තිස් අවුරුදු යුද්ධයෙන් කොටි පරාජයට පත්කිරීම සිහිවීමට 2009 මැයි 18 දා පින්නවල අලි අනාථාගාරයේ දී 'දිනූදා' ලෙස නම් තැබූ අලිපැටවා සහ 'උදාර' නම් අලි පටවා හෙට බදාදා කොරියාවේ පුද්ගලික සතුන් වත්තකට ලබාදීමට නියමිතය. මේ අලි පැටවුන් දෙදෙනා ගුවන් මගින් ගෙන යන බව දැනගන්නට ඇත. මේ අලිපැටවා 'දිනූදා' යනුවෙන් නම්කැර ඇත්තේ යුද්ධය දිනූ දිනයේ උපන් බැවිනි.
'දිනූදා' අලි පැටවාගේ මේ ඡායාරූපය වසරකට පමණ පෙර ගන්නා ලද්දකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා සම්පතකි අලිපරපුර තොපගේ රටේ තොපගේ එවුන් නැත ඒ ගැන අගය කලේ අලි වෙනුවෙන් අලි (දී)
ගරිල්ලා මාර්කටින්, ඉසෙල්ලා යවන්න දිලා පස්සෙ එපා කියනවා. අනේ අපේ මොඩයො මෙවා විශ්වාස කරනවනෙ (දී)
රටම යුද්දයයෙන් දිනලා දුන්නු සෙන්පතියා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කෑ වේ.තව මොනවද?(දී)
මුදල් වලට ඕනෑම දෙයක් පාවල දෙවී.
ගහකොළ සතා සතා සිව් පාවුන්ට මේ තරම් විනාසයක් ගෙන දුන්නු කාලයක්නම් මම අහල දැකල නැහැ.(දී)
ඇත්තටම දුකයි ඒ සතාගේ මුහුණ දැක්කාම දෙන්නම ඕනෙද (දී)
මේ වැඩේ කරන්න එපා (අ)
අසරණ සත්තු රට පටවනවා උන්ට කෑමත් නැහැ . අර පිලිපිනේ කිසිම සත්ත්ව කරුණාවක් නැතිව අලියෙක් දුක විදිනවා කියල ඉන්ටෙර්නෙට් වලින් දැක්ක. අසරණ සත්තු (දී)
"දිනුදා" දෙන්න එපා (දී)
ශොයි අලි පැටියා. හරිම හුරතල් අහින්සක මුහුනක් තියෙන්නේ. ඉස්සරහට හුරතල් නැති අපිවත් විකුනයි (දී)
දකුණු කොරියාව අපිට යුධ ජයග්‍රහණ ගැන තකා හෝ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවට සහය දක්වන රටක් නොවෙයි. එහෙම එකේ ''දිනදා'' දකුණු කොරියාවට පැටවීම කොතරම් ගැලපෙනවාද ? (දී)
අපේ නිවටයෝ ණයට කන්න පිට රට ගිහිල්ල තමන්ගේ දේ වගේ හිලව්වට දෙන්නේ 'අලි'. අන්තිමට බනින්නෙත් අලියටමයි. (දී)
කාට කාටත් සම්තින්ග් ලැබෙනවනේ......ඉතින් (දී)
අපිට මොනවද ඒ ගොල්ලොන්ගෙන් ලැබෙන්නේ හිම වලස්සුද ? පෙන්ගුයින්ලාද ? සල්ලි කුට්ටිද ? නැත්නම් රැකියාද ? (දී)
අපි අලි පැටියෙක් දෙනකොට ඒගොල්ලෝ අපිට අඩුමතරමින් සත්තුවර්ග පහක් වත් දෙන්න ඕනේ...නැත්නම් වැඩක් නැහැ. (දී)
ලංකාවේ අලි ගහනය වැඩිද , අර නැති වෙච්ච පොතෙන්ද බැලුවේ (දී)
විපක්ෂයක් තියෙන්නේ ඔවා ගැන කතාකරන්න තමා..කොහෙද ඉතින් ? (දී)
අපේ රටට දළදා හිමි සරණයි , අන්තිමේ අසරණ වෙන්නේ මේ අපි. (දී)
කරච්චියේ සතුන් වත්තේ ඉන්න අලියා නාවන්නේ අඟල් බාගේ රබර් බටයකින් වතුර ඉහලා. දැක්කාම දුකයි. (දී)
