යාපනය අර්ධද්වීපයේ වැසියන්ට ඉදිරි වසර පහ ඇතුළත පිරිසිදු පානීය ජලය වෙනුවට මුහුදු ජලය පානය කිරීමට සිදුවන බවටත්,ඇතැම් විට යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවිය හැකි බවටත් විද්‍යාඥයින් පිරිසක් විසින් අනතුරු අඟවති.
විද්‍යාඥයින් විසින් සිදු කොට ඇති මෙම අනතුරු ඇඟවීම පිළිබඳව උතුරේ ජනතාව දැනුම්වත් කරන උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්කරනේෂන් පවසන්නේ යාපනයේ ජනතාව පරිසරයට මීට වඩා ආදරය කළහොත් මෙම අර්බුදයෙන් බේරිය හැකි බවයි.
යාපනයේ පිහිටි භූගෝලීය විෂමතාවයක් හේතුවෙන් ගොඩබිම මුහුදට සෝදාගෙන යාහැකි බව පවසන කෘෂිකර්ම අමාත්‍යවරයා ඉන් ආරක්ෂාවීමට හැකි ක්‍රමයක් වහාම සෙවිය යුතුව ඇතැයිද පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති භූගෝල විද්‍යාව පිළිබද මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා කියා සිටියේ යාපනය අර්ධද්වීපයට සිදුවන මෙම හානිය දැනටමත් ආරම්භ වී ඇති බවයි.
යාපනය පුරාම ඇති හුණුගල් තට්ටු ජලය සමග දියවී යාමත් සමගම විශාල ඇළි හෑරී එම ඇළි මුහුදට විවෘතවීම නිසා ජලය සමග මුහුදු ජලය මිශ්‍රවන බව කී මහාචාර්යවරයා ජනතාව භූගත ජලය වැඩිවශයෙන් ප්‍රයෝජනයට ගන්නා තරමට ඒහා සමානව මුහුදු ජලය සාමාන්‍ය ජලය සමග මිශ්‍රවන බවද සදහන් කළේය.
අතීතයේදී යාපනයේ වැසියන් ආඩියා මැනීමේ ළිං ක්‍රමයට අයත් ජලසම්පාදන ක්‍රමයකින් ජලය ලබාගත් අතර එම ක්‍රියාවේදී නිතරම ජලය කැළඹීමක් සිදුවූ බැවින් ජලය පිරිසිදු වූ බව පෙන්වාදුන් එපිටවත්ත මහතා මෙම අවදානමෙන් යාපනයේ වැසියන් ආරක්ෂා කරගැනීමට කළ හැක්කේ ජනතාව ප්‍රයෝජනයට ගන්නා ජල ප්‍රමාණයට සරිලන ජල ප්‍රමාණයක් පිටතින් සපයාදීම බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස් වසරක් සටන් කෙළේ මුහුදු වතුර බොන්දද (ම)
කඩොලාන පරිසර පද්ධතිය රැක ගත යුතුය (කෞ)
මේ පරිහානිය ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ දෙයක් නෙමෙයි. විද්‍යාඥයින් දැනටමත් පවසා ඇති අන්දමට, තව වසර කිහිපයකින් මාලදිවයින් දූපත් ලෝක සිතියමෙන් සැඟවී යනවා. අපේ රටට මෙහෙම දෙයක් සිදුවෙනවා කියන එක ඇත්තටම කණගාටුදායක ආරංචියක්. කොහොමද මෙය නවත්වන්නේ? ඒකට දැනටත් පමාවුණා වැඩියි නේද? (නි)
යාපනයේ භූගත ජලයට කරදිය මිශ්‍රවීම දැනට බොහෝ කාලයකට පෙර සිටම සිදුවීමට පටන්ගෙනයි තිබුනේ. වේගවත්ව වගාවන් සඳහා භූගත ජලය ලබාගැනීම නිසා ඒවායේ ඇතිවන හිඩැස පිරවිමට කරදිය කාන්දු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කලින් පානීය ජලය ලබාගත් ළිං වල ජලය ඒ සඳහා භාවිතයට ගත නොහැකිවී තිබෙනවා. (නි)
ඇත්තටම ගමගේ දන්නා දේවල්. මට ඔය අදහස ආවේ නැහැනේ. (නි)
මොකක්ද මේ හදිසියේ සිදුවෙන වින්නැහිය? (නි)
මුහුදු වතුරෙන් යාපනය යටවන්නේනම් මුහුදු වතුර බොන්න වෙන්නේ නැහැ. මන්ද එය මුහුදක් බැවින් එහි වාසය කිරීමට නොහැකි නිසයි. (ම)
කඩොලාන පරිසර පද්ධතිය රැක ගත යුතුය (බ)