අතුරුදන් වූ මැලේසියා ගුවන් යානයේ යැයි සිතිය හැකි කොටස් දෙකක් චන්ද්‍රිකා ඡායාරූපවලින් සොයාගෙන ඇතැයි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් මහතා කියා ඇත. ඔහු පවසන්නේ මේ කොටස් ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ දක්නට ලැබුණු බවයි. මේවා කවර ආකාරයක කොටස් ද යන්න මෙතෙක් හදුනාගෙන නැති බව ද ඕස්ට්‍රේලියාවේ අගමැති වරයා පවසයි.
ඔහු පවසන්නේ මේ ගැන තමන් විසින් මැලේසියානු අගමැති නජීබ් රසාක්ට දුරකථනයෙන් දැනුම් දුන් බවයි. ඕස්ට්‍රේලියාවේ යානා කිහිපයක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සදහා යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා විකාරයක් (අ)
අපේ රටේ කෙනෙකුත් කිව්වනේ දින 14 යානය හම්බ වෙනවා කියල. තව දින 2ක් ඉවසල ඉමුකො බලන්න (ත)
අන්තෝ ජටා. බහි ජටා. ඇතුලත් ගැට පිටත් ගැට. (ත)
ඕක ඇමෙරිකාවේ වැඩක් කියන එකට මාත් එකඟ වෙනවා. ඔය හිඟන්නෝ තමයි ඔය වගේ වැඩ කරන්නේ.(නදී)
මට නම් හිතා ගන්න බැ මොකක් වෙලාද කියලා. අපි හිතන තරම් දෙයක් වෙලා නැතුව ඇති සමහර විට , නේද ? (නදී)
පුටින් ඔයා හරි මේ යානය හොයන මුවාවෙන් ඇමරිකන්කාරයෝ අනිත් රටවල් සෝදිසි කරනවා.(නදී)
මම හිතන්නේ සෝමාලියාවේ ඇත්තේ. (ත)
තවත් බෝට්ටුවක්ද දන්නේ නෑ? (ත)
එහෙම වෙන්න එපා. කොහේ හරි ජීවත්ව සිටිත්වා. (ත)
ලෝකේ තාක්ෂණය මෙතරම් දියුණුනම් මේ යානය ගැන සොයා ගන්න බැරි ඇයි? (ත)
අහස් යන්තරේක තව කෑල්ලක් අයිස් ලන්තෙන් හම්බ උනොත් කියයි අහස් යන්තරේට ඇස්කිමෝල අයිස් ගහලා කඩන් වැටුන කියලා.(නදී)
ඉන්දීය සාගරයෙන් හමු වන කොටස් යානයේ කොටස් වෙන්න බැහැ මට හිතෙන්නේ මේවා සුදු වෑන් වල කොටස් .වෙන්න ඕනේ (දී)
මට නම් මේ යානය ගැන පුවත් අහලම එපා වේලා. හැමදාම කියන්නේ ස්තිර දෙයක් නොවෙයි. එකිනෙකට විරුද්ද පුවත්. (නදී)
හම්බ උනොත් හොඳයි. සාස්තරකාරයන්ට තමයි පාඩු වෙන්නේ.(නදී)
අනේ දෙවියනේ කොහොම හරි මෙය හොයාගන්ඩ ලැබේවා! (නදී)
තාම හරිම තොරතුරක් නැති එක හරිම දුකයි (දී)
පිස්සු හැදෙනවා දැන කියන නිව්ස් ඇහෙනකොට (අ)
කවුරු මොනවා කිව්වත් ඕක නම් අනිවාර්යෙන්ම ඇමෙරිකාවේ වැඩක්. (ත)
පිටසක්වල වැඩක්ද දන්නේ නෑ... (ත)
මේ වන විට ඇලුමීනියම් වලට විකුණලා උණු කරලත් ඇති.(නදී)
එක්කෙනෙක් කියනවා තායිවානෙ පැත්තෙ දැක්කලු, තව කියනවා ලංකාවෙලු, තව කෙනෙක් කියනවා ඉන්දියන් සාගරේලු.... මං කොහෙද දැක්ක සෝමාලියාවෙන් උස්සල කියලත්... පිස්සු හැදෙනවා මේ නිව්ස් අහලම.(නදී)