වෙන අලි පැටවූ ඇත්තටම නැද්ද මේ වගේ තීරණ ගන්න කට්ටිය යවන්න ඕනේ ඉස්සෙල්ලාම (දී)
දිවි ඇති තෙක් ලංකාවේ තියා ගන්න ඕනේ මේ සතාව ලංකාව නිදහස් වූ දිනයේ උපන් මේ සතා , මම හරිද වැරදිද ....... (දී)
ඉන්න අලි ටික වෙඩි තියලා මරනවා , අනිත් ටික රට පටවනවා (දී)
ලංකාවේ අලි ගහනය අඩු වේවි යන කාලෙක මෙවන් දෙයක් කිරීම කාලෝචිත නැහැ (දී)
ඔය අහිංසක අලියා යවන්නේ නැතිව බැරිද ......... (දී)කියන ගෝ ...... අලියව යවන්න
කරුණාකර යන්නේ දෙන්න එපා (දී)
ලංකාවේ අලි ගහණය වැඩි වෙලා කියල ඔය තීරණ ගන්න අය හිතනවා .එකනේ අලින්ට ඉන්න බැරි හිම වැටෙන රට වලටත් අලි දෙන්නේ. මේ අලියෙක් විකුනුව ම සැහෙන ගානක් මේගොල්ලෝ ගන්නවා. ලඟදි එංගලන්තේ මිනිහෙක්ට අවුරුදු ගානකට කලින් දීපු අලියෙක්ට වද දෙනවා කියා ආණ්දුවට අරගෙන තිබුන..මේ වැඩි අලි රට පටවන්න ඕනේ නැහැ. ඔය අලි සංගමේට දුන්නනම් ඒ ගොල්ලෝ හදා ගනීවි. (ස)
'දිනූදා' මේ ඇත් පැටවා අනාගතයේ දරුවන්ට දකින්න මේ මව් බිමේම සිටිය යුතුයි. ඓතිහාසික දිනයක් ලංකාවට සාමය සිහිකරවන 'දිනූදා'. මේ ඇත්පැටවා තමාට අයිති භූමියෙන් යලි නොඑන ගමනක් යයි.මේ රටට අයිති දේ අන් රටවලට දෙන්න එපා. මේ ඇත්පැටවා දීම යුධ ජයග්‍රණ 'දිනූදා' ට කළ මදි කමක් . වහාම නතර කරන්න. (ස)
යුධ ජය සංකේතවත් කළ ඒ උතුම් වූ අලි පැටවා රටින් පිටමන් කිරීමට තීරණය කල (අ)
මේ අලි පැටියා නැතිව දෙන්න වෙන එකෙක් හිටියෙම නැද්ද. අපූරුයි, කොරියාවෙ ඉපදිලා දැන් යූඑන් එකේ ඉන්න ලොකු මිනිහා ලංකාව යුද්ධෙ දිනපු නිසාම දංගෙඩියට දක්කන්න හදනවා, අපි යුද්ධෙ දිනපු දවසෙ උපන් අලියව කොරියාවට පටවනවා. (අ)
දුක නැහැ අඩුගානෙ රැසියාවට හරි චීනෙට හරි යැව්ව නම්. යුද්ධෙ දිනන්න වචනෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් ආධාර කලා. (අ)
පුද්ගලික සත්තු වත්තකට සල්ලිවලට විකුණලා ,ඔකඊ ඇත්ත ........(අ)
යුධ ජය සංකේතවත් කල ඒ අහිංසක අලි පැටවා රටින් පිට මන් කිරීමට තීරණය කල හිත පිත් නැති පුද්ගල්මයෝ කවරහුද අනේ ඒ උදාර අලි පැටවා සීතලේ දුක් විඳි (අ)
පින්නවල තියෙන්නේ අලිපටවුන් ව වහල සේවයට පිටරටවල වල පටවන්නද? මහා ලොකුවට ලෝකෙට පෙනෙන්න අලිව රකබලගනන්ව කියන්නේ ඕකටද? (අ)
යුද්ධය ගැන කතාකරන්නේ මැතිවරණ වේදිකාවල විතරයි. යුද කරපු මහා සෙනවියාගේ ඉදන් හැම ජෙනරල් වර්යකුම අනිවාර්ය නිවාඩු යවපු එකේ අලි පැටියත් මහ දෙයක්ද.(නදී)
