නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු අද (5) අළුයම 02.30ට පමණ ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 40ක පමණ දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත්තේය.
මෙම පිරිස අතර කාන්තාවක්, කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක් සහ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙක් ද විය. මාර්තු මස 1 වන දින “වින්දන 3” නැමති බහුදින ධීවර යාත්‍රාව මගින් මීගමුව ප්‍රදේශයෙන් මෙම පිරිස පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව ලද බුද්ධි තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.
අත්අඩංගුවට ගත් පිරිස ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් පසුව ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ගාල්ල පොලීසිය වෙත භාර දීමට කටයුතු කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චුටි ළමයින්ගේ සහ අනිත් අයගේ වාසනාවකට මෙහෙම මේ ගොල්ලන්ව අල්ලගන්න ලැබිල තියෙන්නේ. නැත්නම් අර අපි හැමදාම දකින ඕස්ට්‍රේලියන් මුහුදු මාර්ගයේ භයානක ගමනේදී මහා අපරාධයක් වෙන්න තිබුනා. මේ මිනිස්සු දන්නේ නැහැ බෝට්ටුවෙන් ආවට ඉස්සර වගේ පුරවැසිබව ලැබෙන්නේ නැහැ කියලා. අනේ මෝඩ මිනිස්සු. කොපමණ අය මැරෙනවද මේ ගමන ගිහින්. (නි)
මීට වඩා දේශපාලන හොරු ඉන්නවා නේද? රට ඇරලා යන අයට යන්න ඉඩ දෙන්න (නි)
මේ වගේ අය කොහොමහරි රට පාවාදීලා හරි ඒ රටට ඇතුළුවෙන්නයි බලන්නේ (නි)
නීත්‍යානුකූලව රටකට යන එක වඩාත් හොඳයි (නි)
දැන් සල්ලිත් නැහැ, බලාපොරොත්තුත් ඉවරයි (නි)
මෙයාලා මෙහෙ එන්න හදන්නේ රැකියාවක් කරගෙන අනුන්ට බරක් නැතුව ජීවත්වෙන්න නම් කමක් නැහැ. මිනිස්සු බනිනවා බදු මුදල් වලින් මේගොල්ලන් නඩත්තු කරනවා, රටේ මිනිස්සු ගැන සොයන්නේ නැහැ කියලා. මේ බහුතරයක් අතක් පයක් හොල්ලන්නෙ නැතුව ඉන්නවා. අනෙක් මිනිස්සු පණ යනතුරු වැඩ කරලා බදු ගෙවනවා. (නි)
මහින්ද සෞදි මහා කුහකයෙක්. මේ අසරණ මිනිස්සු ඕස්ට්‍රේලියාව වගේ රටකට ගිහින් ලස්සන ජීවිතයක් ගතකරන්න තියෙන ආසාව නිසාම රැවටිලා. සෞදියේ කාන්තාරේ පරිප්පු කන ඔබ ඒ මිනිසුන්ට පරිබව කරනවා. මේ මිනිස්සු ගැන අනුකම්පාවෙන් හිතන එකයි මනුස්සකම. (නි)
පරිස්සමට හොඳ බෝට්ටුවකින් එන්න. මම ඉන්නෙත් දකුණු ඕස්ට්‍රේලියා වල. මෙහෙ ඕනෑතරම් රස්සා ඉඳුම් හිටුම් තියෙනවා. (නි)
නිලංග, හිතේ තියෙන කුහකකම ලෝකෙට පෙන්වන්න එපා.ඔයත් දවසක මැරෙනවා. (නි)
ගාල්ලගේ, නොදැන දේවල් කතානොකර ඉන්න. ඕස්ට්‍රේලියාව කියන්නේ ඇබෝජියන්ලන්ස්ලගේ රට. සුද්දෝ මේකට හොරෙන් ආවේ. දැන් සුද්දන්ට ඕනෑ මේ රට බහුවාර්ගික රටක් කරන්න. ඕනෑ කෙනෙකුට මේ රටේ ගොඩක් පහසුකම් සහ ඉඩකඩ තියෙනවා. (නි)
