නැතිවී යැයි කියන විදේශ ගමන් බලපත්‍රයකින් එතෙර යන්නට ආ හිටපු ඇමැති විමල් වීරවංශ රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ නම් වීරවංශ මහතාගේ ප්‍රශ්නයට විසඳුමක් දිය හැකි බව අගමැති පැවසීයැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සූක්ෂමව ලංකාවේ සිදුවූ මහා විශාල දුෂණයක් හොයාගත් එකට සතුටුයි (නි)
ඔයගොල්ලෝ නොදන්නා දේවල් ගැන කතාකරන්න එපා. මේක ඩුබායි රටේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක්ලු. මේ මහත්තයා ඉක්මනට එහෙ යන්නේ මේ කුමන්ත්‍රණයෙන් ඒ රට ආරක්ෂා කරන්නනේ (නි)
හරියට ඉගෙනගෙන නැතිව පාර්ලිමේන්තුවට ගිඅහම වෙන්නේ ඕක තමයි (රේ)
මෙතන සමහර අය අදහස් දාන්නේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ගියත් රට යන්න දෙන්න ඕනෑ වගේනේ. (නි)
ෂුවර් ඵකටම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.. (අ)
මුකරි කමේ හා වාචාල කමේ වෙනස නොහඳුනන, ජනතාවට මේ වගේ ය දක්ෂ කථිකයින් ලෙස පෙනුනට, අපිට නම් ඔය කරන හැම ක්‍රියාවක්ම රඟපෑමක් බව අවබෝධ වෙලයි තියෙන්නේ. මොන විදිහේ තනතුරක සිටියත් කරන ක්‍රියාවන් අනුව ලබා ඇති අධ්‍යාපනයේ තරම හිතාගන්න පුළුවන්.(රේ)
"ඩුබායි, ප්‍රංශය, ඉතාලිය සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල් කිහිපයක ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනා අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ දේශන දහයකට වඩා ප්‍රමාණයක් පැවැත්වීම සඳහා පිටත්ව යැමට පාන්දර තුනට පමණ මා ගුවන් තොටුපළට පැමිණියා.මේ රටේ ප්‍රශ්න ලෝකයේ සිටින අපේ ජනතාවට කියන්න යන ගමන තමයි මේ වළක්‌වන්න හැදුවේ"-විමල් ....... මේ අපිව දැනුවත් කරන්නනේ ඩුබායි එන්න හදල තියෙන්නේ.අනේද කියන්නේ කිව්වලු.(රේ)
ලංකාවේ උගත් චන්ද දායකයන් ගේ පට්ට නුගත් කමටයි, පෙර ආත්මෙක කරපු හොඳ කුසල කර්මෙකට පින්සිද්ද වෙන්න තමයි මේ වාගේ කවටයෝ රජ වෙලා ඉන්නේ..... (රේ)
එතකොට යහපාලයෝ අර නෝනා තිරිහන් වෙන්න රාජ්‍ය තාන්ත්‍රික හැඳුනුම් පතේ වයස වරද්දුවෙත් දේශප්‍රේමය දොරේ ගලා ගිහින් වෙන්නඇති.(රේ)
එහෙම තමා විමල් පාස්පෝට් දෙකක් ළඟ තබාගැනීම ලංකාවේ නීති විරෝධි. දැන් ඉස්සර තිබුණු පුද්ගල නීතිය නෙමෙයි තියෙන්නේ.(රේ)
