අසනීපයක් සඳහා යන්ත්‍රයක් දැමීමට පේරාදෙණිය, ගලහ ප්‍රදේශයට ගොස් ආපසු පැමිණෙමින් සිටි සිව්දෙනකු රැගත් කාරයක් අද (27) අලුයම කළුතර උතුර, දියගමදී මාර්ගයෙන් ඉවතට පැන ගල්පරවල හා විදුලි කණුවක වැදීමෙන් සිදුවූ අනතුරින් කාන්තාවක (59) මිය ගිය බව පොලිසිය කියයි.
අසනීපයක් සඳහා යන්ත්‍රයක් දැමීමට පේරාදෙණිය, ගලහ ප්‍රදේශයට ගොස් ආපසු පැමිණෙමින් සිටි සිව්දෙනකු රැගත් කාරයක් අද (27) අලුයම කළුතර උතුර, දියගමදී මාර්ගයෙන් ඉවතට පැන ගල්පරවල හා විදුලි කණුවක වැදීමෙන් සිදුවූ අනතුරින් කාන්තාවක (59) මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කර්මය පිළිබඳව නිසි සැලකිල්ලක් නොදක්වතත් ඔවුන්ගේ ගැඹුරු හදවතේ එම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සැකයකින් බියට පත්ව සිටිනවා. යන්ත්‍ර මන්ත්‍ර පසුපස දිවයන්නේ එබැවිනි. අවිද්‍යාව තුල ජිවත් වීම මරණය අත්හදා බැලීමක් . (ස)
දයා මිස් ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔබේ මිනිසත් බව අදහස් දෙන බහුතරයක් දන්නේ නැති නිසා ඔවුන්ට අනුකම්පා කරනු මැන. (ස)
ලංකාවේ මොන ආණ්ඩුව ආවත් බදු නියම කිරීම කරනු ලබන්නේ කිසිම පදනමක් නැතිවය , දඹුල්ලේ ලුණු අස්වැන්න කාලයට ලුණු බද්ද වැඩි කරනු ලැබේ , උඩරට අර්තාපල් වාරයට පිටරටින් ගෙන්වන අර්තාපල් වලට බදු වැඩි කරනු ලැබේ , අර්තාපල් හෝ ලුණු කල් තබාගැනිමට ගබඩා පහසුකම් ඇතිකිරීම වැනි දිර්ඝකාලින ආයෝජන සැලසුම් කරන්නෙත් නැත , ඒවගේ තමා රටේ වාහන තදබදය වැඩි කියා අලුතින් ගෙන්වන වාහනවල තීරු බදු වැඩි කරනු ලැබේ , නමුත් ජනතවට පිරිසිදුවට , කලට වෙලාවට ආරක්ෂක්රිව ගමනක් යාමට පොදු ප්‍රවාහන සේවා දියුණු නොකරති , මේ වැඩි කරන බදු යොදා ලංගමට අලුතින් බස් හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය හෝ ගෙන්වනවා නම් කමක් නැත , මේ සැම දෙයකින්ම පිඩාවට පත්වන්නේ දුප්පත් සහ මධ්‍යම පන්තික රටවැසියන්ය. මෙවෙනස තේරෙන්නේ පිට රටවල ජිවත්වන විටය , අපේ රට සුර පුරක් කිරීමට අවශ්‍ය වන්නේ සුළු සුළු වෙනස් කම් කීපයකි නමුත් අවසනාවක මහත අපේ ජනතාව විසින් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නේ බොහෝ විට නුගතුන්ය , එහෙම නැත්නම් වංචාකාරයන්ය , මේ වෙනස කිරීමට ඔවුන්ට දැනුම නැත එසේත් නැත්නම් ඔවුන්ට අවශ්‍ය නැත (බ)
අනේ දෙවියනේ! (නි)
ගලහ පේරාදෙණිය පැත්තෙ කිව්වෙ අර පසුගිය සති කීපයට පෙර රූපවාහිනී නාලිකාවෙ විකාශනය වුනු වැඩසටහනේ පෙන්නපු වෙදමහතාගෙ යන්තරයක්වද්ද? (බ)
ඔබට නිවන් සුව! (නි)
දුක තමයි.(හේ)
