බුදු තෙමගුල සමරමින් දස දහස් සංඛ්‍යාත උවැසි උවැසියෝ අද උදෑසන දිවයින පුරා විහාරස්ථාන වලදී පෙහෙවස් සමාදන් වූහ. ප්‍රධාන රාජ්‍ය උත්සවය පැවැත්වෙන ඓතිහාසික යුදගනාවේදී පන් දහසක් පමණ සිල් සමාදන් වූහ.
මොනරාගල සිට වැල්ලවාය දක්වා මග දෙපස වෙසක් පහන් මැටි පහන් බෞද්ධ කොඩි ඇතුළු වෙසක් සැරසිළි වලින් අලංකාර වී තිබේ.
ඊට අමතරව බෞද්ධ බැති ගී කණ්ඩායම් තැන තැන ඉදිකළ විශේෂ වේදිකා මත බැති ගී ගයති. ප්‍රධාන උත්සවය යුදගනාවේදී සෙනසුරාදා 25 යුදගනාවේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්, රාමසාන් වලින් පස්සේ හොදවෙන ත්‍රස්තවාදීන් ඉන්නවද ? (නි)
පහන් මහත්තයෝ, ත්‍රස්තවාදය හා ආගම් අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒත් අපි මෙතනදී කතාකරන්නේ සාමාන්‍ය මිනිසුන් ගැන. ඔබ හිතනවද ලංකාවේ බෞද්ධයන් ත්‍රස්තවාදීන් කියලා? නැහැනේ. ඇයි එහෙනම් බෞද්ධයන් හා ත්‍රස්තවාදීන් එක සේ ගන්නේ? (නි)
හරි සජිත් මොහොමඩ් එහෙනම් මම මෙහෙම කියන්නම් රාමසාන් වලින් පස්සේ හරකුන්ගේ බෙලි කපන එක නවතිනවද ? රිසානාගෙන් අත්වැරදීමෙන් සිදුවූ මරණයට මරණයකින් පලිගැනීම වැනිදේ රාමසාන් වලින් පස්සේ නැති වෙනවද? මුලධර්මවාදීන් දාර්ශනික වෙනවද ? සුන්නි ෂියා මරාගන්න එක නවතිනවද ? ඔය ඔක්කොම සාමාන්‍ය මිනිසුන් අතරේ වෙනදේ.(නදී)
අපිට දැහැමි පාලකයෙක් බිහිවේවා (අ)
සාධු සාධු! මෙවැනි පින්කම් තවදුරටත් සංවිධානය කරන්නට සංවිධායක මඩුල්ලට හැකියාව ලැබේවා. හැමෝටම බුදු සරණයි (නි)
සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා! බුදුසසුන බැබලේවා! (නි)
තව ෆොටෝ ටිකක් දැම්මා නම් තමා හොඳ (නි)
ලෝ වැසි සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා! (නි)
අප ශාන්ති නායක බුදු පියාණන්ගේ තෙමගුල සිහි කරන අද දවස වාසනාවන්ත වේවා! (නි)
ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි. බුදුසසුන බැබළේවා! (නි)
ශ්‍රී සද්ධර්මය ගෝචර වූ සියලුම දෙනාගේ අති උතුම්ම මංගල්‍ය මෙයයි. ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් ඒ උතුම්ම මංගල්‍ය ඉතා උත්කර්ෂවත් ලෙස සමරමින්,දන්සැල් පවත්වාගෙන යාමේදී අන් අයට සිදුවෙන හිරිහැර කරදර ඉතා අවම කරගැනීම මෙන්ම අවසානයේ දැනට සිදුවෙන සුරාපානය වැනි නොහොබිනා දේ සම්පූර්නයෙන්ම නතර කිරීමටත්,ඔළු බක්කන් නැටවීම වැනි විකාර දේ වහා අත්හිටුවා දහම් සලකුණු වලට කිසි ලෙසකින් අගෞරවයක් නොවෙන ලෙසට සියලු කටයුතු කිරීමට නුවණැස පෑදේවා! (නි)
සාධු සාධු! බුදු සසුන බැබලේවා! බුදු සරණයි. (නි)
වෙසක් මංගල්‍යයේ අනුභාවයෙන් අපේ රටේ සියලු දුෂණ , මිනීමැරුම් , ස්ත්‍රී දුෂණ , හොරකම් , මැරකම් ආදී සියලු දේ නැති බංගස්තාන වී ඉතාම සීලවන්ත සමාජයක් බිහි වේවා. මේවා නැති කිරීමට පාලකයන්ගේ ඇස් ඇරේවා (නි)
මේකත් හොද වැඩක්.කොළඹට වෙලා තොරණ් කුඩු බල බලා අපි ලොකු බෞද්ධයෝ කියනවට වඩා දුෂ්කර පළාතක පන්සලකට ආධාරයක්වත් කළා නම් හොදයි. නැගෙනහිර පළාතේ බොහෝ පන්සල් වලට දානෙ වේලක්වත් නැහැ. අන්තර්ජාලේ ලොකු බෞද්ධ උපාසකයෝ හිටියට සැබෑ වීරයෝ අඩුයි (නි)
බලමු මේ වෙසක් වලින් පස්සේ වත් මිනිස්සුන් තුල හොඳ හික්මීමක් ඇති වේවිද කියලා? රටේ අපරාධ මේ තෙමගුල සැමරීමෙන් පස්සේ නැති නොවුනොත් ලංකාවේ වෙසක් සැමරීමෙනුත් වැඩක් නෙති වෙනවා. ඒවාට වැය කරපු අති විශාල ධනස්කන්දයත් වතුරේ ගියා වාගේ තමයි (නි)
ලෝක ශිවංකර සම්බුදු පියාණන්නේ තෙමගුල් දිනය අපි දොහොත් මුදුන් දී සාධු සාධු සාධු කියා නමදිමු. (නි)