රුවන්වැලි සෑයේ කොත තමන්ගේ බවත්, එය සොරුන් ගෙන ඇතැයි ලැබුණු ආරංචි අනුව සොයා බැලීමට ජේත වන ස්ථූපයට ගොඩ වූ බවත් යුද හමුදා කෝප්‍රල් ඩබ්ලිව් එම් වීරසිංහ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය හමුවේ ප්‍රකාශ කළාය.
ඔහු පසුගිය 17 වැනිදා ජේතවන ස්ථූපයේ මුදුනට ගොඩ වී ඇත.
එහි උස අඩි 408කි. සැකකරු ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහු මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණකොළ ඩිංගක් කපන්න සිතුනා ගහ උඩට යන්න (නි)
හමුදා සෙබළුන් පසු කලකදී මානසික ලෙඩුන් වීමේ ප්‍රවනතාවය ඉතා ඉහලයි. අපි සැවොම ඔව්න්ට අනුකම්පා කළ යුතුයි. මන්ද මුළු මහත් ජනතාවම ඔවුන්ට ණයගැතියි (නි)
හමුදා සෙබළුන් පසු කලකදී මානසික රෝගීන් වීමේ ප්‍රවනතාව ඉතා ඉහලිය. අපි ඔවුන්ට අනුකම්පා කළයුතු වුනත් අපේ රට තුල සිදුවෙන ඉතා භයානක අපරධ රැල්ලට ඔව්නුත් දායක වීම කණගාටුදායක ප්‍රශ්නයක්. අවංකව රට දැය වෙනුවන් දිවි පිදු සහ දිවි හිමියෙන් ඉදිරියට ගොස් සටන් කල අපේ හමුදාවට මුළු මහත් ජනතාවගේ ප්‍රණාමය. (නි)
ඇත්තටම වියට්නාමයේ සිද්ද උන විදියේ දෙයක් මේක, කව්රු කොහොම අදහස් කිව්වත් ගැබුරින් හොයන්න ඕනි දෙයක් මේක, 40 අවරුදු කාලයක් තිබුන යුද තත්වයේ අනිසි ප්‍රතිපල තමයි මේ. මානසිකව ඔවුන් නගා සිටුවන්න වැඩසටහන් ඕනි. නැතුව අපි මෙතැන කියවල වැඩක් නැහැ.(නදී)
සමහරවිට නිධන් තියෙනවද බලන්න නගින්න ඇති. දැන් මෙහෙම කිව්වට. මොකෝ දැන් මෙයාලගේ වැඩි දෙනෙක් කරන්නේ නිධන් හාරන එකනේ. (නි)
දසමහා යෝධයන්ගෙන් කෙනෙකුවද්ද මේ? (නි)
මට මේක පොඩි සිද්ධියක්... අපි ඒ දවස් වල කරපු දේවල් දිහා බලනකොට අපි ඉන්න ඕනෑ වෙන්නේ හැමදාම මානසික රෝහල්වල තමයි. කොලුකම කියන්නේ ඕකට (නි)
අපේ සිංහල කළු හෙළයා නියම පිස්සු වැඩක්නේ කරලා තියෙන්නේ.(නදී)
මිනිස්සු දැන් ඕනෑම වැරද්දක් කරලා ගොඩින් බෙරුම් කරගන්නේ නැහැ. උසාවී යන්නේ උසාවියට මොනවා හරි බොරුවක් කියලා නඩුකාර තුමා නොමග යවලා නීතියෙන් බේරෙන්නයි උත්සහ කරන්නේ. ඒක තමයි දේශපාලකයෝ වැරදිකරලා උසාවි දැම්මම අසනීපයි කියලා රෝහල් ගතවෙන්නේ හිටපු ගමන්. උසාවියත් මෝඩයට අන්දවන්න දේශපාලුවෝ දන්නවා. අනේ කාලේ වනේ වාසේ. ගුරුතුමියත් දැනගස්සපු කෙනාටත් වයඹ දුන්නේ තවත් ඇයි? (නදී)