දැන් ඕස්ට්‍රේලියාවට නීත්‍යානුකූලව යන්නත් ගොඩක් අමාරුයි. ඒ නිසයි මේ වගේ ක්‍රමයකින් හෝ එන්න බලන්නේ (නි)
මෙයාලා කෙසේ හෝ පණපිටින් මෙහෙට ආවත් ඕස්ට්‍රේලියා මුහුදු සීමාවේ නාවික හමුදාවෙන් හරවා යවනවා (නි)
අපරාදේ ගාල්ලට නම් බස් එකේ යන්න තිබුණනේ (නි)
ඉන්දියානුවන් බුරුතු පිටින් එන්න බලාගෙන ඉන්න ලංකාව වගේ සුඛිත මුදිත දේශයක් අතඇරලා දාලා ඇයි ඕස්ට්‍රේලියාව වගේ කාන්තාර රටකට යන්න මේ වගේ ජීවිත අවදානමක් ගන්නෙ? අනේ මන්දා? (නි)
සෙබස්තියන්,මම සෞදි ආවේ නීත්‍යනුකූලව බලපත් ඇතුවයි. අනෙක සරණාගතයෝ ඔයවගේ යන්නේ රටේ ඉන්නම බැරි තත්වයක් යුද්ධයක් හෝ රටේ දරුණු විදිහට ආහාර අහේනියක් ආවොත් පමණයි. නමුත් ලංකාවේ දැනට මේ වගේ දෙයක් නැහැ. පසුගිය දවස් වල අහිංසක ජීවිත මේ වගේ ගිහින් කීයක් මහා සාගරයට බිලිවුණාද? ඒ විපත් සියලුම මාධ්‍ය මඟින් දැක ගැනීමට පුළුවන් වුණා. මේවා දැන දැනම මිනිස්සු අමාරුවේ දමන්නත්, කුලියට කඩේ යාමත් සෙබස්තියන්ලගේ ජන්ම පුරුද්දක් විදිහටයි මම දකින්නේ. (නි)
මහින්ද සෞදි, නීත්‍යානුකූල බලපත් නැතුව හොරෙන් සෞදියට යනවද මොළේ කළඳක් ඇති මිනිහෙක්? මහින්ද සෞදි හිතාගෙන ඉන්නේ සෞදියට ගියාම මුළු ලෝකෙම ජය ගත්තා කියලයි. (නි)
පවු අහිංසක මිනිස්සු (නි)
මහින්ද, ඔබ හිතන්නෙ මිනිස්සු කන්න නැතිහින්දා බෝට්ටුවෙ ගියා කියලාද? මට නම් හිතෙන්නෙ ඔයටත් බෝට්ටුවෙ යන්න බැරිවෙලා වගෙයි. ඔයා ඉන්න පරිසරය අනුව ඔයාගෙ සිතුවිලි කුහකයි. ඔයා ඔය සිතුවිලි වෙනස් කරගත්තෙ නැත්නම් පරිප්පු කන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි (නි)
අනේ වෙච්ච දෙයක්.(හේ)
දැන් ඉතින් ජීවිතයම අවාසනාවන්ත වුණානේ (නි)
මාර්තු පළවෙනිදා ඉඳලා 5 වෙනිදා වෙනතුරු නාවුක සැතපුම් 40 නම් මේ කට්ටියට ඕස්ට්‍රේලියාවට යන්න මුහුදේ අවුරුද්දක් විතර ගතවෙයි. (නි)
ඔබ වාසනාවට ආපසු ලංකාවට ආවෙ. මේ වගේ පරණ බෝට්ටුවකින් මේ වගේ දුර ගමන් යන සියලුම දෙනාට අබ සරණයි! (නි)
අතේ මුදල් දීල දැන් කාපියව් ආණ්ඩුවේ පරිප්පු,(කෞ)
මෙච්චර දැනුවත් කරලත් මේ මිනිස්සු අහන්නේ නැති හැටි (නි)
මොවුන්ගෙන් ලක්ෂ ගණන් ගෙන නොමඟයැවු අය සොයා දැඩි දඬුවම් දියයුතුය (නි)
රසික, බොරු ඇදබාන්න එපා. මෙහෙට ආ කිසි බෝට්ටුවක් ආපහු හරවලා යවා නැහැ. හරියට පරික්ෂණයක් කරනකම් ඔවුන්ට මෙහෙ ඉන්න පුළුවන් (නි)
මේ මිනිසුන්ට වරද චෝදනා කිරීම දඬුවම් කිරීම යහපාලන රජයෙන් නොවිය යුතු දෙයක් , මේ අපේ රටේ උපදින අය අපේම රට එපාවී , ජීවිතය පරදුවට තබා මෙසේ වෙනත් රටවල් කරා යෙමට හේතුවක් තිබෙනවා , ඒවාට පිළියම් යොදනවා මිස , මොවුන්ට දඬුවම් කිරීම අගතියකි (හේ)