බෝ නොවන රෝග හේතුවෙන් ලංකාවේ වසරකට මිය යන ප්‍රමාණය යුද්ධයේදී මිය ගිය ප්‍රමාණයටත් වඩා වැඩි යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. අපස්මාර රෝගය නිවාරණය සඳහා සිදුකළ වැඩසටහන් ඇගයීමේ උත්සවය හා කලා උළෙල ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වුණු අවස්ථාවේ ඇමැතිවරයා මේ බව කීවේය.
‘අද බෝවෙන රෝග මර්දනය ඉතාමත් හොඳයි. අප රටේ ඉහළ යාමකට ඇත්තේ එච්අයිවී ආසාදිතයන් ප්‍රමාණයි. බෝ නොවන රෝග ප්‍රමාණය ඉතා වැඩියි‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
එහිදී අපස්මාර රෝගය නිවාරණයට කැපවූ වෛද්‍යවරු හා ඊට සම්බන්ධ වැඩසටහන්වලට දායකත්වය දැක්වූ කලාකරුවන් ඇගයීමට ලක්විය. එම අවස්ථාවේදී අපස්මාර රෝග තත්ත්වය ගැන කියැවෙන ගීතයක්ද ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා ඇතුළු පිරිස ගායනා කළ අතර ඒ සම්බන්ධ වේදිකා නාට්‍ය කිහිපයක්ද රඟදැක්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ කියවන්නේ? (ස)
කතාකරලා පමණක් වැඩක් නැහැ. මේවාට විසඳුම් අවශ්‍යයි (නි)
රටේ ඇති නිමක් නොවන මේ ප්‍රශ්න කවදා විසඳේවිද? (නි)
පළමු ඡායාරූපය බලන්න.දෙපැත්තේ ඉන්න අය නිදි. ඉතින් කොහොමද රටක් දියුණුවෙන්නේ? අනේ මන්දා..! ඕවට බෙහෙත් නැහැනේ. (නි)
ඒ කතාව නම් සහතික ඇත්ත (නි)
දෙපැත්තේ අය නිදි. මැද්දේ අයත් අහක බලාගෙන ඉන්නේ. ඉස්සරහ පේළියේ වාඩිවුණා නම් ඇස් ඇරලා ආ දෙයට හිත යොදන්න. (නි)
මොනයම් ක්‍රමයකින් හෝ වැඩිවන ජනගහණය සිමාවිය යුතුය. දැනටමත් මහපොළොවට එය දරාගත නොහැක. එනිසා යුද්ධ සහ බෝවෙන රෝග ස්වභාවිකය. එකක් නවතින විට තව එකක් පැමිණේ. (නි)
රටේ වගකිවයුත්තෙක් කියන කතාවක්! (නි)