අමාලි සිල්වා හට උත්තරයකි, නිකම් මෝඩයෙක් වගේ කියවන්න එපා, බැලුවම තේරෙනවා මානසික ප්‍රශ්නයක් කියලා. එවැනි අයට අනුකම්පා කරන්න ඕනේ.(නදී)
කාගේ හරි කුඩු සුරුට්ටුවක් උරලා වෙන්ටැති අනේ. (නදී)
ඔය කොත කීයක් විතර වටිනවද දන්නේ නැහැ ආයුබෝවන් !! (නි)
තව ටික දවසකින් කවුරුහරි ඉර බලන්න හදට යන්න හදයිද දන්නේ නැහැ. අනේ දෙවියනේ කාටද මේවා කියන්නේ. ජාතියත් ඉවරයි. ආගමත් ඉවරයි. රටත් ඉවරයි. ඔහොම යං. (නි)
අපෝ ! හොද සුදුසුකමක් ඉහල තියන තනතුරු වලට. :-) (නි)
ඉතාම අතලොස්සක් තත්වය නියමාකාරයෙන් දැකලා තියෙනවා. අපේ ගොඩක් (නො)මිනිස්සු (නො)දන්නා දෙයක් තමයි මේ සිද්ධවෙලා තියෙන්නේ. අවුරුදු 30 යුද්ධ කරලා අපේ වර්ථමාන වැඩිහිටි සමාජය මානසික වශයෙන් ආතතියකට ලක්වෙලා ඉන්නේ. විශේෂයෙන්ම යුද්ධයේ ඉදිරියෙන්ම හිටපු හමුදා සාමාජිකයන්. ඔවුන් බොහෝ අය සිහිනෙන් බයවෙන බව ලඟින් ආශ්‍රයකරන අය දන්නා කරුණක්. මේ කියන සොල්දාදුවගේ තත්වයත් ඒ හා සමානයි. නොයෙක් ආකාරයේ කම්පනවලට ගොදුරුවුනාම මෙවැනි දේ සිදුවෙන බව විශේෂඥයන් තහවුරු කරපු දෙයක්. විශේෂයෙන්ම ආසන්නයේ සිදුවෙන බෝම්බ පිපිරීම් වගේ දේවල්. ඒක නිසා කරුණාකරලා මෙවැනි සිදුවීම් දිහා විහිළුවක් හැටියට බලන්න එපා. ඔවුන්ට අනුකම්පාවක් අවශ්‍ය නැහැ, ඔවුන්ට අවශ්‍ය අපේ සහයෝගය සහ උදව්ව පමණයි. ඔවුන් නිසයි අපි අද අපේ රටේ කොන්ද කෙලින් තියාගෙන මරණ බයක් නැතුව ජීවත් වෙන්නේ. ශාන්ත කිව්වා වගේ බී.බී.සී පැනෝරාමා වැඩසටහනින් සොයාගත්තා බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයින් 30 පමණ ඇෆ්ගනිස්ථානයේ යුද්ධය නිසා සියදිවි නසාගත්ත බව. ඒ හැම කෙනෙක්ම ඉතාම අධික මානසික අතතියන්ට ලක්වුණ අය. සමහරු තාත්තලා. (නි)
මට හිතෙන හැටියට අනුරාධපුර දිස්ත්‍රික සංවිදායක වෙන්න මෙයා තමා 100%ක් ගැලපෙන පුද්ගලයා. මොකද කියන්නේ? (නි)
ඔව් අර කැබින් දොරයි ටොයිලට් දොරයි වගේ මාරු වුනා වගේ වෙන්න ඇති (නි)
තව ටික දවසකින් කොහේහරි වෛත්‍යයක කොත නැති වුනොත්....? (නි)
මල්ලෙ පොල් නෙමෙයි මේ නම් පොල්ලෙ මල්.(නදී)
මුළු ලංකාවම අංගොඩ යවන්න වෙනවා තව මාස 6කින්.(නදී)
