(අංජුල මහික වීරරත්න)
ධුර වලින් ඉවත් වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ඉල්ලා අස් නොවුණහොත් ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි සඳහන් කරයි.
ඊට අමතරව මෙම ආණ්ඩුකාරවරුන්ගේ වැරදි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කොට ආණ්ඩුකාරවරුන් චෝදනාවලට වැරදිකරුවන් ලෙස නම් කොට ඉවත් කිරීම, වෙනත් පුද්ගලයින් ආණ්ඩුකාර ධූරයන්ට පත් කිරීම සහ ඉවත්වන්නැයි දැනුම් දෙන ලද ආණ්ඩුකාරවරුන්ට මුදල් ප්‍රතිපාදන නොදීම යන ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.
ඉවත්වන ලෙස දැනුම් දෙන ලද අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වීමට සූදානමක් නැතැයි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බැවින් ඊට අදාලව ගත යුතු පියවර මෙසේ සාකච්ඡා කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
නැගෙනහිර, උතුර, සබරගමුව හා වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබිණි.
ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම උනත් එඩිතර තීරණයක්. යන්නේ නැතිනම් එළවා දැමිය යුතුයි.
මේ ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන් නියෝකරන්න ජනවරමක් නැති පින් ජනාධිපතිගේ බලතල මොනවද?
ආණ්ඩුකාරවරු නඩත්තු කරන්ඩ ජනතාවගේ බදු මුදල් කාබාසිනියා වෙනවා ඒ හැරෙන්ඩ අපේ රටට ආණ්ඩුකාරවරුන් ගෙන් ඇති වැඩේ මොකද්ද ?
They have been appointed by a people-voted President; what's the legality of advising 4 Governors to resign in a message from the Secretariat ? It doesn't seem no official letters have been served in this regard !
1994 ආණ්ඩුව පත්වුනාම සබරගමුවේ හිටපු ආණ්ඩුකාරවර හෝ ප්‍රධාන ලේකම් ඉවත්කිරීමට එරෙහිව අධිකරණයට ගියා ඒත් ජයග්‍රහණයක් ගන්න බැරිවුණා
රනිලගෙ පාර්ලිමේන්තු වරම් අහිමි වෙච්ච හොර තක්කඩි ටික පත් කර ගන්න බැරි වීමේ ශෝකය තමයි ඔය.
මේකටත් ඡන්ද කල්දාන තියරිය කළා නම් හරි...
මොවුන් සැප දාලා යන්නේ නැහැ... අර දියවන්නාවේ ගොබිලන් වගේ...
සේවක මඬුල්ල වහාම එතැනින් ඉවත් කර විදුලි, ජල සැපයුම් සහ දුරකථන සහ ප්‍රවාහන පහසුකම් සහ දීමනා වහාම ක්‍රියාත්මක වෙන පරිදි අත්හිටුවන්න. ඉබේම යයි.
ඒකාධිපතියෙක්ගේ උන්මන්තක වියරුවට මේ නිලධාරීන් අවනත විය යුතු නොවේ.. මේ අයගේ අභීත ස්ථාවරයට මගේ ප්‍රණාමය...!
වර්තමාන ජනාධිපතිවරයා සැබෑ ජනතා නියෝජනයක් නොකරයි. හිටපු ජනාධිපතිවරයා සිය ධුර කාලය සම්පුර්ණ නොකිරීම නිසා ඒ සඳහා ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පමණක් සීමිත කාලයකට මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පත්කර ගන්නා ලදී. කිසිදු ජනමතයක් නොමැති මැතිවරණයකදී අන්ත පරාජයකට පත්ව අඩුම තරමේ පාර්ලිමේන්තුවටවත් තේරි පත්වීමට නුසුදුසු යැයි ජනතාව විසින් තීරණය කරන ලදී . එසේ පස්ස දොරෙන් ජනාධිපති වූවෙකු ජනතාව විසින් පත්කරන ලද ජනාධිපතිවරයෙකු පත්කරන ලද නියෝජිතයන් හට කරන බලපෑම නින්දා සහගතයි.
රටේ අභාග්‍යයක මහත!. ආණ්ඩුකාර තනතුරු, තානාපති සේවයේ, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ලොක්කන් යනාදී, බොහෝ තැන්වල රජයේ හෙන්චයියන්ට වරප්‍රසාද දීමේ යාන්ත්‍රණයකුයි බල පැවැත්වෙන්නේ. වැඩක් වුණත්, නොවුණත් ප්‍රශ්නයක් නැහැ...
මෙහෙම හරි රට බේරුනේ රනිල් හාමු නිසා බව අමතක කරන්න එපා. නැත්නම් ඉතින් රට විනාශ කරපු මහින්ද රාජපක්ෂ ඇතුළු හොර නඩයේ වහලකු ලෙස මැරෙනකම් ජීවත් වෙන්න සිද්ධ වෙනවා
ඔතන මුදල් සදහා දරුවන් 11 ක් මරවපු අළුගෝසු පරයා ගෙදර යවලා විතරක් හරිද