කවුද මේවා කරන්නෙ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. මොකද අනාගතයෙ එල්ලුම් ගහට යවන්න.(නදී)
කොහොමත් දැන් අලින්ට බයයි වගේ. මරනවා රට පටවනවා බලමු තව කොපමණ කල් කරයිද කියලා.(නදී)
දැන් අලින්වත් විකුනනවා. පුද්ගලික සත්තු වත්තකටලු අරින්නේ. අනේ කාලේ වනේ වාසේ.(නදී)
යු . එන්. පි . අලියෙක් රට පැටෙව්වනම් නරකද. (ස)
අපි දිනපු යුද්දේ මතක් වෙන්න හිටපු අලි පැටියාව ඇයි ඒ වෙන රට වලට පටවන්නේ.ඇයි කොරියාවේ නෙමේනේ අපේ සිහිවටන අපි ලගනේ තියෙන්නේ ඕනේ.මේක වැරදියි.ඒ වාසනා වන්ත අලි පැටියාට අපේ රටේ ඉන්න දෙන්න.හැමදේම පිට රැටියන්ට පුදන්නේ නැතිව. (අ)
ඕකට තමයි "අලි විනාසේ" කියන්නේ. මුළු රටම වෙලාගත් සාපයක් දිනෙන් දින මෝදු වෙනවා. අතීතයේ අපට සෞභාග්‍ය ගෙනාපු එක් පුණ්‍යවන්ත ජාතික සංකේතයක් උනේ අලි ඇතුන්. අද ඒ සංකේතය හක්ක පටස් වලිනුයි, හිත පිත් නැති උනද වලිනුයි, ගුවන් පථ රකින්න අදින විදුලි රැහැන් වලින් දිනපතාම මියැදෙනවා. (අ)
මේක කරන්න එපා ! අපේ රටේ සත්තුන්ට තියෙන සැලකිල්ල අනිත් රටවල් වල නැහැ. නිකන් හිතලා බලන්න, තමන් කාත් කවුරුත් නැති රටකට ගිහිල්ලා දාලා එනවා. මොකද හිතෙන්නේ. ආයෙ කවදා උපන් බිමට එන්න කියලද.? මේ බලධාරීන් ! කවදා හරි තනි වෙලා දුක් වෙන්න වෙයි (අ)
මම නම් කැමති නැත 'දිනූදා' කාටවත් දෙනවට තිස් අවුරුදු යුද්ධයෙන් කොටි පරාජයට පත්කිරීම සිහිවීමට 2009 මැයි 18 දා පින්නවල අලි අනාථාගාරයේ දී 'දිනූදා' ලෙස නම් තැබූ අලිපැටවා සහ 'උදාර' නම් අලි පටවා අපි ලග සිටියයුතයි කොරියාවට වෙන දෙන්නෙක් දෙන්න කෝ .......(අ)
යුද සිහිවටනවලට වඩා සල්ලි ලොකුයි ,එකයි පුද්ගලික සත්තු වත්තකට විකුනන්නේ ,හොද ගානක් බලදාරීන්ට ලැබෙනවා.මේවා නවත්වන්න කෙනෙක් නැහැ ,හරිම කණගාටු දායක තත්වයක් ලංකාවේ තියෙන්නේ.යුද්දය දිනු දිනයේ ඉපදුනානම් කොච්චර වටිනා සිහිවටනයක් ද මේ සතා. (අ)
පාලිත වගේ අය තව කතා කරන්න ඕනේ රටේ අලි රකින්න සැලැස්මක් ක්‍රියාත්මක වෙන කල්ම.."කොහෙද ඉතින් ?", කියල අහක බලන්න අපිට පුලුවන්ද ? මෙච්චරයි අපිට තියෙන්නේ රටක් කියලා.. මේ සත්තු බලා ගන්න මෙහෙන් කෙනෙක් පවුල පිටින්ම යවන්න ඕනේ ආණ්ඩුව. ලෝකේ සිද්ධ වෙන්නේ එහෙමයි. හොඳ රටක් නම් මෙහෙට වඩා හොඳට සලකයි. ඒත් පුද්ගලික ගනුදෙනුවක් නිසා බලන්න ඇත්තේ ලැබෙන ගාන විතරයි වෙන්න ඇති. (අ)
දුමිදු, ආණ්ඩුව දැන් රට ගැන හිතන්නේ නැහැ කියලා දැන්ද තේරුනේ? විපක්ෂ අපිට නැහැ ඕනේ දේ කතා කරන්න. ආණ්ඩුව යකා නටන්නේ ඒකයි.(අ)
