IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යන්නැයි කිව්වත් නොයන ආණ්ඩුකාරවරුන්ට එරෙහිව ’’කෙවිට’’ ගනී

(අංජුල මහික වීරරත්න)

ධුර වලින් ඉවත් වන්නැයි  ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති පළාත් ආණ්ඩුකාරවරුන්  සිව් දෙනා ඉල්ලා අස් නොවුණහොත් ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි සඳහන් කරයි.

ඊට අමතරව මෙම  ආණ්ඩුකාරවරුන්ගේ වැරදි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කොට ආණ්ඩුකාරවරුන් චෝදනාවලට වැරදිකරුවන් ලෙස නම් කොට ඉවත් කිරීම, වෙනත් පුද්ගලයින් ආණ්ඩුකාර ධූරයන්ට පත් කිරීම සහ ඉවත්වන්නැයි දැනුම් දෙන ලද  ආණ්ඩුකාරවරුන්ට මුදල් ප්‍රතිපාදන නොදීම යන ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.

ඉවත්වන ලෙස දැනුම් දෙන ලද අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වීමට සූදානමක් නැතැයි  මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බැවින් ඊට අදාලව ගත යුතු පියවර මෙසේ සාකච්ඡා කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

නැගෙනහිර, උතුර, සබරගමුව හා වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබිණි.

ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන්  ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ජනාධිපති කාර්යාල  ප්‍රකාශකයා සඳහන් කළේය.



අදහස් (15)

යන්නැයි කිව්වත් නොයන ආණ්ඩුකාරවරුන්ට එරෙහිව ’’කෙවිට’’ ගනී

චන්දිම ෆොන්සේකා Saturday, 13 May 2023 12:24 AM

කොහොම උනත් එඩිතර තීරණයක්. යන්නේ නැතිනම් එළවා දැමිය යුතුයි.

:       10       3

Sunil Saturday, 13 May 2023 01:11 AM

මේ ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන් නියෝකරන්න ජනවරමක් නැති පින් ජනාධිපතිගේ බලතල මොනවද?

:       8       12

විපරමා Saturday, 13 May 2023 03:33 AM

ආණ්ඩුකාරවරු නඩත්තු කරන්ඩ ජනතාවගේ බදු මුදල් කාබාසිනියා වෙනවා ඒ හැරෙන්ඩ අපේ රටට ආණ්ඩුකාරවරුන් ගෙන් ඇති වැඩේ මොකද්ද ?

:       2       11

සමන්තSunday, 14 May 2023 08:36 AM

ආණ්ඩුකාරවරු මොනවද කරන්නේ කියලා පිං ජනාධිපතිට අවශ්‍ය පුද්ගලයන් පත්කළ පසු හොඳින් බලාගන්න පුළුවන් වෙයි. කොන්ද පණ තියෙන ආණ්ඩුකාරවරුන් නිසා තමයි තවමත් ලංකාව නොබැඳී තනි රටක් ලෙස තියෙන්නේ. තව ටික දවසක් යද්දී කියයි දිසාපතිවරුන් මොකටද කියලා. රටේ මුදල් කාබාසිනියා කරන්නේ පාර්ලිමේන්තුව, පළාත් සභා, මහනගර සභා, නගර සභා, ප්‍රදේශිය සභා...

:       1       0

Demuni Uduwara Saturday, 13 May 2023 04:59 AM

They have been appointed by a people-voted President; what's the legality of advising 4 Governors to resign in a message from the Secretariat ? It doesn't seem no official letters have been served in this regard !

:       2       8

උපාලි Saturday, 13 May 2023 05:26 AM

1994 ආණ්ඩුව පත්වුනාම සබරගමුවේ හිටපු ආණ්ඩුකාරවර හෝ ප්‍රධාන ලේකම් ඉවත්කිරීමට එරෙහිව අධිකරණයට ගියා ඒත් ජයග්‍රහණයක් ගන්න බැරිවුණා

:       1       3

Wikara Saturday, 13 May 2023 05:54 AM

රනිලගෙ පාර්ලිමේන්තු වරම් අහිමි වෙච්ච හොර තක්කඩි ටික පත් කර ගන්න බැරි වීමේ ශෝකය තමයි ඔය.

:       2       13

Ratavasiya Saturday, 13 May 2023 09:21 AM

මේකටත් ඡන්ද කල්දාන තියරිය කළා නම් හරි...

:       1       6

දාස Saturday, 13 May 2023 10:43 AM

මොවුන් සැප දාලා යන්නේ නැහැ... අර දියවන්නාවේ ගොබිලන් වගේ...

:       5       9

Bunny Preena Saturday, 13 May 2023 12:16 PM

සේවක මඬුල්ල වහාම එතැනින් ඉවත් කර විදුලි, ජල සැපයුම් සහ දුරකථන සහ ප්‍රවාහන පහසුකම් සහ දීමනා වහාම ක්‍රියාත්මක වෙන පරිදි අත්හිටුවන්න. ඉබේම යයි.

:       3       6

Sunil Saturday, 13 May 2023 05:34 PM

ඒකාධිපතියෙක්ගේ උන්මන්තක වියරුවට මේ නිලධාරීන් අවනත විය යුතු නොවේ.. මේ අයගේ අභීත ස්ථාවරයට මගේ ප්‍රණාමය...!

:       5       11

ආණ්ඩුකාරයා Saturday, 13 May 2023 06:01 PM

වර්තමාන ජනාධිපතිවරයා සැබෑ ජනතා නියෝජනයක් නොකරයි. හිටපු ජනාධිපතිවරයා සිය ධුර කාලය සම්පුර්ණ නොකිරීම නිසා ඒ සඳහා ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පමණක් සීමිත කාලයකට මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පත්කර ගන්නා ලදී. කිසිදු ජනමතයක් නොමැති මැතිවරණයකදී අන්ත පරාජයකට පත්ව අඩුම තරමේ පාර්ලිමේන්තුවටවත් තේරි පත්වීමට නුසුදුසු යැයි ජනතාව විසින් තීරණය කරන ලදී . එසේ පස්ස දොරෙන් ජනාධිපති වූවෙකු ජනතාව විසින් පත්කරන ලද ජනාධිපතිවරයෙකු පත්කරන ලද නියෝජිතයන් හට කරන බලපෑම නින්දා සහගතයි.

:       5       10

swene Saturday, 13 May 2023 07:30 PM

රටේ අභාග්‍යයක මහත!. ආණ්ඩුකාර තනතුරු, තානාපති සේවයේ, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ලොක්කන් යනාදී, බොහෝ තැන්වල රජයේ හෙන්චයියන්ට වරප්‍රසාද දීමේ යාන්ත්‍රණයකුයි බල පැවැත්වෙන්නේ. වැඩක් වුණත්, නොවුණත් ප්‍රශ්නයක් නැහැ...

:       0       0

Sepala Sunday, 14 May 2023 12:05 AM

මෙහෙම හරි රට බේරුනේ රනිල් හාමු නිසා බව අමතක කරන්න එපා. නැත්නම් ඉතින් රට විනාශ කරපු මහින්ද රාජපක්ෂ ඇතුළු හොර නඩයේ වහලකු ලෙස මැරෙනකම් ජීවත් වෙන්න සිද්ධ වෙනවා

:       0       0

dayananda Sunday, 14 May 2023 12:33 AM

ඔතන මුදල් සදහා දරුවන් 11 ක්‌ මරවපු අළුගෝසු පරයා ගෙදර යවලා විතරක් හරිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site