මේකට ප්‍රශ්නේ වාහනේ කියලා කියන්න එපා .(හේ)
අවාසනාවන්ත පුවතක් (නි)
මෙම කුඩා ඉන්දියානු රථය එයට නොසරිලන අධික වේගයකින් ගොස් ඇති බව පෙනෙනවා. අපේ මිනිස්සු කොහොමටත් මිත්‍යාව මයි පිළිගන්නේ ..! බොහෝ උගතුන් පවා...! .නමට පමණයි බෞද්ධයෝ බොහොමයක්.බලන්න මිත්‍යාව වෙනුවෙන් ගොස් ඇති දුර ..! පිට රටවලටත් ගිහින් මිත්‍යා ඇදහිලි වෙනුවෙන් සතුන් බිලි දී එනවුන් බැලුවහම මේ මොන දුරක් ද..? මියගිය කත ට නිවන් සුව...(රේ)
මෙහෙම දේවල් අහන්න, දකින්න ලැබීම ඉතාමත් කණගාටුදායකයි. (ර)
යන්තරේ බල නැති වෙලාලු මම කිල්ලට අහු වෙලාලු. (ර)
ඒ කියන්නේ යන්තරේ මගදීම වැඩකරලා වගේ.අනේ මෙහෙමත් මෝඩයෝ. (බ)
යන්තරේ ගුරුන්නාන්සේගේ වරද්දක්වත් නෙවයි... ඔය පොඩි බර අඩු කාර් එකෙන් ගොඩක් වේගයෙන් ගියොත් පොඩ්ඩ එහා මෙහා වුනොත් පියාඹල යන්න පුළුවන්...(බ)
ප්‍රසන්න හරි. පොඩි කාර් අවදානම වැඩියි (නි)
ලංකාවේ වාහන වලට ගහන තීරු බද්ද ඉතා ඉහළ නිසා මිනිස්සු මිල අඩු අනාරක්ෂිත ඉන්දියන් , චීන වාහන , ත්‍රිරෝද රථ සහ අබලන් පරණ වාහන පාවිච්චි කරන්න පෙලඹිලා . මේවා නිසා අනතුරු වැඩි මාර්ග අවහිරතාත් වැඩි රටකට දියුණුවන ලෝකයත් සමග ඉදිරියට යන්න මෙවැනි කබල් වාහන බාධාවකි (බ)
ඒක හරි. අඩුවට හොද වහනයක් ගන්න පුළුවන් නම් මේ වගේ අනාරක්ෂිත වාහන ගන්නේ නෑ මිනිස්සු. රජය වෙනත් විකල්ප මාර්ග වලට යන්න ඕනි. බදු වැඩි නොකර. (ර)
ලාභෙද, තමුන්ගේ සහ පව්ලේ ජීවිතද වටින්නේ. (ර)
ජ්‍යාතන්තර ප්‍රමිතිය නැති වාහන ලංකාවට ගෙන ඒම නවත්වන්න . (ර)
"අධික වේගය මරුවා කැඳවයි" කියමන මෙන්න මේවට ගැළපෙනවා. ඔය කුඩා ඉන්දියන් වාහන වේගයෙන් පදවන්න බැහැ. බර මදි නිසා ලිස්සන්න සහ පෙරළෙන්න තිබෙන සම්භාවිතාව වැඩියි. වේගය පෙරටුවේ තබාගෙන යන අනෙක් සැමටත් මෙය හොඳ පාඩමක්. මියගිය කාන්තාවට නිවන් සුව! (නි)
අලුත් ජපන් සහ කොරියන් වාහන සැලසුම් කරලා තිබෙන්නේ අනතුරකදී පාරේ ගමන් කරන මගීන්ට සහ වාහනයේ ගමන් කරන පුද්ගලයන්ට උපරිම ආරක්ෂාවක් ලැබෙන ලෙස සහ හදිසි තිරිංග තද කිරීමේදී ලිස්සා නොගොස් ඉක්මනින් නතර වන ලෙස, මේවා ඉන්ධන පිරිමසුම අතින්ද හොඳය, පරණ වාහනවල, බොහෝ ඉන්දියන් සහ චීන වාහන වල මෙවැනි දේවල් නැත. දේශපාලකයන්ට වාහන තීරුබදු රහිත බලපත්‍ර දෙනකොට ඉන්දියන් සහ චීන වාහන විතරක් ගන්න පුළුවන් විදිහට බලපත්‍ර දෙන්න එතකොට එයාලටත් තේරේවි මෙහි වෙනස . (ර).
සිල්වා කියන දේ නිවැරදියි. (නි)
ජයන්ත,ඔහොම කතාකරන්න එපා (නි)
යක්ෂ නමස්කාරයට ගිය නිසා යක්කු ජීවිත අරගෙන (බ)
අපරාදේ වටිනා ජීවිතයක් (නි)