ෂුවර් එකටම හීනෙන් වෙන්න ඇති.පොඩි මිනිසෙක් නිසා පිස්සෙක් කියයි.දේශපාලුවෙකුගේ කෙනෙක් නම් කොත මුදුනටම ගිහින් වීරකමක් කළා කියලා ලොකු ගිෆ්ට් එකකුත් දෙනවා ෂුවර්. (නි)
දුප්පත් සාමාන්‍ය මිනිහෙක් නිසා මානසික රෝගියෙක් කියලා හිතුවට, දේශපාලකයෙක්ගේ පුතෙක් එහෙම කළා නම් .....? (නි)
මේ අයට ඇති පිස්සුවක් නැහැ. (නි)
මෙන්න තවත් ප්‍රස්තා පිරුලක්... රුවන්වැලියේ කොත හොයන්න ජේතවනයට නැග්ගා වගේ (නි)
මෙයාටත් නාමයෝජනා බාර දෙන්න අවස්තාවක් දෙමුද අපි? (නි)
මම හිතන්නේ යුද්දෙදි සටන්කරලා දැන් යුද්දේ නැති නිසා මානසීක ව්‍යාකුලත්වයකට පත් වෙන්න ඇති. මෙවැනි දේවල් හරි භයානකයි, මොකද මේ වගේ තව කව්රුහරි ගිහිල්ලා මිනිස්සු මරන්න ගතහොත් විනාශයි නේද? (නි)
මෙහෙම වෙන බව දැන ගෙනත් සරසවි සිසුන්ට හමුදා පුහුණුව දෙන එක නේ පුදුමේ.(නදී)
අංගොඩ සිටිය යුත්තේ කවුද යන්න මේ අදහස් දුටුවහම පැහැදිලියි. නොරටුන්ට ඕනෑ දේ අපේ වීර සෙබළුන් ලවා කරවන පහත් පුද්ගලයන් වහාම පලවා හරින්න ජනතාවට නුවන පහල වේවා! (නි)
මෙයා දැන් බබා...ජේතවන සෑය මුදුනේ මොනවාහරි වටිනා යමක් හොයන්න ඇති. (නි)
නින්දෙන් ඇවිදීමේ විපාක තමයි මේ, ඇයි අවුල් ද ? (නි)
මන්ත්‍රී - ඇමති උතුමාලාගේ, මන්ත්‍රී - ඇමති පුතාලාගේ දෙබස් දැන් සිවිල් ජනතාවත් පුරුදු වෙලා. ඒ කියන්නේ දැන් අපි ආශ්චර්ය ළඟටම ළංවෙලා වගේ ......... (නි)
එකෙක් මේ ලගදී ගගේ පැනලා වතුරටිකක් නාගන්න පැන්නා කිව්වා.මිනිමරලා මට මතක නැහැ කිව්වා තව කෙනෙක්. දොර අරින්න ගිහිල්ලා හීනෙන් ඇවිදින කතාවක් කිව්වා ,තමන්ම ගහගත්තා කිව්වා ,තමන්ම බැද ගත්තා කිව්වා .දැන් මෙයා කොත බලන්න ගියාලු. (නි)
එක හමුදා සෙබලෙක් මෙහෙම වැඩක් කළහම සියලුම හමුදා සෙබළුන්ට කැළලක් වන ආකාරයේ ප්‍රතිචාරත් සමහරු දාලා. (නි)
මෙයාට කිසිම මානසික රෝගයක් නැහැ කියලයි මම නම් කියන්නේ. (නි)
මේ මනුෂ්‍යයා මානසික රෝගියෙක්. නැත්නම් ඔහොම අවාදානම් වැඩක් කරන්නේ නැහැ. ඒ වගේම ඕක උඩ ගන්න දේකුත් නැහැ. කොහොම උනත් මේ මනුෂ්‍යයාටත් වඩා නරුම පිස්සෝ ටිකක් තමයි ප්‍රතිචාර දාලා තියෙන්නේ. දැන් මේ අයට හමුදා සෙපළුන් විහිළුවක් වෙලා. මේ වගේ කාලකන්නි විදියට හිතන මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න හමුදාවේ අය තමයි අත පය පූජා කළේ.(නදී)