අගමතිතුමා මොකටද මෙයෙට අවසර දෙන්නේ? මෙය මේ පොඩි බබෙක් නෙවිනේ? පාස්පෝට් එක හරිනම් මොකක්ද ප්‍රශ්නය? නිකම් වෙරදී කරලා වීරයා වෙන්න හදනවා. (රේ)
එයා තවමත් '' සිහිනයෙන් '' එලියට ඇවිත් නැහැ වගෙයි...එයා හිතන්න ඇති ඒගොල්ලන්ගේ කාලයේ වගේ හොර පාස්පෝර්ට් වලින් එහෙ මෙහෙ සංචාරය කරන්න. විරවංශ මහත්මයාණෙනි තමන්ගේ නමටවත් ගැලපෙන වැඩ කරන්න ..ලැජ්ජානැති වැඩ කරලා කොහොමද ඔබ ඔබගේ පාක්ෂිකයන්ට මුහුණ දෙන්නේ...? අනේ මන්ද ..මට ඇහැරුනේ දැනුයි ..මම මේ ඉන්නේ ශ්‍රී ලංකාවෙනෙ..මෙහෙ ඕවා සිම්පල් වැඩ(රේ)
දැන් යහපාලනය කරන අකම වැඩේ පාලි ගැනීම විතරයි (රේ)
මෙතුමා කතාකරන්නේනම් පිරිසිදුම දේශපාලකයා විදිහට කරන්නේ බාල වැඩ .බලය තියන කාලෙ මොනවා කරන්න ඇද්ද ?.(රේ)
හැබැයි ඔය වරදම අපි කලානම් දවස් 14ක් බන්ධනාගාර ගත වෙන්න සිදුවෙනවා (රේ)
මේක බොරුවක් ... මෙය පරණ ගමන් බලපත්‍රයකින් යාමට තැත්කිරීමක් ... (රේ)
අපි අතින් ඔහොම වරදක් වුනානම්(වෙන්නේ නැහැ අසරණ අපි නීතියට ගරු කරන මිනිසුන් නිසා) අඩුම වසයෙන් මාස 6 ක්වත් මහගෙදර තපින්න වෙනවා.එකම රටේ නිතිය දෙවිදිහකට තියෙන්නේ බැහැ.ඒ නිසා දැඩි දඩුවන් දෙන්න.(රේ)
වෙනත් දියුණු රටකනම් මෙයාගේ පාර්ලිමේන්තු රස්සාවත් ගහල යනවා, කූරු ගණන් කරකර ඉන්න වෙන්නේ. අනිත් පර අපිට වැරදීමකින් මෙවැන්නක් උනොත් කෙලින්ම අගමැතිට හරි ජනාධිපතිට හරි කතා කරුමු අපේ චන්දෙන් පත් වුන නිසා අපිව මීට වඩා ඉක්මනින් නිදහස් කර අරීවී (රේ)
කරුණා කරලා සියලුම ගමන් මලු පරික්ෂා කරන්න.අපිට ලංකාවට රැගෙන යන්නත්,රැගෙන එන්නත් පුළුවන් ඩොලර් 4000 සක් පමණයි.නිතිය කාටත් පොදු විය යුතුයි (රේ)
නිතර නිතර ඩුබායි එන්නේ මොකද කියල පරික්ෂා කරන්න.ඉස්සර පුරුද්දට ලෝකයේ බැංකු/ඩුබායි බැංකු පුරවන්න එනවද දන්නේ නැහැ.(රේ)
ඩුබායි කියන්නේ ලෝක වෙළද මද්‍යස්තානයක් මිසක් සමාජවාදය ඉගෙන ගන්න හෝ සමාජවාදය උගන්වන රටක් නෙමෙයි(රේ)
විමල්ල තවම හිතන්නේ තවමත් තියෙන්නේ ඒකාධිපතියාට යට වුන ශ්‍රී ලංකාවක් කියල.වූ තවම දන්නේ නැහැ අපි ජනවාරි 8 වෙනිදා ඒකාධිපතියගෙන් රට නිදහස් කර ගත්ත කියල.(රේ)
