යුද්ධය හේතුවෙන් යාපනයේ කානු පද්දති වසා දැමු යුදහමුදාවට, යුද්ධයෙන් පසුව එම කානු පද්දති යලි සකස් කර දීමට හැකි දැයි යුද හමුදාවගෙන් විමසීමට පියවර ගත්තා හැරෙන්නට යුදහමුදාවට යාපනයේ කුණු කානු හාරන්නට නොකියූ බවට උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් කියා සිටියේය.
යුද සමයේදී කොටි සංවිධානය විසින් කානු පද්දති යොදාගෙන ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයන් හා විවිධ ප්‍රහාරයන් එල්ල කිරීම නිසා යුද හමුදාව යාපනයේ කානු පද්දති වසා දමි ඇත. දැන් යුද්ධය අවසන් වී ඇති නිසා කානු පද්දති යලි පිලිසකර කිරීමට හැකි දැයි තමන් යුද හමුදාවගෙන් විමසීමට පියවර ගන්නා බව උතුරු පලාත් සභාවේදී පැවසූ බවට විග්නේෂවරන් කියා සිටියේය.
යුද හමුදාව සම්බන්ධයෙන් තමන් වැරදි ප්‍රකාශයක් සිදු නොකළ බවටත් තමන් පිළිබඳ වැරදි වැටහීමක් ඇති නොකරගන්නා ලෙසට උතුරු මහ ඇමති ඉල්ලීම් කරයි.
‘‘අවුරුදු 67ක්ම පැවති ආණ්ඩු වලින් වගේම දෙමළ නායකියින්ගෙන් ද දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් නිසි විසඳුම් නොලැබුණු නිසාත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් කාරණා ඇතුල් කළ යුතු නිසාත් අපි දෙමළ ජනතා සභාව ආරම්භ කළා‘‘ යි උතුරු මහ ඇමති සී.වී. විග්නේස්වරන් පැවසීය.
ඔහු මේ බව කීවේ උතුරු පළාත් සභාවේ පැවැති මාධ්‍ය හමුවක් සිංහලෙන් අමතමිනි.
‘දෙමළ ජනතා සභාව මගින් දෙමළ ජතික සන්ධානය කඩාගෙන වෙනම පක්ෂයක් හැදීමේ කිසිම අරමුණක් නැහැ . මේ සම්බන්ධයෙන් පක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා හමුවි සාකච්ඡා කළා. ඔහුත් තේරුම් ගත්තා ප්‍රජාතන්ත්‍රවාදි රටක් හැටියට මිනිසුන්ගේ අදහස් දැන ගැනීම හොඳ දෙයක් බව. ඔහු කිව්වා අපි අතර කිසිම ප්‍රශ්නයක් නැති බව. නමුත් සමහරුන්ට ඕන අපි අතර ප්‍රශ්නයක් තියනවා කියා පෙන්වා අපේ පක්ෂය කඩන්න‘‘ යැයි ද විග්නේෂ්වරන් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතාගන ඇති අපි ගොන් කියල තොපේ කාණු වැහුවේ තොපේ උන්ගේ වැරදි නිසා දැන් තොපිට ඕනෙනම් පළාත් සබාවේ ඉන්න සේවකයෝ දාල සුද්ද කරගන් නැතිව අපේ හමුදාව ඉන්නේ තොපේ කණු හාරන්න නෙවේ (බ)
ඇයි කොටි ත්‍රස්තවාදී ප්‍රබා කණු වල බෝම්බ හයි කළේ නැද්ද (බ)
අප්පච්චිගේ ගෝල බාලයෝ රටේ ඇති කරන තත්වය එතරම් හොද දෙයක් නෙවෙයි.බොරු ප්‍රචාර රට තුළ පැතිරවීමෙන් ඇතිවෙන්නේ භයානක තත්වයක්.දේශපාලන අනාථයන් මේ දේ තෙරුම්ගන්නකම් රට ඉස්සරහට ගෙනියනවා බොරු. (බ)
