IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


’’ යන්න තිබුණේ එළියට දාන්න කලින්’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ ගෙවල් වල සිටි හිටපු ජනාධිපතිවරුන්ට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර එළියට දාන්න කලින් යන්නට තිබුණා යැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

මහජන මුදල් කොල්ල කමින් හිටපු එක ගැන ඒගොල්ලෝ ලැජ්ජා විය යුතු බව පැවැසූ අමාත්‍යවරයා දැන් ජනතාවගේ අනුකම්පාව ගන්න විවිධ කතන්දර කියන බව කීය. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව කීවේ ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳ විවාදයට එක්වෙමිනි.

"මහින්ද ගෙදර යනකොට වන්දනාවේ යනවා වගේ මිනිස්සු යනවා දැක්කා. "අපිට යන්න කිව්වා කියලා මහින්දත් කියනවා.හරි නම් ලැජ්ජ වෙන්න ඕන. මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන,චන්ද්‍රිකා බණ්ඩාරනායක, හේමා ප්‍රේමදාස එළියට දැම්මේ පාර්ලිමේන්තුවෙන්. එහෙම එළියට දාන්න කලින් යන්න තිබුණේ.ඒගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕන. මහජන ධනය මංකොල්ල කාලා, විනාශ කරලා හිටියේ.

ඒගොල්ලන්ට විශ්‍රාම වැටුප නැති කරල නෑ. ආරක්ෂාව නැති කරල නෑ.

හැබැයි අනීතික විදියට ඉඳලා රටේ ජනතාවගේ බදු සල්ලි කොල්ල කාලා යන්න වුනාම ජනතාවගේ අනුකම්පාව ගන්න "අපට යන්න කිව්වා. යන්න තැනක් නෑ. මැද මුලනට හරි යනවා කියලා කියනවා.

ඇත්ත කතාව ඒක නෙමෙයි. ඒගොල්ලෝ අනීතිකව හිටපු වග ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඔප්පු කළා.ඒ තීන්දුවට හිස නමන්න ඕන. ඒ නිසා යන්න වෙලා තියෙනවා යනුවෙන්ද සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා කීය.

 



අදහස් (21)

’’ යන්න තිබුණේ එළියට දාන්න කලින්’’

Jagath Leanage Thursday, 11 September 2025 06:25 PM

"ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වැඩිය ලොකුයි" කියල කියමනක් තියනවානේ...

:       84       39

කපුරුහාමි Thursday, 11 September 2025 06:41 PM

බලය නැති වුණාට පස්සේ නිල නිවාස බාර නොදී බලහත්කාරයෙන් ඉන්න හදපු එකේ ප්‍රතිඵල? ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාලා මදිවෙලා...?

:       84       48

Nandana Thursday, 11 September 2025 07:23 PM

අනේ යන්න...

:       31       19

මහසෙන් Thursday, 11 September 2025 07:25 PM

යෑස්..යැස්.. ඉට්ස් අ වෙරි බිග් කුච්චන්...

:       28       106

Deepal Nirosh Thursday, 11 September 2025 07:47 PM

ඉතින් එළියට දාන්න කලින් ඔය යස අගේට ගියේ, එළියට දානකම් ඉඳි කියලද හිතුවෙ ?

:       26       80

රන්වල Thursday, 11 September 2025 08:35 PM

ඔයාලත් කියන්න කළින් කියන්නකෝ...

:       11       70

චමිල් Thursday, 11 September 2025 10:14 PM

අයි ඇම් කිතුල්නෙත්ති ෆ්‍රොම් බියුටිෆුල් කන්ට්‍රි. සමහර ඈත ඉපදුන,රස්සවක්,කිසිදා නොකරපු,ව්‍යාපාර නොකරපු,පව්ලේ බූදලයක් නොතිබ්බ සමහර මිනිස්සු කොළඹ ආසන්න ගෙවල් මිල්ට අරන් නේද?

:       20       80

Cham Friday, 12 September 2025 01:13 AM

උන්හිටි තැන් නැති කළේ මහින්දගේ නොවේ... සිංහලයංගේ හුන් හිටි තැන නැති කළා... බලපන් අද ටැමිල් ගාඩියන් පේපර් එක... තොපිලගේ වැඩ බලාගන්න පුළුවන්.

:       2       7

Raman Friday, 12 September 2025 04:48 AM

බෝම්බ හදන්න ගිහින් තමුන්ගේ අතේ ඇඟිලි නැති කරගත්ත පරණ ත්‍රස්තවාදීන්ට තාමත් තියෙන්නේ ඒ බෝම්බ හදපු කාලේ තිබුණු වෛරී මානසිකත්වය.

:       6       15

de silva Friday, 12 September 2025 07:45 AM

ඉන්න හිටින්න ගෙවල් තිබෙන විශ්‍රාමික පාලකයෝ රජයේ නිවාස වල ඉන්න එක වැරදි. නමුත් 3% හිටය ඔයාලට 2/3 වැඩි චන්ද ප්‍රතිශතයක් ලැබුනේ මහින්ද ගාව හිටිය බිය්යෝ සෙට් එක ඔබලාගේ කදවුරට පැමිණීම නිසා , නිසා , පරණ නායකයට කෙනෙහිලි කම් කරන කොට උන්ට රිදෙන්න පුළුවන් පරිස්සමෙන් , පසුගිය වසර තුල නිර්ධන පන්තියට සහ මධ්‍යම පන්තිකයට දැනෙන්න යමක් නොකළ නිසා සහ අත්‍යවශ්‍ය අහර ද්‍රව්‍ය වලට බරට තීරු බදු ගැසීම දිගින් දිගට කරගෙන යන නිසා , තවම ප්‍රගතිශීලි චන්ද පදනමක් ඔබ වටා ගොඩ නැගී නැත , කරන දෙයක් පරිස්සමෙන් , දැන් බයියෝ , ටෝයියෝ සහ කුරුටුගාමියෝ එක කඳවුරකට සෙට් වෙමින් සිටිති

