(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වව්නියාව ගණදෙවි කෝවිලේ තැන්පත් කර තිබූ පිත්තලෙන් සාදා ඇති නටරාජා පිලිමයක් හොරා ගත් බව කියන යුද හමුදා සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව මූලස්ථාන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අක්කර අක්කරායන්කුලම් යුද හමුදා කඳවුරේ රාජකාරි කරන හමුදා අවුරුදු 21 ක් වයසැති සෙබළෙකි.

සැකකරු මෙම පිළිමය කෝවිලෙන් සොරාගෙන බෑගයක දමාගෙන විකිණීමට රැගෙන යමින්සිටියදී වව්නියාව වෑන් රථ ගාලේ රියැදුරන් පිරිසක් විසින් අල්ලාගෙන වව්නියාව මූලස්ථාන පොලිසියට බාර දී තිබූ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පිළිමය වටිනාකම රුපියල් 55,000 වන බව කෝවිලේ පූජකවරයා පොලිසියට පවසා ඇතැයි කියති.