ඒකාධිපතියාට රට යටත් වෙලා තිබුන අවදියේදී මේ දෙසප්රේමියට මෙහෙම අකර තැබ්බයක් වුනානම් මේ වෙනකොට බලන්න තිබුන....(රේ)
ඩුබායි යන්නේ, ඉතාලි යන්නේ නිකම්ම නෙමෙයි.දුක් මහන්සි වෙලා හරි හම්බ කර ගත්තු දනස්කන්දය තැන්පත් කරලා එන්නයි.ඇමරිකාවට ගියත් කමක් නැහැ මුව හොදට පරික්ෂ කරලා යවන්න.(රේ)
පාස්පෝට් වංචාවකට අහු වුණ කාටවත් රට යන්න බැහැ. උසාවි තමයි යන්නේ. (ත)
කතාව දෝලාවෙන් ගමන පයින්.මෙයාගේ වැඩ සහ කතාව ගැන මුළු ලංකාවම දැන්වත් දැන ගත්තොත් හොඳයි.මෙයාගේ බිරිඳටත් පාස්පෝට් නඩුවක් තියෙනා නේද? එක අයෙකුට තිබිය යුත්තේ එක පාස්පෝට් එකක් පමණි. (ත)
මේ වතාවේවත් පාඩමක් ඉගෙනගන්නවා නම් හොඳයි (නි)
දැන් ලංකාවේ ඉන්න අයියලට කියාවි මම ඩුබායි හරහා ඉතාලි යන්න ගියේ ඩුබායි රටේ සහ ඉතාලි වලට සමාජවාදය ගැන කියආ දෙන්න කියලා.අපේ අයියාලත් අත්පුඩි ගහලා විසිල් ගහලා ගෙඩිය පිටින්ම කටේ දාගනීවි. (නි)
විමල් ගැන තිබුන පසුගිය ලිපියට මගේ අදහස් මොනතරම් සාධාරණව සැසදෙනවාද බලන්න.අපි කියන දේ තේරුම් ගන්නත් මොළය කළඳක් හරි තියෙන්න ඕනෑ. (නි)
අපි නිහඬව බලා සිටිමු. (ම)
විමල් හොඳින් පරික්ෂා කරලා ස්කෑන් හරහාම යවන්න. ලංකාවේ නීතියක් කියලා දෙයක් තිබෙනවා. එය සියලුම දෙනාට සාධාරනයි කියලා ලෝකෙටම පෙන්වන්න. (නි)
ඔය 4 වෙනි ගමන් බලපත්‍රය නේද? දුෂණ වංචා වැඩ මොනතරම් කරන්න ඇද්ද මෙහෙම බලනකොට?තවමත් ඉන්නවනේ අපේ රටේ සමහරු මේ වගේ අය පස්සේ යන. (නි)
කතා කරන්නේ දේශප්‍රේමය. බොන්නේ විස්කි,යන්නේ ඩුබායි,ඉතාලි. දුක්මහන්සියෙන් ,උගත්කමින් හරිහම්බ කරපුවා තැන්පත් කරල එන්නද? අනේද කියන්නේ? (නි)
බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි (නි)
විරුද්ධ හඩ නිහඩ කරන්න, විරුද්ධ මත නිහඩ කරන්න ,(හේ)
උපන්දින හොරට , පාස්පෝර්ට් හොරට , කතාව නම් අවංකකමේ ඉහළම තැන ඉන්නවා වාගේ. මෙම දෙය සාමාන්‍ය කෙනෙකුට වුණා නම් මාස ගණනක් රිමාන්ඩ් බාරයේ, නඩුත් එක්ක (නි)
දේශපාලන දඩයමක් කියලා තමයි විමල් පෙන්වන්නේ. මොකද පසුගිය රජය කාලේ කළ ඕනෑම හොර වංචාවකට ඉඩ දුන්නට, අලුත් රජයෙන් ඒවාට ඉඩ නැහැනේ (නි)
මේක අධිරාජ්‍යවාදීන්ගෙ කුමන්ත්‍රණයක්... (නි)
"බලු වලිගේ ඇද බලි ඇරියත් යාද" (නි)
නීතිය ලොකු පොඩි කාටත් පොදු විය යුතුයි. (ම)
