මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපති හා යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (19) නොතීසි නිකුත් කළේය.
එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති සාක්කි විභාගයට හමුදාපති හා හමුදා බුද්ධි අංශ ප්‍රධානී සාක්කිකරුවන් ලෙස කැඳවීමට ද අභියාචනාධිකරණය හෝමාගමට මහේස්ත්‍රාත් අධිකරණයට අවසර ලබා දුන්නේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා එලෙස නියෝගය නිකුත් කළේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනු කැරුණු මෝසමක් සලකා බලමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කියන දේ කාටත් පොදුයි (නි)
තරාතිරම නොතකා දඬුවම් දෙන්න ඕනේ (අ)
අධිකරණයට ජය වේවා! (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අධිකරණයේ සාධාරණත්වයට ජයවේවා! (නි)
අධිකරණය ගැන දැන්නම් අපිට සතුටුයි (නි)
මොනවායින් මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරුයි (නි)
ගෙන්න ගෙන්න ඔක්කොම යුද විරුවන්ට දඩුවම් දෙන්න අනිත් අයගේ හිත් සුව වෙන්න(රේ)
මාර මිිනිස්සුනේ් ලංකාවේ ඉන්නේ එයාලා පත්තර බලන්නේ නැද්ද. (රේ).
එක්නැලිගොඩ කියන්නේ මාධ්‍යවේදියෙක් නෙමෙයි....කුණු වෙබ් වලට අනුන්ගේ පවුල් ජිවිත ගැන උන් බුදියන හැටි ගැන අසම්මත ලිංගික චර්යාවන් ගැන ලියන එකා මාධ්‍යවේදියෙක්නම් සැබෑ මාධ්‍යවේදියෝ බඩ කපා ගන්න ඕන ඒ වගේ ගණිකා වෘත්තියටත් පහත් වෘත්තියක නියලේනවට..යම් මාධ්‍යක් හෝ මාධ්‍ය වේදියෙක් ඔහුව මාධ්‍යවේදියෙක් ලෙස හදුන්වනවානම් මාධ්‍ය ක්ෂේත්‍රයට කරන ලොකුම අපහාසයක් නින්දාවක් ...(බ)
පිවිතුරු, භාෂාව ටිකක් සැර වැඩියි මන්දා මේ උගත් සංවාදයට? නමුත් ඔබතුමාගේ කතාව 100% සත්‍යයි. ඒ ලිපි පෙළ බලපු උදවිය දන්නවා එහි ලියා තිබු දේවල් හා එම ලිපිය අදත් අන්තර්ජාලයේ සැරිසරනවා. (නි)
නිමල් ඔව් වෙන දෙයක් බලන් ඉන්න තමයි ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ දැන් (රේ)
මංජුල මහතා, දැන් ලංකාවේ ඉන්න ගොඩක් උදවියට උදේට කාපු දේ දවල්ට මතක නැහැ. මේ ගතිගුණය නිසා තමා ප්‍රභාකරන් යුද්ධය අවුරුදු 26 ක් ඇදගෙන ගියේ. (නි)