මලයාසියා යානයට රුසියා බෙදුම්වාදී කැරළිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයක් එල්ල වන්නට ඇතැයි යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි. යානය අඩි 33,000 ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබිය දී මේ ප්‍රහාරය එල්ලවන්නට ඇතැයි ද කඩා වැටුණු යානයේ සිට දිවිගලවාගත් අයකු ගැන මෙතෙක් කිසිදු තොරතුරක් නැතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. දින කිහිපයක් තිස්සේ රුසියා යුක්රේන දේශසීමාව ආසන්නයේ දී යුක්රේන ගුවන් හමුදා යානා කිහිපයක් පසුගිය සතියේ කඩා වැටී තිබිණි. මලයාසියා ගුවන් සේවය පවසන්නේ යානයේ මගීන් 280ක් හා කාර්ය මණ්ඩලය 15ක් සිටි බවයි.
(සජීව විජේවීර)
යානයට ප්‍රහාරය එල්ලවන්නට ඇත්තේ මැවනි මිසයිල විදිනයකින් යැයි විශ්වාසයක් පවතී

ප්‍රහාරයට ලක්වී කඩා වැටුණු යානය













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් දෙයක් වුණාමයි කියමුකෝ. ඒ ගුවන් යානයේ කොටස් කෝ එතකොට? මේක ඇමරිකාව කරන බොරුවක් කියලයි මට නම් හිතෙන්නේ. අඩුම තරමින් මුහුදට වැටුනා නම් තෙල් පහරක්වත් තියෙන්න ඕනෑ (නි)
හපොයි! දැන් හැමතැනම යුද්ධ, යුද්ධ, යුද්ධ... මේවා කවදාද අවසන් වෙන්නේ? පොළොවෙන් කැල්ලක් අල්ලාගන්න මිනිසුන්ගේ තිබෙන තණ්හාව, දෙවියනේ! මැරෙනකොට ඔය පොළොව කොටස අරගෙන යන්නද අම්මපා! (නි)
ඇයි මේ මලයාසියානු යානා වලටම මෙහෙම වෙන්නෙ? මොකක් හරි කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් තිබිය යුතුයි කියලා හිතෙනවා. මොකද ආසියාවේ ඉදිරියෙන්ම ඉන්න ගුවන් යානා සමාගම තමයි මැලේසියන් එයාර් ලයින් එක. (නි)
හාල් මිල ආයෙත් වැඩි වෙයිද ? (නදී)
බොහොම ඛේදජනක පුවතක් (නි)
හරිම දුක්බරයි (නි)
එතකොට මේක MH 370 නෙමෙයිද? තවත් එකක්ද (නදී)
තමන්ට අවශ්‍ය ත්‍රස්තවාදය නැති කිරීමට සමහර ප්‍රබල කියාගන්නා රටවල් උපකාර කිරීමේ ප්‍රතිළුල තමයි මේ. කොටි ත්‍රස්තවාදය නැති කිරීමට එරෙහිව අවි අමෝරන රටවල් මේ ගැන කදුලු හෙලනවා. කොටි ත්‍රස්තවාදය නැති කිරීමට පෙර අප රටේ කොටියන් තැබූ බෝම්බ වලින් මියගිය අය, ඝාතනය කල අය, බස් බෝම්බ, දුම්රිය බෝම්බ වගේම ගුවන් යානා විනාශ කල හැටි ගැන අපට අමතක නැහැ. මෙවන් විනාශ කාරි ක්‍රියාකල සංවිධානයක් නැති කිරීම ගැන ප්‍රසංසාව වෙනුවට දණ්ඩණයට යටත් කරන්න හදන්නේ එය සමහර රටවලට අවශ්‍ය ත්‍රස්තවාදයක් නිසාද? අප ලියන කමෙන්ට් ඉංග්‍රීසියට පරිවර්තනය කරන අපට විරැද්ධව ක්‍රමන්ත්‍රණ තානාපති කාර්යාල වල කුලියට වැඩ කරන අයට මේවා ගැන කියලා දෙන්න. (නදී)
රුසියානුවන්ට මේවා සුළු දේවල්. (නි)
අහෝ දෙවියනි...!!! (නි)
මෙම අනතුර සහ BRICS සමුළුව අතර සම්බන්දයක් තිබිය හැකි බව මගේ පෞද්ගලික අදහස වේ. මෙහි අදහස් පල කරන බොහෝ දෙනාට දුර පෙනීම අඩු බව නම් පැහැදිලිය. (අ)
මේක ඉතාම අවාසනාවන්ත සිද්ධියක්. රුසියානු ආධාර උපකාර ලබන ගරිල්ලන් මේ මිසයිලය ගැසුවා කියන නිසා මුළු ලෝකයම රුසියාවට එරෙහිව නැගී සිටින තැනට කටයුතු යෙදෙනවා. නමුත් මීට පෙර ඇමරිකානු හමුදා මගින් පහරදී බිම හෙලු මගී ගුවන් යානා ගැන දැන් කාටත් අමතකයි. මේ සිද්ධියේදී මියගිය අය අතර ලෝකයේ ඒඩ්ස් රෝගය (එච් අයි වී වයිරසය ) ගැන පරීක්ෂණ පවත්වන ඉහලම විශේසඥයින් කිහිප දෙනෙකුම ඉන්නවා. ඔව්න් මෙල්බෝර්න් නුවර පැවැත්වෙන සමුළුවකට එන අතරමග මේ අවාසනාවන්ත මරණයට ගොදුරු වුණේ.ඒ හැර මේ ගුවන් යානය කේ එල් එම් එකත් එක්ක සමගාමීව ගිය යානයක් නිසා මැලේෂියන් වගේ ප්‍රශ්න තියන ගුවන් සමාගමක් එක්ක ගමන් නොකරන , වැඩි මුදලක් ගෙවා කේ එල් එම් එකෙන් ටිකට් ගත් අය විශාල සංඛ්‍යාවක් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා. (අ)
බල තණ්හාවේ අරගලයට මැදිවන අහිංසක ජීවිත විනාශ වීම කණගාටුවට කරුණක්. (නි)
ඉතාම කණගාටුදායකයි. මෙම අනතුරුදායක ගුවන් මඟ මලයාසියා යානය තෝරා නොගතයුතුව තිබුනා. (නි)
මෙවැනි දේවල් යළි නොවේවා කියන්නත් බැහැ, එහෙම නොකියා ඉන්නත් බැහැ. දෙවියන් වහන්සේටම බාරයි, කිසිදු දෙයක් නොදත් අහිංසක ජිවිත රකින්න (නි)
මේක ඇත්තක්ද? විශ්වාස කරන්නත් අමාරුයි (නි)
මේ වගේ දේවල් අහද්දී කළකිරෙනවා. මිනිස් ජීවිත නිකන් නාස්ති වෙනවා. තව ඉදිරියේදී මෙවැනි සිදුවීම් බහුල වෙයි. (නි)
අහිංසක ජීවිත! (නි)
මේ ගුවන් සේවාවට හරිම අපලයක්නේ! මොකද මෙහෙම වෙන්නේ? (නි)
දැන් මඟී ගුවන් යානා වල ප්‍රතිමිසයිල පද්ධති සවිකරන්න වෙයි (නි)
දකිනකොටත් බයයි (නි)
අනතුර සිදු උන ස්ථානයට ඇති දුරත් මුල් කාලයේ ලැබුණු සාක්ෂිත් එක්ක බලනකොට හිතා ගන්න බැරි දෙයක්. කොහොමත් කුමන්ත්‍රණයක් කියන එක නම් පේනවා. බෙදුම්වාදීන්ට උදවු කරන්නේ කවුද? (නදී)
ඩුබායි තිලක්ට දැන්නම් ඇත්තටම මර බිය හිතේ දරාගෙන තමයි ගුවන් යානයට නගින්න වෙන්නේ..මේ යන්තර කොයි වෙලාවේ බිම පත බෑවෙයිද කවුද දන්නේ. (නදී)
