නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ඖෂධ යැවීමේ නිරත වූ බව කියන ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ඇතුළු තිදෙනකු තමිල්නාඩුවේදී ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.
යාපනයේ පදිංචි රාජා ගෝපාලන් සහ මුරුගන් නමැති දෙදෙනෙක් අත්අඩංගුවට පත්වූවන් අතර වෙති.
තමිල්නාඩුවේ රාමේෂ්වරම් නුවර වීතෙලෙයි සිට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා ඖෂධ තොගයක් බෝට්ටුවකින් ලංකාවට යැවීමට කටයුතු කරන බවට රාමේෂ්වරම් පොලීසියට ලැබුණු ඔත්තුවක් අනුව වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනෙත් තමිල්නාඩුවේත් විතරක් නොවෙයි කොළඹ පැත්තෙත් ඔය ජාවාරමට සම්බන්ධ ලොකු ලොකු කෙරුම්කාරයෝ සිටිනවා. ඒ හොරෙන් ගෙනෙන බෙහෙත් නැත්නම් ශල්‍යකර්ම පවා අත්හිටුවන හෝ පමාකරන පිරිස් පවා සිටිනවා. මේ සෑම කෙනෙක්ම අත්අඩංගුවට ගන්නාමෙන් ඉල්ලා සිටිනවා. (නි)
ඔය එන්නේ අර "එක්ටා" වල මුල් කොටස වෙන්න ඇති. (නි)
මේවට නිශ්ශබ්දව ඉන්න එකයි නුවණට හුරු (නි)