සතුන් යවද්දී ජෝඩු (ස්ත්‍රී සහ පුරුෂ) වශයෙන් යවනවානම් ඔවුන්ගේ මානසිකත්වයට සිදුවන හානිය අඩුවේ . ඒ ගැන සිතන්න .(අ)
හමුදාවට දෙන්නයි තිබුනේ.. දැන්වත් එහෙම කරන්න බල කරන්න . රටේ නිදහස වගේම සංකෙතෙත් රට යවනවාද?(අ)
රට පටවන්න වෙන එකෙක් හිටියෙම නැද්ද , යුද්ධෙ මර්කෙට් කරලා ඉවරවෙලා අන්තිමට යුද්දෙත් දිනපු ද උපන්න අලිපටියත් විකුණන් කන්න හදනවා , (අ)
කරුණාකර එය නවත්තන්න,රට යවන්න එපා වෙන අලි පැටියෙක් දෙන්න.(ස)
අපි කොච්චර දේවල් කිව්වත් මේකට ආණ්ඩුවේ මැදිහත්වීමක් තියනවනේ. අනික පුද්ගලික සතුන් වත්තකටනේ ගෙනියන්නේ. දැන් වැඩේ කෙරිලානේ. මුදලකුත් හම්බවෙලා ඇතිනේ. (ස)
ඉවක් බවක් නැතුව රටේ සම්පත් රටට අහිමි කිරීමේ ක්‍රම හැමෝම ඉගෙන ගෙන (ස)
කණගාටු වෙනවා හැරෙන්නට කරන්න දෙයක් නැහැ. (ස)
ඔන්න ඔකයි රටෙ ලොකෙ ඇත්ත තත්ව්ය .. හැමදෙටම මිලක් තියනවා... දිනුදා ලන්කාවටයි අයිති... ඒක නමින්ම කියවෙද්දි ඇයි මෙ ලංකාවෙ මිනිස්සු මෙහෙම කරන්නෙ.... හැගිම් මනුස්සකම හරි සහ වැරදි රුපියල් සත වි හමාරයි... පවු අර අලි පැන්චා.. මෙ ලන්කාදිප ලිපියෙන් වත් ඔය වැඩෙ නවතියි කියල මම ප්‍රාර්ථනා කරනවා (ස)
පව් අසරණ සත්තු, අපේ රටට අලි අවශ්‍යයි, එත් පුද්ගලික ගනු දෙනුවක් නිසා අපේ සත්තු රට පටවනවා (ස)
ඕක මොකක්ද, හිටපු හමුදාපතිට වුණු දේ හැටියට (ස)
හයියෝ, මේ සතුන් කාගෙවත් බුදලයක් නෙවෙයි නේ! ඇයි මේ වගේ පව් වැඩ කරන්නේ. මේවා සහ ගහන වැඩ. කර කියා ගත දෙයක් නොමැති මේ වගේ අසරණයින් අපහසුතාවයට පත් කිරීම දරුණු පාපයක්. මිනිසා පරිසර පද්ධතියේ කොටසක් මිස, පරිසර පද්ධතියේ තීරකයා නෙවෙයි. එහෙම උනොත් ලෝක විනාසය ඇතක නොවේ. (ස)
රට පටවන්න ඕනේ අලි නොවේ රටට වැඩ්නැති අය (අ)
මේක ලොකු පවක්. මිනිස්සුන්ට වැඩිය සත්තු ළඟ ආදරය කරුණාව තියෙනවා. එක තේරෙන්න අපේ මිනිස්සු ළඟ කරුණාව නැහැ. (අ)
උපන් බිමේ ඓතියක් සතුන්ට නැද්ද ? අපේ සතුන්ගෙන් පිට රටවල් වලටත් හම්බ කරගන්න දෙන්න තරම් අපේ මිනිස්සු නොමිනුසුන් වෙලාද? වහා නවත්වන්න (අ)
රටේ ලොක්කෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා කියා රටේ සංකේතය ජාත්‍යන්තරයට පටවනවා. කෝ මේ ජෙල් ගැන වීරවංස, මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙවෙද. (අ)
ඇයි වෙනත් රටවල් වලත් අලි ඕනෑ තරම් ඉන්නවනේ.(නදී)
ඉන්න අලි ටික වෙඩි තියලා මරනවා , අනිත් ටික රට පටවනවා(දී)