අනිත් දෙමළ නායකයෝ ජාතික සමගිය හදන්න හදන මේ වෙලාවේ මෙතුමාගේ හැසිරීම නම් අනුමත කරන්න බැහැ. පසුවවත් ප්‍රකාශයක් කළ එක හොදයි. (බ)
මෙම කාර්ය යාපනය නගර සභාව ප්‍රාදේශිය සභාව ඉටු කළ යුතු වගකීම් නේද ? ජනතා මුදල් වලින් යැපෙන පුද්ගලයන් ජනතාවට සේවය කිරීමට බැඳී සිටිනවා. (බ)
උතුරේ සේවය කළ වීරෝදාර රණ විරුවෝ කුණු කානුවටම යයිද? (බ)
කියන්න ඕන දේ කලින් කියල කෙල වෙන බව දැනගත්තම සති දෙකකට පස්සේ දැන් බොරුවට දොඩවනවා. (බ)
උතුරේ කෙසේ වෙතත් දකුනේනම් හමුදාවෙන් කණු කැපුවා, යුව රජවරුන්ට රේස් පදින්න වැලි කොට්ට කර ගැහුවා. ගොඩක් වීරෝදාර වැඩ කරා. එකනේ ඒගොල්ලන්ට රණ විරුවෝ කියන්නේ . (කෞ)
බොරු කියන්න එපා දැන්.(හේ)
එහෙම කිව්වේ නැත්තම් හොදයි.(හේ)
කෙලවෙන්නේ මල්ලි එයාට නොව අපිට (හේ)
කට වැරැද්ද ගත්තොත් වෙන්නේ මොකක්ද කියල දන්නවනේ. එ්කයි ඔය හදීසියේම වැරැද්ද හදාගන්න දගලන්නේ. (බ)
යුද සමයේදී කොටි සංවිධානය විසින් විනාශ කරපුව හදා දෙන්න කියන්නේ කාටද ? (බ)
මහා ඇමති පැහැදිලිවම කිවුවේ "හමුදාව දැන් කිසිම වැඩක් නැතිව කඳවුරුවල සිටින නිසා, ඔවුන් ලවා යාපනයේ කානු සුද්ධ කරව ගත යුතුයි " යනුවෙනි. මෙයාට දිව දෙකක් තියෙනවා. මොහු විශ්වාස නොකළ යුතුයි (බ)
මට නම් දැන් මාර සනීපයි ,ශෝක් කතා පොඩ්ඩ.ජාතිවාදී ලේබල් ගානවා නෙවෙයි හොදේ ,ඇත්ත කිව්වේ (බ)
සිංහල කතා කරන විදියට දෙමල මනුස්සයෙක් කියල කියන්න අමාරුයි. එ්ත් ඔය ජාති වාදී අදහස් ටික ටික හරි තුරන් කර නොගත්තොත් ආයෙමත් විශාල අපරාධ සිදු වේවි (බ).
කව්රුත් කලබල වෙන්න ඕනේ නෑ.(හේ)
හමුදාවට සිංහල ප්‍රදේශවල පතෝල විකුනන්න හොදයි.. කොළඹ කානු සුද්ද කරන්න හොදයි.. (බ)
අපොයි,ඔව්. යුද්ධෙන් පස්සේ රණවිරුවො කොළඹ කාණු සුද්ද කළේ, අතු ගෑවේ නෑනේ.නේද? (බ)
ඒකට තමා නගර සබා , පළාත් සබා තියෙන්නේ . ඔබතුමාව පත් කරලා තියෙන්නේ කානු හදල පළාත සංවර්ධනය කරන්න මිසක් ඔතනට වෙලා රට කලඹවන ප්‍රකාශ කිරීමට නෙමේ (බ)
දැන් ඉතින් කියපු කතා වෙනස් කරන්න එපා.(හේ)
මහ ඇමති තුමාගේ සිංහල කතාව නම් අපුරුයි. ,කොළඹ සිටි කෙනෙක් නිසා. ඔය ජාතිවාදී අදහස් වලින් දෙමල ජනයා අවුස්සන්නේ නැතිව මහා ආණ්ඩුව සමග සහයෝගෙන් කටයුතු කරන්න බැරිද..?, උතුරේ ජනතාව වෙනුවෙන්...?.ඉන්දියාවත් ළඟදී ඔබට අවවාද කලානේදා ඒ ගැන. (අ)