාහ කරපු පිරිසක්. නැවත රට විනාශකර යමකට කත්අදින්න යමෙකු කුරුමානම් අල්ලනවා නම් ඒ ඔවුන්ගේ විනාශයයි කියන එක මතක්කරගන්න (නි)
බලන්න ගිහින් විතරක් වැඩක් නැහැ. වහා විසඳුමක් දෙන්න (නි)
ඇත්ත නැත්ත බලධාරීන් විසින් හෙළිකළ යුතුය. කොටියා අාවෝ අාවෝ කියලා බොරුවට බෙරිහන් දීලා ඇත්තටම කොටිය ආපුදාට තේරෙයි (නි)
බලන්න ගියාට වැඩක් නෑ. මේ සිද්ධියට සම්බන්ධ වූ අයට දඩුවම් දිය දෙන්න.(හේ)
රට කට ගිය කලක්.... (ම)
මොන දේ සිද්ධවුණත් නැවත රටට අනවශ්‍ය ප්‍රශ්න වලට නම් මුහුණදෙන්න වෙන්න එපා (නි)
සැබවින්ම විශ්ව විද්‍යාලවල නවක හමුවලදී ( මෙයට පාලකයෝ කියන්නේ නවකවදය කියලයි) ජ්‍යෙෂ්ඨ සාධාරණ සමාජයක් සඳහා ශිෂ්‍යයන්ගේ වගකීම් කියලා දෙනවා. එවිට දෙමළ සිංහල ඔක්කොම එක කොඩියක් යටතේ සාධාරණය වෙනුවෙන් සටන් කරනවා. (හේ)
ඉවසීමෙන් බලාසිටිනවා හැරෙන්න වෙන කළයුතු දෙයක් නැත (නි)
ඔබට සතුටුයිද දැන් (හේ)
කොන්දක් නැති පාලකයෝ (හේ)
දැන් මොකක්ද මේකට දෙන විසඳුම? (නි)
මහින්දගේ පාලන කාලයේ මේවා නෑ (හේ)
මේවටද සහජීවනය කියන්නේ? මේවට වගකියන්න ඕනෑ කවුද? අපෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා (නි)
මේ අයට මේ තැන් වලට යන්න විතරයි දන්නේ.(හේ)
දෙමළ සිසුන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සිංහල සිසුන්ටද ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව අපගේ වැටහීමයි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී යාපනයේ සහ වවුනියාව මණ්ඩපයේ සිංහල සිසුන්ගේ ආරක්ෂව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු. (නි)
මේ පිළිබඳව ඉක්මනින්ම සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොකළ හොත් මෙවන් සිදුවීම් ගණනාවක අවසාන ප්‍රතිපලය නැවත ජාතිවදී අරගල ඇතිවීමයි.(ම)
"අනේ! අපිම අපිට ගහගත්තා කියන්න". මොකද දැන් අපිට සහජීවනය තමා ඕනෑ. (නි)
දැන් තියෙන්නේ යහපාලනයනේ. ඒකෙන් මේකට හොඳ විසඳුමක් ලැබෙයි (නි)
රටක නීතියක් නැතිවුණාම ජාති වාදියෝයි, ආගම් වාදියෝයි පාලුගෙවල්වල වලන් බිඳිනවා. ඔය සිංහල දෙමල කතා පැත්තකට දාල ලාංකීය ජාතියක් විදිහට ගෝලීය අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද කියල හොයමු. දමිල සහෝදර වරු තේරුම් ගන්න ඕනි මේ රටේ බහුතරයක් සිංහලයෝ ඉන්නේ ආදී උරුමයක් තියන නිසා. තමිල් නාඩුවට ගිහින් අපි කෑල්ලක් ඉල්ලුවොත් කොහොමද? සිංහලයොත් සුළුතර ජාතින් ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනි. ඒ උරුමයට අභියෝග කරන්න බැරි බව ඉතිහාසය පුරාම ඔප්පුවෙලා තියනවා. (අ)
මෙම සිද්ධියට සම්බන්ධ සරසවි සිසුන් අත්අඩංගුවට නොගන්නේ මන්ද? (නි)
කෝ දැන් මහා ලකු ශිෂ්‍ය සංගම්? ඇයි මේවට සද්ධ නැත්තේ.? (ර)
අර කැටපත් පවුර විනාශ කරපු කෙනාට සමාව දුන්න සහජීවනේ පෙන්වන්න.මේකටත් ඒකම කරාවී! (බ)
අපි මේ පහරදීමේ ක්‍රියාව තරයේ හෙළාදකිනවා (නි)
යහපාලනය දැන් රටේ දෝරේ ගලනවා (නි)
නිවටයෝ දුටු තැන එළුවොත් රැවුල වනනවලුනේ. හමුදාව ඉවත් කරන්න. ඔක්කොම හරියයි
මේක කොළඹ විශ්ව විද්‍යාල වල ඉන්න, උතුරෙන් ආ අයට වුණා නම්, මගේ අම්මෝ බලන්න තිබුණා දේශපාලකයෝ, එන් ජි ඕ සහ තානාපති කාර්යාල වල සද්දේ. සහජීවනය කියන්නේ ගහන්න ගහන්න ඔලුව නවන එක නොවේ. (නි)
මම නම් මොකුත් කියන්නේ නැහැ. සහජීවනය බිඳෙයිද කියා බයයි (නි)
මේවා කෙසේවෙතත් අපිට සැකයි මෙයට සම්බන්ධ කිසිම කෙනෙක් හෝ අත්අඩංගුවට ගනියිද කියලා. ලංකාවේ සිංහල මිනිස්සු වෙසෙන දකුණු පළාත්වල විශ්ව විද්‍යාල වල යුද්ධ කාලෙත් දෙමළ ළමයි ඉගෙනගත්තා. කිසිම ප්‍රශ්නයක් වුණාද? අපි මහා ජාතිය වුණ නිසාම උපන් රටේ අනාතයෝ වෙලා. (නි)
බලන්න ගිහින් විතරක් මදි. ඉදිරියේදී ඔවැනි දේ සිදුවිමට ඉඩ නොතැබිය යුතුයි. (නි)