2009 වන්නි මෙහෙයුමේ දස්කම් දැක්වූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් 8211 දෙනකුට වීර පදක්කම් පැළඳවීමට නියමිත බව හමුදාව කියයි.
මේ පිරිසෙන් 7966 දෙනකු යුද හමුදාවේද,144 දෙනකු නාවික හමුදාවේ ද, 101 දෙනකු ගුවන් හමුදාවේ ද වන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න කියයි.
පරම වීර විභූෂණ පදක්කම් තිදෙනකුටද වීර විභුෂණ පදක්කම් නව දෙනකුටද වීර වික්‍රම පදක්කම් 61 දෙනකුටද රණවික්‍රම පදක්කම් 1756 දෙනකුටද රණශූර පදක්කම් 6382 දෙනකුටද ප්‍රදානය කරන බව ඔහු පැවසීය.
මෙම පදක්කම් පැළඳවීම සංකේතවත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් බ්‍රහස්පතින්දා (27) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ දෙයක්
පිදියයුත්තන් පිදීම හොඳ දෙයක් (නි)
කලත් වැරදියි නොකලත් වැරදියි... ලංකාවේ මිනිස්සු නම් කවදාවත් මානසිකවත්, කායිකවත් දියුණු වෙන අය නම් නෙමෙයි (ම)
අමුතුවෙන් පදක්කම් පිරිනමන්න ඕනි නැහැ ඒ විරුවන් වෙනුවෙන් පිරිනමන ලොකුම පදක්කම තමයි ඒ විරුවන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීමත් ඒ විරුවන් රැකගත් රට අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමත් තමයි ඒ වෙනුවෙන් පිරිනැමිය යුතු රන් පදක්කම වන්නේ (බ)
යුද්දේ ඉවරවෙලා කොච්චරනම් කාලයක් ගෙව්නද. දැනුයි පදක්කම් පිරිනමන්නේ. ඉස්සෙල්ල ඉන්න අයත්, දැන් ඉන්න අයත් කටමැත දොඩවන්නේ නම් රණවිරුවෝ.. රණවිරුවෝ ..රණවිරුවෝ.. අපි තමයි රණවිරුවොන්ට සැලකුවේ කියලා. දැන්වත් මතක් වෙච්ච එක ලොකුදෙයක්. (අ)
එයාලට පදක්කම් ඕන නැහැ කරුණාකර නිදහසේ ඉන්න දෙන්න. (අ)
රණවිරුවන්ට අවුරුදු 2ක් තිස්සේ සැහෙන පදක්කම් දීල දීල දැන් ජනතාව අතරේ අප්‍රසන්න වෙමින් ඉන්න එකෙන් ගොඩ එන්න දීපු පදක්කම් වගේ අපිට නම් හැඟෙන්නේ මේවා. ඉස්සරහට තව තව පදක්කම් ලැබේවි අපේ රටේ සාමන්‍ය නීතියටත් යටත් නොවන අතුරුදන් වුවන් සොයන කොමිසමේ, යුධ අධිකරණ වැඩ පටන් ගත්තම. (අ)
යුද්ධයට දායක වූවන්ට පදක්කමුත්, අපරාධවලට දායක වූවන්ට දඩුවමුත් ලබාදිය යුතුයි. ඇයි සමහර අයට ඒක නොතේරෙන්නෙ? (අ)
පදක්කම් පැළඳ පැළඳ ඉන්න, තවමත් මෙම නොවිසඳුනු වාර්ගික ප්‍රශ්ණයට දේසපාලන විසඳුමක් නොසොයා. (නි)
එු වුණාට එ්ගොල්ලන්ව ජයග්‍රහණය සඳහා මෙහෙයවපු අය හිරේ දානවා. (නි)
රසික, අපරාධ වලට දායක වූ දමිළයන්ට දුන්නේ දඬුවම් නොව පුනරුත්ථාපනයයි. ඔබට වෙනස නොදැනේද? (නි)