මෙම ගුවන් යානය බිම දමා ඇත්තේ රුසියාවේ නිෂ්පාදිත මිසයිලයකින් නම් තත්ත්වය දරුණු වීමට ඇති ඉඩ කඩ බොහෝයි. මෙම ගුවන් යානය සිය මංගල ගමන ආරම්භ කර ඇති බවට වාර්තා වන්නේ 1997 වසරේ ජුලි 17. අවසන් ගමන ගියේ 2014 ජුලි 17, එනම් වසර 17 කට පසුව. ගුවන් යානයේ අංකය MH17. (නදී)
ශානා, නිදාගෙනද නෑගිට්ටෙ. මොනවද කියවන්නේ (නදී)
බල අරගල ජාතිවාදී අරගල මේවා මෙහෙයවන්නන්ගේ වැඩ තමයි මේවා (නදී)
බන්දුලට නම් ඉතින් හීනෙන් හරි නගින්න තියෙන්නේ ගොනුන් බැඳී කරත්තයකට බව මෙතන හැමෝම දන්නවා. (නදී)
කලිනුත් කිව්වා බන්දුල පෙරේරා ලිව්වොත් ලියන්නේ මෝඩ අදහස්ම තමයි. එයා කියන විදියට සේරම ගුවන් සේවා නතර කරන්න වෙයි. ඇයි මේවා කොයි වෙලේ වැටෙයිද දන්නේ නැහැ කියලනේ එයා කියන්නේ. (නදී)
අඩි 33000 ක ඉදල වැටුන නම් මේක විශාල ප්‍රදේශයක පැතිරෙන්න ඕනේ. යානාව පොලවට ලඟින් ගිහින් වගේ. (නදී)
අහෝ කෙදවචකයකි. මෙවන් විපත් යලි නොමවේවා!!! මැලේසියන් යානා වලටම මේවා වෙන්න මොකද කියල සොයා බැලීම වැදගත්. යානයේ නියමුවා සමග කිසිදු කතාබහකින් තොරව මෙවන් දෙයක් කුමන රටකින් කලත් මෙය ගැන ජාත්‍යන්තර මට්ටමෙන් පියවර ගත යුතුමයි. (අ)
ශාන් සහ ගම්‍යා මොනවද මේ කියවන්නේ? (නදී)
දැන් ඉතිං අපේ අය කියයි මේ වගේ අනතුරක් වෙනවා කියලා මම කලින්ම කිව්වා කියා (නදී)
බල අරගල පවතින රටවල් උඩින් පියාසර නොකර විකල්ප ගුවන් මාර්ග තව කොතරම් තියනවද ? (නදී)
මේව මහ සහ ගහන අපරාධ. ඇයි මේවා මානව හිමිකම් කඩවීම් නෙවෙයිද? (නදී)
සිවිල් ගුවන් යානයකට මෙසේ පහර දුන්නා නම් කවුරු කළත් ඉතා නින්දිත ක්‍රියාවක්. මේ පාස්පොට් ටිකවත් ඉතිරි වී ඇත්තේ නොපිලිස්සුනු යානයේ බඳ කොටස නිසාවෙනි. වසරක් තුලදී මැලේසියා යානා දෙකක් විනාශයි. එකක් ආගිය අතක් නෑ. ජීවත අහිමි වු සැමගේ ඥාතින්ට තමයි දුක වේදනාව. මෙවන් අනතුරු නොවේවා මින්මතුවට.(නදී)
ඩිලාන්, ඔබ හරි (නි)
දැන්නම් ඉතින් ගුවන් යානා මත්තලින් ගොඩබෑවත් අපේ බත් කන අයට කියන්න දේවල් තියෙයි. (නි)
ටිකිරි බණ්ඩා කියපු දෙයක් වැරදිලත් නැහැ.වරදින්න කියලත් නැහැ. (නි)
මෙවැනි වියවුල් තිබෙන අවස්ථාවක,යුක්රේන් අභ්‍යන්තර ඇමතිවරයාට යුතුකමක් තියෙනවා ඒ ගැන ලොවට පෙර දැනුම්දීමක් කරන්න.මෙවැනි අනතුරු සහිත ගමන් මාර්ග වල වෙනස් කිරීමක් හෝ ගමන් වළකින ලෙස කියන්න. (නි)