කොළඹ යාපනය අධි සුඛෝපභෝගී බස් රථයක් කනගරායම්කුලම කුරිච්චුට්ටාන්හිදී අද අලුයම 3 ට ගිනිගෙන මුළුමනින් විනාශ විය.

බසයේ මගීන් 45 දෙනකු සිටි නමුත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැතැයි කනගරායම්කුලම් පොලීසිය කියයි.මගින්ගේ ගමන් මලු බොහෝමයත් ගින්නට හසු වී ඇත.