IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුද්දයට මැදි වූ ලක්කත මිය ගිහින්

 

(යොහාන් භාසුර)

පලස්තීනය සහ ඊශායලය අතර යුද්ධයේදී අතුරුදහන්ව සිටින කාන්තාව මරණයට පත්ව ඇතැයි ඊශ්‍රායල තනාපති ආරංචි මාර්ග සඳහන් කරන බවත් ඇයට හමාස් සංවිධානයේ සාමාජිකයන් තැබූ වෙඩි ප්‍රහාරයකින් සේවා ස්ථානයේදී මරණයට පත්වූ බවත් විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය වෙඩි ප්‍රහාරයට ලක්වූයේ යැයි සේවා ස්ථානයේ වෙනත් පුද්ගලයෙක් දැනුම් දී ඇති බව ද විදේශ වාර්තා පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ අදාල කාන්තාව ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී සේවා ස්ථානයේදී හමාස් ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් ඇයගේ යැයි කියන මළ සිරුර පරීක්‍ෂා කිරීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවත්ය.

ඇයගේ දේහය පරීක්‍ෂා කිරීමට ක්‍රියාපටිපාටියක් ඇති බව කී එම නිලධාරියා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

 



අදහස් (3)

යුද්දයට මැදි වූ ලක්කත මිය ගිහින්

රට වැසියා Tuesday, 10 October 2023 10:40 PM

ලංකාවේ රට වැසියෙකු ලෙස ඉතාම කණගාටු වෙනවා. කුරීරු ත්‍රස්තවාදීන්ට සාපවේවා...! එතුමියගේ පවුලේ අයට බලවත් ශෝකය ප්‍රකාශ කරමි. එතුමියට නිවන් සුව පතමි.

:       0       32

Kumara Wednesday, 11 October 2023 02:27 AM

මුලින්ම නිවන් සුව පතමි. මහත්මයාණෙනි, විදේශ රක්ෂණයෙන් ගෙවන්න ඒ පවුල්වලට...!

:       0       0

Senaka Wednesday, 11 October 2023 09:36 AM

ආගමික අන්තවාදයේ බිහිසුණු බව ලොවට පෙන්වූ එක අවස්ථාවක් විතරයි ඔය. ලංකාවේ අයටත් ඕකෙ තත්ත්වය ලාවට දැකගන්න පුළුවන් වුණා පාස්කු ප්‍රහාරෙන්. ඒත් දේශපාලන පක්ෂ එකතු වෙලා හිමීට ඒක රාජපක්ලාෂ කරපු එකක් කියලා මෝඩ චූන් ගන්නවා. ඒ අන්තවාදීන් මේ රටේ බහුතරය වෙච්චි දවසට මාසෙකට සැරයක් ඔය වගේ ඒවා බලාගන්න පුළුවන්. ඊස්‍රායලයේ මිනිස්සු ඔය අයගේ හැටි හොඳට දැනගෙනයි ජීවත් වුනේ...! අපි දැන් ඉන්නේ අපායේ ඉන්ටවල් එකක බව තේරුම් අරන් හිටියොත් හොඳයි. මේ අන්තවාදී ප්‍රහාරයෙන් මියගිය එම මැතිණියට නිවන් සුව ලැබේවා!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site