යුදහමුද සාමජිකයෙක් ? පුදුමය් මෙවැනි වැඩක් කල එක ගැන ?(අ)
අයියෝ ඕක තේරෙන්නේ නැද්ද? මෙයා අනුරපුරේ තියන උස තැනක් හොයල නැගලා මොකෝ පුටු කට ඉනිමගකට නැග්ගට රුවන්වැලි සෑයේ උඩ පේනවයැ.(නදී)
අදහස් ටික නිකමට වගෙයි කියෙව්වේ. පහන් මඩුගල්ලගේ අදහස දැකලා කකා හිටිය බත් කටත් හිරවුනා.(නදී)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.(නදී)
මට මුකුත් මතක නැහැ කියනවා වගේ මේ ප්‍රකාශය ඔලුවේ හිස් බව නොපෙන්වයි. (අ) .
මඩුගල්ලේ , කොමෙන්ට් එක කියවලා බීපු වතුර ටික ඉස්මොල්ලේ ගියා. මොනවා උනත් කතාව ඇත්ත . තව ටික දවසකින් තව තව රස කතා අහන්න පුළුවන්.(නදී)
නිතිය දන්නා කෙනෙක් කරුණාකරලා අපිට කියා දෙන්න මොන නීති වගන්තියද මේ තැනැත්තා කඩ කරලා තියෙන්නේ කියල. නීති විද්‍යාලෙට ගිය නැති නිසයි අහන්නේ. ස්තුතී. (අ)
ධම්මික කියන කතාව ඇත්ත. ගොඩක් සොල්දාදුවෝ ඉන්නවා යුද ආතතියට ලක් වෙච්ච. ඒ අයට නිසි ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. ඉස්සර දොස්තර නීල් ප්‍රනාන්දු මහත්තයා යුද ආතතියට ලක් වෙච්ච සොල්දාදුවන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හැදුවා. ඒත් පස්සේ ඒක වැහුණා.ඒ නිසා මේ වගේ සොල්දාදුවෝ අතරමං වෙලා. මේ ගැන ආරක්ෂක ලේකම්වරයාගේ අවදානය යොමු වෙනවා නම් හොඳයි. (නි)
මේක නිකන් බුද්දගයාවට බෝම්බ ගහන්න රොමේ වතිකානුවට ගියා වගේ.(නදී)
දැන් යුද සෙබළුත් ආශ්චර්යයේ සාමාජිකයෝනේ (නි)
මෙයත් නින්දෙන් ඇවිදිනවා ඇති. ඒක මෙයාගේ පවුලේ කෙනෙක්ගෙන් අහලා බැලුවා නම් හොදයි (දී)
මේ දිහා බලන් කොට විහිළුවට විතරක් කියලා ඒ ගැන හිතන්න එපා. 30 වසරක් යුද්ද කරපු හමුදාවේ ඉන්න භටයින් පිලිබඳ හොඳ අධ්‍යයනක යෙදුනොත් පෙනේවි කොයිතරම් මානසික ලෙඩුන් මේ අය අතර ඉන්නවද කියලා. මෑතක මා බැලූ බිබීසී රුපවාහිනී ගවේශානාත්මක වැඩ සටහනකින් පසුගිය වසර කිහිපය තුල 20 පමණ හමුදා භටයින් එංගලන්තයේ සියදිවි හානි කරගෙන ඇති බවත් තවත් සිය ගනනක් මානසික රෝගවලට ප්‍රතිකාර ගන්නා බවයි. ඇමෙරිකාවේ මෙම ප්‍රමාණය ඉතා ඉහල බව මෙම තත්වය ගැන ලියවුනු ලිපිවල වැඩිදුරටත් සඳහන්ව් තිබුනා. අපේ රටේ මේ තත්වය බරපතල බවට සැකයක් නැහැ.(නදී)
අද රට කරවන බොහෝඇතොත් ඕවය වගේ මට මතක නැහැ නැත්නම් මම දන්නේනැහැ (අ)
නීධන් ගන්න ගීයාද දන්න නැහැනේ.(නදී)
ශාන්ත ගේ අදහසට මාත් එකගයි (නි)
අර මන්ත්‍රී තුමා වගේ එයාගේ සහෝදරයෙක්ද දන්නේ නැහැ.(නදී)
හමුදා පුහුණුව මොලේටත් ලැබිලා වගෙයි. (නි)
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිසි දඬුවම් ලබා දිය යුතයි. (නදී)
හොද උත්තරයක්, නින්දෙන් ඇවිදිනවට වඩා (නි)
අපේ හමුදාව 30 අවරුදු යුද්ධයකට මුහුණ දීපු හමුදාවක්. සමහර අය අවරුදු ගණන් ඉදිරි ආරක්ෂක වලල්ලේ සේවය කරපු අය. අවසානයේදී ඔවුන්ගේ මානසිකත්වය ගොඩ නැගුවේ මරාගෙන මැරෙන තත්වයකට. සතුරාගේ බිහිසුණු බව සහ සහාසික බව අභිබවා සතුරාව මුළුමනින් විනාශකොට අතුගා දැමීමට එවැනි මානසිකත්වයක් ගොඩ නැගුවේ. එසේ නොමැතිව සතුරාව පරාජය කිරීම අපහසු කාර්යයක් බව බොහෝ යුද නායකයින් හඳුනාගෙන තිබුනා. නමුත් යුද්දේ දිනුවට පස්සේ සෙබල මානසිකත්වය ප්‍රකෘති තත්වයට ගෙනෙන්න මනෝ විද්‍යාත්මක වැඩසටහනක් ක්‍රියාවට නැගුනේ නැහැ. යුද ජයග්‍රහණයේ කීර්තිය බෙදාගන්න බලු පොරයක් තමයි සමාජයේ නිර්මාණය උනේ. අද සෙබලු අසරණ වෙලා. ඔවුන් ප්‍රකෘති කිරීමට නම් විවිද බැලමෙහෙවර කිරීම් වලින් නිදහස්කොට ක්‍රමානුකුල මානසික පරිවර්තනයකට යොමුකොට ප්‍රකෘති ත්තවයට ගෙන රටේ ඉදිරි ගමනට ඔවුන්ගේ ශක්තිය දායක කරගත යුතුයි. ඒ සඳහා යුද නායකයින්ගේ අවදානය යොමුවිය යුතුයි.(නදී)
දේශපාලනයට එන්න උපරිම සුදුසුකම් තියෙනවා. මගේ සුබ පැතුම්! (නි)
පිදුරුතලාගලට යන්න පාර දන්නේ නැතුව ඇති. (නි)
මගේ සුබ පැතුම්! (නි)
අංගොඩ මානසික රෝහලේ අඩුම අවුරුදු 10 ක් හෝ වැලිකඩ හිර ගෙදර අවුරුදු 3ක් හෝ තැබිය යුතුයැයි මම යෝජනා කරමි (නි)
බුද්ධාලම්බන ප්‍රීතිය නොවෙද මේ ? (නි)
ෂුවර් එකටම තවම නින්දෙන් වෙන්න ඇති. (නි)
තණකොල කපන්න කිතුලට නැග්ග කතාව පරණ නිසා, මොකෝ කියන්නෙ? මේක ඒ වෙනුවට ආදේශ කරමුද? (නි)
අවිෂ්කගේ යාලුවෙක්ද කොහෙද එයත්. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතානේ කියන්නේ (නි)
"සුභ අනාගතයක්" ! (නි)