අනේ මෙයාගේ හරි නමයි උපන් දිනයයි දන්නා කෙනෙක් කියන්නකෝ.අනේ මේ වගේ කෙනෙකුට ඡන්දෙ දීපු ලක්ෂ ගාණක් අයට උපහාරයක් වශයෙන් මොකක්හරි කරමුද? (නි)
කට තිබුනට මොලේ නෑ (ම)
හොර පාස්පෝර්ට් සහ හොර උපන්දින දමපු පාස්පෝර්ට් වලට ඉතා ප්‍රසිද්ධ සහ ඉතා දක්ෂයකු නිසා වන්නට පුළුවන් (ම)
වැරදි ගුවන් ගමන් බලපත්‍රයකින් අපි ගිහින් අහුවුණොත් මෙහෙම පැය කීපයකින් ඇප ලැබෙයිදෝ කියලා මම කල්පනා කරන්නේ. (නි)
පාස්පෝර්ට් එකක් හෝ හැඳුනුම්පතක් නැතිවුණාම නැවත පිටපතක් ගන්නාවිට නැතිවූ පිටපත අවලංගු කරන එක සම්ප්‍රදායක්. නැතිවුණ එක අවලංගු කරලයි අලුතින් එකක් දෙන්නේ. නැතිවුණ එක නැවත හමුවූ පසු එය අදාළ ස්ථානයට වාර්තා කළයුතුයි. මේක අපේ ගමේ ගොඩේ සාමාන්‍ය ජනතාවත් දන්නා කාරණයක්. ඉතින් අපේ රටේ ඇමතිකම් දරපු මේ මහත්තයා ඒකවත් නොදැන මෙහෙම ගමනක් යන්න ගිය එක ගැන "ඇදගෙනම නානවා " කියනවා මිසක් වෙන මොනවා කියන්නද? (නි)
ඔය නැතිවුනයි කියන පාස්පොට් ගෙදර පෙට්ටගමේ තියන්නේ. එයින් එකක් අරගෙන ඔය පරණ පුරුද්දට යන්න ගිහින් තියන්නේ,(බ)
විදේශ රටකට යන්න විසා දුන්නේ තානාතිපති පාස්පෝර්ට් දිනය පරික්ෂා නොකර විමල් මන්ත්‍රී තුමා නිදහස් කර වීසා කාර්යාල මහත්වරුන් නීතිමය පියවර ගැන ක්‍රියාමාර්ග ගැනීම හොඳයි (බ)
ඇමති නැතිව මෙහෙමනම් - ඇමති කම් කාලේ කොහොමට වැඩද ?(රේ)
ඊළඟ චන්දෙදි ලක්ෂ පහකවත් මනාපෙන් දියවන්නාව තරණය කරවමු (රේ්)
විමලෙ කාගෙ සල්ලි ද රට යන්න වියදම් කරන්නේ?(රේ)
ඩුබායි වල ගිණුම් තියෙන අයගේ ඉහ මොළ රත්වෙලා තියෙන්නේ .මොනවා කරනවාද දන්නේ නැහැ .එහෙම දෙයක් වෙලාද දන්නේ නැහැ (බ)
අනේ වීරවංශ මෝඩයිද (බ)
දැන්වත් අනුන්ගේ අඩුපාඩු නොසොයා තමාගේ අඩුපාඩු හදා ගත්තොත් නේද හොදයි (ම)
සුරනිමල, මටත් දැන් නම් එහෙම හිතෙනවා.මේ හැමෝම දැන් බය වෙලා තමයි. (බ)
වීසා ගහන්නේ යහපාලන නිලධාරින් නොවේ, යන්නට බලාපොරුත්තු රටේ තානාපති කාර්යාලයෙන් වීසා ගහන්නේ.(ම)
මොකටද ඩුබායි යන්නේ කොයි බෑන්ක් එකටද ? (බ)
කාර්යබහුල කාටත් මේ වගේ අතපසුවීම් වෙනවා (නි)
ලොව පවතින නීති සම්ප්‍රදාය අනුව වංචාවන් වලට අසුවන පුද්ගලයන්ට විශේෂයෙන් රාජ්‍ය සේවයේ යෙදීමට නොහැකි වෙනවා ...අපිට හිතා ගන්න බැහැ ලංකාවේ නීති විරෝධීව ක්‍රියා කරන එහෙව් පුද්ගලයන්ව හිරගෙදර සිට පාර්ලිමේන්තුවට, පළාත් සබා වලට අරගෙන එන හැටි දකිනකොට ...(බ)