:       3       12

biyya Friday, 12 September 2025 07:47 AM

මහින්ද හිටියත් ප්‍රශ්නයක් ගියත් ප්‍රශ්නයක් ඉස්සා බිග් කුච්චන්

:       3       16

akash Friday, 12 September 2025 07:54 AM

මේගොල්ලන් ගේ ලාල් කාන්ත මන්‍ත්‍රීකමක්වත් නැතුව අවුරුදු ගානක් මාදිවල මන්ත්‍රී නිලනිවාසයක හිටියා. ඇයි ඒ වෙලාවේ ඔය වගේ ලාල් කාන්තට යන්න නොකිව්වේ. ගිය අවුරුද්දේ මැතිවරන කාලවලදී ඕක එලියට ආවම උත්තර නොදී මහ ඇරියා. ඔයාලා කරනකොට කබරගොයත් තලගොයා නේද​.

:       2       18

Haleem Friday, 12 September 2025 08:45 AM

ඔයාලගේ පච වලින් ගත්ත ආතල් එක දැන් ඉවරයි. මිනිස්සුන්ට හොඳටම තේරිලා තියෙන්නේ නුබලා ගහන ඩබල් ගේම් එක. පුළුවන් නම් ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුමක එක පේලියක් කියන්න බලන්න. ලංකාවේ අපි දැන් ඉන්නේ රෙන්ට් එකට ද කියලා දන්නේ නැහැ. ඔයාලගේ ආයුෂ දැන් ඉවරයි සොහෝදරයා. ඒක නිසා වැඩිය රඟන්න එපා හොදේ.

:       2       19

Nishan Friday, 12 September 2025 09:22 AM

හිටපු ජනාධිපතිලා ගෙවල් වලින් එලවලා ආන්ඩුව ඉතුරු කරලා තියෙන්නේ කෝටි 10 ටත් අඩු මුදලක්. ඒත් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ආණ්ඩුවේ වියදම කෝටි 3700 කින් වැඩි කරගෙන. ඒවට හෙලිකොප්ටර්, වාහන, බොඩිගාඩ්ලගේ වියදම් ඔක්කොම ඇතුලත්. ඔන්න සෙල්ලම.

:       4       16

මාලිමා පෙන්දා Friday, 12 September 2025 10:41 AM

මහින්ද කියන්නේ සාමාන්‍ය නායකයෙක් නොවෙයි. රටක් ජාතියක් ගලවාගත් නායකයෙක්. මිනිසුන්ට කළගුණ නැතිකමට එතුමා පලි නෑ. කැලෑවල ඉඳන් ගිනි තිය තියා මිනිසුන් මර මරා හිටිය පඟර නැට්ටන්ට මේවායේ වටිනාකම් තේරෙන්නේ නෑ.

:       2       4

R.T.sarath Friday, 12 September 2025 10:57 AM

රජයේ සේවකයන් පගාව නැතිව වැඩ කරන්නේ නැහැ , දැන් ඉන්න පාලකයනට උන්ව කොන්ට්‍රෝල් නැහැ , උන්ට කියල වැඩක් කරගන්න නම් ජනතාවට උන්ගේ පරණ හාම්පුත්තු වන පරණ දේශපාලකයන් ළඟට යන්න සිද්ද වෙලා. අත්‍යවශ්‍ය ආහාර වලට පවා විශාල තීරු බදු ගහන නිසා ජිවන වියදම් වැඩිවෙලා. මෙහෙම ගියොත් කොහොමත් මහින්දලට බලයක් ලැබෙන්න ඉඩ තිබෙනවා. සහෝදරයා බහුභූත දොඩවන එක නවත්වල රජයේ කන්තෝරු වල මිනිස්සු රස්තියාදු වෙන එක අඩු කරන්න කටයුතු කරන්න. මිනිසුන්න්ගේ ප්‍රශ්න වලට සාවධානව සවන් දීල රජයේ සේවය ප්‍රති ව්‍යුහගත කරගෙන ඉදිරියට යමු.

:       12       4

ගුණරත්න Friday, 12 September 2025 11:55 AM

අන්න හරි, අර සමුළුවකට ගිහින් බිග් කුච්චන් ගාන්න කලින් හිතන්න තිබ්බා. පුළුවන් එකෙක්ට වැඩේ පවරලා ඉන්න. එහෙම හිටිය නම් රටෙත් නම්බුව බේරෙනවා

:       1       14

kasun Friday, 12 September 2025 11:58 AM

පුදුම වෛයිරයක් තරහක් වපුරන්නේ මේ මිනිස්සු සාමාජයටම

:       1       18

gunda Friday, 12 September 2025 06:18 PM

හැදුණු බිමල ඇතුළු ලපයි සිපයි සියලු දෙනා මෙහි ලියා තිබෙන කමෙන්ට්ස් බලන්න... වැඩි ඈතක නෙවෙයි... කවදා හරි නුඹලාට සිදුවන්නේ නේපාලයේ සිදුවුණාට වඩා වැඩි දෙයක්... එමනිසා හොදින් ලෝකය ගැන ඉගෙන ගන්න.

:       0       1

Asanga Saturday, 13 September 2025 10:25 AM

මේ අයට රාජපක්ෂලා භීතිකාව තියෙන්නේ. බිග් කුච්චන්...

:       0       0

Nandana Saturday, 13 September 2025 06:39 PM

අනේ යන්න.. ෂෝ විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site