කටාර් ඩියුටි ෆ්‍රී සහ යුනියන්පේ ඉන්ටර්නැෂනල් ගනුදෙනුකරුවන්ට හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලට ගැනීමේදී දැන් සියයට 10 ක වට්ටමක් හිමිවන අතර එය ඔක්තෝබර් 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව යුනියන්පේ ඉන්ටර්නැෂනල් කාඞ්පත් හිමියන්ට කටාර් තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් ඉහත වට්ටම සහිතව ප්‍රමුඛ පෙළේ විලාසිතා නාමවලට අයත් නිෂ්පාදන සහ ප්‍රනීත ආහාර පාන මිලට ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ලෝකයේ හොඳම තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ලෙසින් හැඳින්වෙන කටාර් තීරුබදු රහිත සාප්පු සංකීර්ණය වර්ග මීටර් 40,000 ක භූමි ප්‍රදේශයක් පුරා විසිරී ඇත.
කටාර් ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණය පිහිටි හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2016 ස්කයිට්‍රැක්ස් ලෝක ගුවන් තොටුපොළ සම්මාන උළෙලේදී සාප්පු සවාරියේ යෙදීම සඳහා වන ලෝකයේ පස්වැනි හොඳම ගුවන් තොටුපොළ ලෙසින් සම්මානයට පාත්‍ර විය. “අපේ ගනුදෙනුකරුවන්ට මෙවැනි ප්‍රතිලාභයක් ලබාදීම සඳහා යුනියන්පේ ඉන්ටර්නැෂනල් ආයතනය සමග අත්වැල්බැඳගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත්වෙනවා. අපේ ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ලබාදිය හැකි ක්‍රම සෙවීමට අපි නිරන්තරයෙන්ම කැප වෙනවා. ඒ වගේම තමයි අපි ඔවුන්ට කටාර් තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේදී සැමදා මතකයේ රැඳෙන සාප්පු සවාරි අත්දැකීමක් ලබාදෙනවා” යයි කටාර් ඩියුටි ෆ්‍රී හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලුවී ගැසෙට් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd