අතුරුදන් වූ යානය සොයන ඕස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ දැන් තමන් සිදුකරමින් තිබෙන මෙහෙයුම යානයේ සිටි මගීන් ගලවා ගැනීමේ මෙහෙයුමක් විය හැකි බවයි. ඒ සදහා යුද ගුවන් යාන පහක්, පර්ත් නගරයේ සිට පිටත්කර හැර තිබේ. ඔරියන් නමැති ගුවන් යානය දෙවන වතාවටත් අද හදුනාගත් ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතුවල යෙදෙමින් සිටියි. තවත් රවටල් 20කින් ගුවන් යානා 29ක්, නැව් 21ක් හා හෙලිකොප්ටර් යානා 06 ක් ගවේෂණ කටයුතු සදහා යොදවා ඇත.
චීනය ද අයිස් කඩන නැව් 04ක් හා අමතර යාත්‍රා 03ක් යොදවා ඇත. ඉක්මණින් පහත් ස්ථාන වෙත ලගා විය හැකි ඇමෙරිකා නාවුක ගුවන් යානයක් විසින් දිය යට ඇති වස්තූන් හදුනාගත හැකි සෝනාර් බෝයාවන් අතහැරීම ද සිදුකරයි.
ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබොට් පවසන්නේ කාලගුණය යහපත් වුවහොත්යම් ප්‍රගතියක් අත්කැර ගැනීමට ඉඩ තිබෙන බවයි. කෙසේ වෙතත් පසුගිය දා ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා ප්‍රකාශ කැර තිබුණේ චන්ද්‍රිකා ඡායාරූපයකින් ඉන්දියන් සාගරයේ දකුණු කොටසේ පාවෙන යම් වස්තුවක් සොයා ගත හැකි වූ බවයි. එය ඇතැම් විට නැවකින් ඉවත දැමූ කන්ටේනරයක් විය හැකි බව ද බලධාරීන්ගේ මතය වී තිබේ. කෙසේ වෙතත් එවැනි දෙයක් මෙතෙක් සොයාගෙන නැත.
පර්යේෂණ කටයුතු සදහා අති නවින රාෆ් ඔරියන්ස් නමැති යානා දෙකක් යොදා ඇත. එහි නිලධාරීහු 14ක් සිටිති. මේ යානාවල ඇති විද්‍යුත් ධ්වනි උපකරණ මගින් නිකුත් කරන සංඥා යම් වස්තුවක වැදුණු විට එය හසුකර ගැනීමේ හැකියාවෙන් යුක්තය.
පාවෙන යමක් දුටුවා යැයි කියන ප්‍රදේශයේ මුහුදේ ගැඹුර කිලෝ මීටර 3 ක් පමණ වේ. ලෝකයේ පිළිගැනීම වන්නේ මේ ප්‍රදේශය පෘතිවියේ වඩාත්ම දරුණු, කුණාටුවලින් බහුල හුදකලා වූ ප්‍රදේශයක් බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන්යානය පිළිබද තව විස්තර පලකරන්න.(නදී)
යානය හොයාගන්නෙවත් නැතුව නැතුව කොහොමද මගීන්ගේ ජීවිත බේරාගන්නේ.(නදී)
ටෝනි අබේට් කාරයට තියෙන අමාරුව මේ නැතිවෙච්ච යානය ගැන, මලයාසියාව වත් මෙච්චර දඟලන්නේ නැහැ.(නදී)
මටනම් හිතෙන්නෙ මේකෙ මොකක් හරි රහසක් තියෙනව කියලා. නැතිනම් මුහුදු පුදේශයකට යානය වැටුනොත් කොහොමද මගින් බේරගන්නෙ.(නදී)
අර චන්දරසිරි බණ්ඩාර උන්නැහේ අනාවැකි කියල තිබ්බේ. දවස් 14 කින් හම්බ වෙනවා කිව්වේ? කෝ ඉතින්? (නදී)
ඇමරිකාව,ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් වලට බනිනවා ,නමුත් ප්‍රස්නයක් වුනහම උදව් කරන්නෙත් ඒ රටවල් තමයි. ලංකාවට සුනාමි අපු වෙලාවෙත් වැඩිපුරම උදවු කලේ මේ රටවල්.(නදී)
සියලු දෙනාම යහතින් ඇති ''ඉක්මනින් සොයා ගැනීමට ලැබේවා'' කියා ලොව පාලනය කරන්නාවූ හැම දෙවි කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිමි...!! හැරිසා මෑණියනේ මේ අසරණ මිනිසුන්ට පිහිටක් වුව මැනවි'' (නදී)
කොහොම උනත් මේ නම් හොයන්නේ ගුවන් යානය වෙන්න බැහැ. මෙයාලම මේක හංගල නැත්නම් මේ අවස්ථාව පාවිච්චි කරලා මේ කලාපය ගෙන ස්වබාවික සම්පත් ගැන හොයනවා ඒකයි ඉන්දියාව ඉඩ නුදුන්නේ මේකට.(නදී)
යානය මුහුදට වැටුනානම් කොහොමද මගීන්ගේ දුරකතන රින්ග් වෙන්නේ පේස් බුක් ඔන් ලයින් ඉන්නේ.(නදී)
ලෝකය දෙවියෙක් පාලනය කරනවානම් නැතිවෙන්න ඉස්සර බේරගන්න තිබුනනේ.(නදී)
හේලි ඔබ ලෝක පුවත් හරියට කියවලා නැති බව පේනවා. ඔස්ට්‍රේලියාව හරිම මිත්‍රශීලී රටක් .ලෝකයේ මොන රටකින් වුනත් උදව් ඉල්ලුවොත් ඉදිරිපත් වෙනවා. අපිට ජිනීවා චෝදනා වලදී පවා සහය දෙන්න ලැස්ති වෙලා ඉන්නේ. දැන් ඉතින් ඔබට අහන්න තියෙන්නේ ඔස්ට්‍රේලියාව මොන අමාරුවටද අපිට ජිනීවා වලදී සහය දෙන්නේ කියලා.(නදී)
මෙතන අපිට නොකියන ලොකූ අභිරහසක් තියනවා. මැලේසියාව ගුවන් යානය ගැන මුලින් වැඩිපුර උනන්දුවක් පෙන්නුවේ නෑ. මෙච්චර දියුනූ ලෝකෙ ගුවන් යානයක් අතුරුදහන් කරන්න පුලුවන්ද 10 දෙනෙක්ටවත් එකතු වෙලා. මෙතන ලොකූ ටීම් ගේම් එකක් යන්නේ.(නදී)
හේලි,ඔබ නොදන්නවට ඕස්ට්‍රේලියා අගමැති ටෝනි අබට්ට මේ යානය හොයාගන්න තියෙන අමාරුව තමයි, ඕස්ට්‍රේලියානු පුරවැසියන් හය දෙනෙකුත් මේ යානයේ ගමන් ගැනීම. ඕස්ට්‍රේලියාව සැම විටම යම් කිසි රටක් කරදරයකට පත්වූ විට එම රටට උදව් කරන රටක් බව මතක තියා ගන්න. අපේ රට පත්වූ සුනාමි අනතුර වෙලාවේ ඔස්ට්‍රේලියාව අපිට මොනතරම් මානුෂිය ආධාර කලාදැයි මතක් කරගන්න.(නදී)
ගුවන් යානා වල ඇති කළු පෙට්ටිය ඕස්ට්‍රේලියාවේ නිර්මාණයක්.(නදී)
හේළි, මට පුදුමේ ඔයාලගේ හිතන විදිහ. ඕස්ට්‍රේලියාව සැම විටම තමන්ගේ පුරවැසියන් ගැන සිතනවා.(නදී)
චමත් වෙත, කළු පෙට්ටිය තැඹිලි පාටයි. මේකට කළු පෙට්ටිය කිවුවේ හදපු කාලේ මෙය කළු පටින් යුක්ත වූ නිසා. නමුත් ගුවන් යානය අනතුරට පත් වුවහොත් කළු පෙට්ටිය කළු නිසා සොයාගැනීමට ඇති අපහසු තාවය මගහැරගැනීම පිණිස මෙය දැන් ඉතා දීප්තිමත් තැබිලි වර්ණයෙන් යුක්තයි.(නදී)
මෙහෙම හොයන කොට උපාලි ගේ යානයත් හම්බවෙයි නේද? (නදී)
ඉන්දික සුනාමි ආදර ලංකාවට දුන්න ඒවා වැඩිහරියක් කාගේ ගිනුමටද ගියේ කියල ඔයා අහල නැද්ද. ඔයා නොදන්නවා වුනාට සුනාමි වෙලේ කැනඩාව,ඇමරිකාව,ඔස්ට්‍රලියාව,වගේ රටවල් වලින් ඇවිත් ලොකු සේවයක් කලා.(නදී)
කියන්නා කෙසේ වෙතත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි.(නදී)
රටක දෙයක් සොයනකොට සමහර අයට ඇසට කටු වගේ නේද? මිනිසුනට ලෝකයම ඉදිරිපත් ව වචනයකින් හරි සහය වන අවස්තාවක ඔබ වගේ අය මීට වඩා බුද්දිමත් ව සිතන්න. මෙම අවස්ථාව මානුසික මෙහෙයුමකි.(නදී)
රජින්ද, ඔයාට අමතකද ලෝකේ ලොකුම ගලවාගැනීමේ මෙහෙයුම කරේ ලංකාවේ උතුරු ප්‍රදේශයෙන්, ලක්ෂ 3ක් බේරගත්ත. (අ)
රොෂාන් ප්‍රනාන්දු, සුනාමි වෙලාවේ ඒගොල්ලෝ කරපු ලොකු උදව්වක් නැහැ. ආධාර පොරොන්දු වෙච්ච හුඟක් හම්බ උනෙත් නැහැ. දුන්න සමහර බෙහෙත් උනත් කල් ඉකුත් වෙන්න කිට්ටු ඒවා. එහෙම තමයි ඒගොල්ලෝ උදව් කරන්නේ. දැන් උනත් ඒගොල්ලෝ ගුවන් යානය හොයනවට වැඩ වෙන වැඩ ඇති. හොඳ අවස්ථාවනේ මෙපැත්තේ කැරකෙන්න හම්බුනේ. (අ)
ඔස්ට්‍රේලියාව ට ඇනුම් පද කියන උදවිය හිතන්න තමන්ගේ කෙනෙක් මේ යානාවේ හිටිය නම් ටෝනි ඇබට් ගේ කකුල් දෙක අල්ලලා වැඳලා හරි හොයා ගන්න උදව් කරන්න කියන්නේ නැද්ද කියලා. අපේ රට තවමත් පසුගාමී වෙලා තියෙන්නේ වෙනත් රටවල් වලින් කරන හොඳ වැඩ අගය කරනවා වෙනුවට දේශප්‍රේමයක් මතක් කර කර බනින එක. ඔස්ට්‍රේලියාව කියන්නේ තමන්ගේ පුරවැසියෙකුට අලකලංචියක් වුනාම රටේ ඉහලම ලොක්ක ගේ ඉඳල පාර අතු ගැන කෙනා දක්වාම තමන්ගේ යුතුකම අකුරටම ඉටු කරන රටක්. අපේ රටේ අය ඔය යානාවේ හිටිය නම් කියාවි අනේ එයාගේ කරුමේ අපි කියල මොනවා කරන්න ද කියල . මේක තමා තිත්ත ඇත්ත. (දී)
මේක මානුශික මෙහෙයුමක් නෙමෙයි මේක පැහැදිලිවම යුදහමුදා මෙහෙයුමක්. මොකද 1.33නට අතුරුදහන් උන යානය මැලේසියානු හමුදාවෙ රෙඩාර්වල 2.15 සටහන්වෙලා තියනව ඒත් මේගොල්ලො ඒක ලොකයට හෙලිකරන්නෙ දවස් දෙකකට පස්සෙ. අනික අඩි 5000ක උසකින් ඔච්චර දුරක් පියාසර කරද්දි පැහැදිලිවම ආරක්ෂක අංශවල රෙඩාර්වලට අහුවෙනව. ඒකියන්නෙ මේක දැවැන්ත මෙහෙයුමකඅවසාන ප්‍රතිපලයක් විතරයි.මේඅවස්තාව බාවිතාකරල ලොකයේ මුහුදෙන් 10/1 ක් අගලක් නැරම පරීක්ශාකරල තියනව. මේ යුදමයවශයෙන් අති විශාල වටිනාකමක් තියන තොරතුරු. මේවල දකිනවට වඩා ලොකු ගැබුරක් තියනව. ලොකයේ බලවත් රටවල් සහ ඔත්තුසේවා පවත්වාගෙන යන රහසිගත ගුවන්පත පාලන මධ්‍යස්තාන වගේම තවත් දේවල් තියනව. අපේ රටෙත් අපේ කට්ටිය නොදැන ඒවගේ තැන් පැහැදිලිව තියනව. අපි මිටවඩ දුරබැලිය යුතුයි (අ)
භානු ගේ කතාව ඇත්ත. (දී)
හොයන්නේ වැරදි තැන් වල .මේක බොහෝ දුරට අෆ්රිකා වල තියෙන්නේ .නැගෙනහිර අෆ්රිකා ප්‍රදේශයේ සෝමාලියානු කලාපය බොහෝදුරට ලෝකය සමග සම්බන්දකම් අඩු ඒ වගේම ජනගහනය තොර කාන්තාර ප්‍රදේශ. යානය පසුව වෙනත් අරමුණක් සදහා සගවා තැබුවා වෙන්න පුළුවන්.මෙම කලාපයේ දුපතක් වෙන්නත් පුළුවන්.මුහුදේ විතරක් සොයන එක හරි නැ. (ස)
භානුගේ කතාව සහතික ඇත්ත.(නදී)
අපි බලමු මොකද වෙන්නේ කියලා. නමුත් මේ එක නෝනා කෙනෙක් යදින හැරිසා මෑණියන් කොහෙද ඉන්නේ. නිකන් අන්ද මත ඉදිරිපත් නොකර නිවැරදි දේ බුද්දීයය මෙහෙයවා අර පරිස්සමෙන් ගලපනවා නම් වටිනවා.(නදී)
හේලි ටෝනි ඇබට් හෝ කවුරු හෝ මේක හොයාගන්නවනම් ලොකු දෙයක් නේද? අනතුරට පත් වුවන්ගේ පවුල් බල ඉන්නවා නේද?? (අ)
කෝටි ගානක් වියදම් කරලා ලංකාවෙන් ඇරපු චන්ද්‍රිකාවට මොකද වුනේ? (නධී)
මත්තලවත් හංගලද බලන්න.(නදී)
මහජන මුදල් කෝටි ගානක් වියදම් කරලා රෝහිත පුතා ලංකාවෙන් ඇරපු චන්ද්‍රිකාවට මොකද වුනේ? (අ)
මලයාසියාවේ විපක්ෂ නායකයාව හිර කරලා කියලා අන්තර්ජාලයේ කියනවා. ඔය ගුවන් නියමුවා විපක්ෂ නායකයාගේ පාක්ෂිකයෙක් නිසා ගුවන් යානය ඉස්සුවා කියලත් හිතෙනවා.(නදී)
ඇමෙරිකාව හොයන්නේ නම් ගුවන් යානය වෙන්න බැහැ. අපි නොදන්න ඇමෙරිකාව.(නදී)
මානව වංශ කතාවේ එදා මෙදාතුර සිදු කරන දැවැන්තම ගලවා ගැනීමේ මෙහෙයුම වන්නේ මෙයයි. රටවල් 20කටත් අධික සංඛ්‍යාවක් දිවා-රෑ අඛණ්ඩව දින 13 ක් වෙහෙසෙන දැවැන්ත කාර්යක් බව අවිවාදයකින් යුතුව පිළිගත හැක. කෙසේ හෝ මේ හදුනාගත් කොටස එම යානයේ නොවේවා කියා ප්‍රාර්ථනා කරන අතර 239ක් වන සියලුම මිනිසුන් නිරුපද්‍රිතව හමුවේවායයි එක සිතින් පතමි.(නදී)
කළු පෙට්ටිය මොන පාටද මට කියන්න.(නදී)