රොහානි.ඩුබායි කියන්නේ බැංකු වලින්ම වැහි වැහැපු රටක්.ලෝක වෙළද මධ්‍යස්ථානයක්.ලංකාවේ දේශපාලකයෝ කරන්නේ අපේ රටේ අසරණ මිනිස්සු ගොනාට අන්දලා ,මහජන මුදල් කොටි ප්‍රකෝටි ගණනින් ගසා කාල ඩුබායි රටේ බැංකු පුරවන එකයි,ඉතාලියේ සේන්ත් ෆ්රැන්සිස්කෝ වල බැංකු පුරවන එකයි,ශිෂෙල් රටේ බැංකු පුරවන එකයි. (බ)
එයා ලොකු සැළසුමක් ඇතුව වගෙයි ඇවිල්ලා තියෙන්නේ. කරුණාකර ඔහුගේ ගමන් මලු හොඳට පරික්ෂා කරන්න. (නි)
මොකද මේ හදිස්සියේ ඩුබායි යන්නේ? (නි)
කතා කළොත් අධිරාජ්‍යවාදය පට්ට ගහනවා.එ්ත් යන්නේ ඩුබායි,ඉතාලි,ඇමරිකාවට.විමල් ඇදුම් අදින්නේ විලි වහ ගන්න අපි ඇදුම් අදින නිසයි. (බ)
දැන් වත් රටේ සිදු වුන දුෂණ, වංචා,හොරකම්, ස්ත්‍රී දුෂණ,.....කරන පරීක්ෂණයක් "කියන දේ කරන කරන දේ කියන" විස්වාසවන්ත කෙනෙකුට බාර දෙන්න.ඒ සදහා සුදුසුම කෙනා ජෙනරල් ෆොන්සේකා පමණයි. (බ)
ඔය යන්නේ නිකම් නෙමෙයි දුක් මහන්සියෙන් රටේ මිනිස්සු ගොනාටම අන්දලා හරි හම්බ කර ගත්තු රුපියල් කෝටි 2,000 සොර සතුරන්ගෙන්(අසරණ බදු ගෙවන ජනතාවගෙන්) පරිස්සන් කර ගන්න ලෝකයේ වෙනත් බැංකුවකට රැගෙන යන්නයි. මේ ගැන සොයන්න.ඉක්මන් කරන්න. (බ)
වැරදිකරුවන්ට කිරි පොවන්න එපා. (බ)
ඒකනේ කියන්නේ සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි කියලා (නි)
සුරනිමල.විමල් ගැන මම මිට පෙර දාපු අදහස් කියවල බලන්න.අපේ මුදල් ගසා කාපුවා පෙන්වන දෙනකොට සම-හරක් මට දෝෂාරෝපණය කරලත් තිබුන. (බ)
මම නිකන්ද කියන්නේ ජනරාල් ෆොන්සේකාව ජනාධිපති කරව ගන්න නොලැබුණේ රටේ අවාසනාවට,අපේ අවාසනාවට, උපදින්න ඉන්න දරුවන්ගේ අවාසනාවට,ඒකාධිපතියාගේ සහ ඒ මත යැපුන කම්බා හොරුන්ගේ වාසනාවට කියල. (බ)
"ගඩාෆි පරදවා මහින්ද හදා තිබූ රහසිගත භූගත මාලිගාවක් හමුවේ. කොන්ක්‍රීට් තට්ටුවක ඝනකම අඩි 12 යි. යටට තට්ටු 2 යි. පැන යන්න උමගකුත් හදලා...... අන්තර්ජාලයෙන් ෆොටෝ සහිතව ලිපිය කියවන්න. (බ)
ඩුබායි තිලක් පිස්සුවෙන් කියවනවා.දේශප්‍රේමියෙකුට පාස්පෝට් දෙකක් තිබුනම මොකද වෙන්නේ?විමල් රට වෙනුවෙන් මොන තරම් සේවයක් කරනවද? (බ)