ශ්‍රී ලංකා යුද්ධයේ ‘අවසන් අධියර‘ චිත්‍රපටයක් පෙබරවාරි 24 වැනි දා ලන්ඩන් පාර්ලිමේන්තු මන්දිරයේ දී තිර ගත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවට සම්බන්ධ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති නෙසබි සාමිවරයාගේ ප්‍රධානත්වයෙන්  සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතව.

සාකච්ඡා මණ්ඩපයට යුද කටයුතු පිළිබඳ ඉතිහාසඤයකු වන පෝල් මුවර්ක්‍රාෆ්ට්, කොටි නියෝජිතයන්, සිනමා නිෂ්පාදකවරු හා නෙසබි සාමිවරයා ද අයත් වේ.

ශ්‍රී ලංකාව ගැන උනන්දුවක් දක්වන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්, සාමිවරුන් හා දේශපාලන පර්යේෂකයන් මේ සාකච්ඡාවට කැඳවා ඇත.

කොටි සංවිධානයෙන් පීඩාවට පත් බොහෝ දෙනකුගේ සමූඛ සාකච්ඡා ද මේ චිත්‍රපටයට ඇතුළත් වේ. යුද්ධයේ සැබෑ තතතු පෙන්වන මේ චිත්‍රපටයේ අවසානයේ පැවැත්වෙන සාකච්ඡාවේ දී ප්‍රශ්න ඇසීමේ වාරයක් ද ඇත.

මීට කළින් චැනල් ෆෝ රූපවාහිනී නිෂ්පාදනය කළ චිත්‍රපටවල අන්තර්ගතය ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය.