වන්නි මෙහෙයුමේ ආරම්භයේ සිට අවසානය දක්වාම සටන් කළ මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා වසර 55 සම්පූර්ණවීමෙන් අද විශ්‍රාම ගත්තේය.
55 වැනි සේනාංකයට නායකත්වය මුහමලෙයි, චලෙයි, චුන්ඩිකුලම් කොටි බල කොටු බිඳ හෙළමින් පුදුමාතලන් අල්ලාගැනීමට ඔහු සමන්විත විය.
1961.05.05 දින උපන් ප්‍රසන්න සිල්වා පාඨමාලා අංක 17 යටතේ 1982.05.24 දින යුද හමුදාවට එක්ව 1984.01.14 දින අධිකාරියට පත්ව ඇත. එහෙත් සිටි මේ දක්වා විවිධ තනතුරු දැරීය. වීර වික්‍රම විභූෂණ පදක්කමින් හේ තෙවරක් පිදුම් ලැබීය.
යුද හමුදාවේ වසර 33ක සේවා කාලයක් සපුරා ඇති මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා රණශූර, රණවික්‍රම ඇතුළු තවත් පදක්කම් රැසකින්ද දිනා ගත්තේය.
පනාගොඩ යුද හමුදා පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ඔහු වෙනුවෙන් සම්මාන මුරයක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවනි, ඔබට අප සදා ණයගැතියි. (නි)
යුද විරුවාණෙනි, ඔබ රටට ණය නැත. ඔබට නීරෝගිමත් විශ්‍රාම දිවියක් පතමි (නි)
හද පිරි ආචාරය නුඹ හට! (නි)
ඔබ වැනි ශ්‍රේෂ්ඨ නායකයින් රටට වටිනා සම්පතකි. ඉදිරි අනාගතය සෞභාග්‍යසම්පන්න වන ලෙස ප්‍රාර්ථනා කරමි (නි)
සෙන්පතිතුමනි, ඔබට ජාතියේ ප්‍රණාමය! වැඩි කලක් අතීතය මතක නොතිබෙන සිංහල ජනතාවට ඔබ නුදුරේදීම අමතකව යනු ඇත. එහෙත් ඔබ කළ මහා මෙහෙවරෙහි සතුට ඔබට සදා දැනේවා! (නි)
ඔබතුමාට ජාතියේ ප්‍රණාමය! ඔබතුමා ඇතුළු වීර රණවිරුවන්ට අපි සදා ණයගැතියි (නි)
අපගේ ප්‍රණාමය! දේශපාලන අසුචි වලට පා නොතබන්න. තෙරුවන් සරණයි! (නි)
ඔබට අපේ හදපිරි ආචාරය! (නි)
දේශපාලුවෝ පස්සේ නොගිය රණවිරුවෙක් වන ඔබට ජාතියම ණයගැතියි (නි)
ඔබට මගේ ආචාරය. ජයෙන් ජයම වේවා! (නි)
ඔබ නිල ඇඳුමෙන් සිටි හදවතක් ඇති මිනිසෙකි (හේ)
ඔබට තෙරුවන් සරණයි රට වෙනුවෙන් කළ සේවයට! (නි)
මේ අපේ ප්‍රසන්න අයිය. අපි ආනන්දයට 1981 එනකොට එවකට අපේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. අද ඔහු රට ජාතිය බේරාගත් සෙන්පතියෙක් ලෙස සමුගත්තත් ඔහු අපට තවමත් ප්‍රසන්න අයියාමය. ඔබට සදා ජය. සුභ අනාගතයක්. (බ)
ඔබ වැනි විරුවන් නිසා අද අපි නිදහසේ ජිවත් වන්නෙමු ඔබට දළදා පිහිට ලැබේවා. (බ)
ගෞරවාන්විත ලෙස විශ්‍රාම ගන්නා නම්බුකාර මහත්මයක්. ඔබතුමාගේ විශ්‍රාම දිවිය සාමය සතුට පිරි එකක් වේවායි පතමි. (බ)
ඔබතුමාට ජාතියේ ප්‍රණාමය. ඔබතුමා ඇතුළු වීර රණවිරුවන්ට අපි සදා ණයගැති. සම්බුදු සරණයි ඔබතුමාට (බ)
අපේ සැබෑ වීර සෙන්පතිතුමාට අපේ උපහාරය! (නි)
වීරෝදාර සෙන්පතියාණෙනි, රට රැකගැනීමට උරදුන් ඔබතුමාට අපේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමු! (නි)
අපගේ ගෞරවනීය ආචාරය! (නි)
ඔබට අපේ ආචාරය පුද කරමි. ඔබ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමට කළ මෙහෙවරට (ම)
ඇත්තෙන්ම යුද බිමේත් පාබල සටනේදිත් විශාල මෙහෙයක් කළ හොඳ නිලධාරියෙක්. විශාල කැපකිරීමක් කළා. ඔබතුමාට හදවතින්ම සුබ පතනවා. (නි)
ඔබ කල සේවයට අපගේ උත්තමාචාරය...(ම).
වැඩේ හරියට කරලා ලස්සනට ගෙදර යන අපේ වීරයෙක්...(ම)
ඔබ තුමාට මගේ ආචාරය පුදකරන අතර සේවා දිගුවක් නොදෙන්නට තරම් අමනයන් සිටීම ගැන කණගාටු වෙමි (ම)
රට වෙනුවෙන් අපේ උත්තමාචාරය! (නි)
සෙන්පති තුමනි අපේ ගොරවනිය ආචාරය ඔබට පුද කරමි.(හේ)
අපිට මතකයි ඔබ කළ සේවය රට වෙනුවෙන් අපේ උත්තමා චරය අද දින විශ්‍රාම යන ඔබට !!!(හේ)
ඔබතුමාට ජාතියේ ප්‍රණාමය. ඔබතුමා ඇතුළු වීර රණවිරුවන්ට අපි සදා ණයගැති. සම්බුදු සරණයි ඔබතුමාට.(හේ)
ශ්‍රේෂ්ඨ රණවිරුවාණෙනි, ඔබට සුභ උපන් දිනයක් නිදුක් නිරෝගීභාවයත් පතමි! (නි)
ඔබ කල සේවය සදාකල් මහජනතාව අගය කරනු ඇත. ඔවුන්ගේ හදවතේ ඔබ සදා රැඳෙනු ඇත . (ර)
ඔබට අපගේ උත්තමාචාරය. (ර)
ලංකාවේ වටිනා පුත්‍රයෙක්, මෙයාලා තමා රට පාලනය කරන්න යවන්න ඕනා, (ර)
ඔබල නිසා අපි නිදහසේ හුස්ම ගන්නවා , අපේ ප්‍රණාමය. (ර)
සේවා දිගුවක් දෙන්න තිබුනනේ (බ)
හද වතින්ම අපි ඔබතුමන්ලා සමගයි. ඒ වාගේම අප රටට කළ සේවයට ඔබ තුමාට සදා ණය ගැතියි. කල ගුණ දත් අපට ඔබතුමා කළ සේවය අමතක කල නොහැක. ඔබට තෙරුවන් සරණයි ! (ර)
ඔබට බුදු සරණයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි. (ර)
අපගේ උත්තමාචාරය.(හේ)
ස්තුතියි ඔබේ සේවයට! ඔබට සුබ විශ්‍රාම දිවියක්. (නි)
අපි අපේ රණවිරුවන්ට ආචාර කරනවා. බොහොම ස්තූතියි අපේ රට ආරක්ෂා කර දුන්නට.(හේ)