ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තරයට හිමිකමක් නැති බවත්, රෝම ප්‍රඥප්තියට අත්සන් කර නැති නිසා මෙරට කිසිවකුත් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට ගෙන යා නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. වික්‍රමසිංහ මහතාගෙන් එම සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා ලංකාවට එල්ලවන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමසූ විට ඊට පිළිතුරු ලෙසින් ඔහු මෙම කරුණු දක්වා ඇත.
වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බවයි. ‘‘ ඔවුන් එවැනි පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පවත්නා විශ්වාසය බිඳ වැටීම නිසා ය.එසේම ඉහත කී චෝදනාවන්ට අදාළ පරීක්ෂණයක් සිදුකිරීමට ඉකුත් රජය 2009 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු වී තිබෙනවා.‘
‘අප දේශීය පරීක්ෂණයකට එකඟ වූයේ ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කර නැති නිසයි. රාජපක්ෂ පාලනය 2009 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කළ ප්‍රකාශ විවිධ ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන්.‘
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය බාර ගත් දිනට පසු දා හින්දු පත්‍රයේ හිටපු ප්‍රධාන කර්තෘ එම් ආම් සමඟ මේ සාකච්ඡාව පැවැත්වීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ප්‍රශ්නයට තිරසාර දේශපාලන විසඳුමක් දෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමාගේ උත්තරය හරි. අපිට ඕනෑ එච්චරයි (නි)
එතකොට ඔක්කොම යුද අපරාධ ඉවරයි? එහෙමද? (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ආසියාවේ මිණිපහන කියන්නේ නිකන් නෙමෙනෙ. අගමැතිතුමනි, හැකිතාක් ජාතීන් අතර සමගිය දියුණු කරවන්න. අපේ වගේ රටක් දියුණු කරවන්න තිබෙන හොඳම ක්‍රමය ඒකයි. සිංහල ජාතිය ගැනත් හිතන්න. පවුලක දරුවෝ තුන්හතර දෙනෙක්වත් හදන්න පුළුවන් විදිහට ආර්ථිකයත් දියුණු කරලා දෙන්න. ජය වේවා !! ඔබතුමාට මේවා සුළු ප්‍රශ්න බව අපි මුල ඉඳලම දැනගෙන හිටියා (නි)
ඇයි ඕක කියන්න මෙච්චර කල් ගියේ? (නි)
ඔබ සැමදා අපේ රටට ආශිර්වාදයකි (නි)
නියමයි. (නි)
මෙයාලා කියන්නේ එකක් කරන්නේ තව එකක්. කියන දේ කරන කරන දේ කියන කොන්ද පණ ඇති මිනිස්සු ගොඩක් උදවියට අල්ලන්නේ නැහැ වගේ. (නි)
යුද අපරාද රටතුළ ඇති අධිකරණයකින් සොයා බලා වග කිවයුත්තන්ට දඩුවම් දියයුතුයි (හේ)
යුධ අපරාධ වෙලා නැත්තේ නෑනෙ. ඉසිප්‍රියා, බාලචන්ද්‍රන් ඝාතනය ආදිය ගැන ශාක්ෂි හමුවුනානෙ. හැබැයි මේව කලේ හමුදාවෙ හැමෝම නෙමේ. සුලු පිරිසක්. ඒ අයට මෙරට පිහිටවූ යුධාධිකරනයකුන් දඩුවම් දුන්නා නම් වැඩේ අහවරයි. ඉන්පසු ජාත්‍යන්තර ඇගිලි ගැසීම් ඇතිවෙන්නේ නෑ (නදී)
යුද්දයකදී යුද අපරාද වීම සාමාන්‍ය දෙයක්.අමෙරිකාවත් පලස්තිනේදී ඉරාකයේදී යුද අපරාද කල.කෝ ඒවාට පරීක්ෂණ? දඬුවම් අනවශ්‍ය (අ)
කෝ අපේ විමල් දැක්කා නේද අගමැතිතුමාගේ සරල සුගම උත්තරේ (බ)
කෙලින් කතාකරන හරිතැනට නිවැරදි උත්තරය සපයන අගමැතිවරයෙක් (ම)
නියම කතාව.(හේ)
නියම කතාව (හේ)
හොද කතාවක්.(හේ)
මොකද යුධ අපරාධ වලට විතරක් ජ්‍යාත්‍යන්තර පරීක්ෂණ තියන්නේ?(හේ)
අන්න හරි ...අපිට ඕන දේ එච්චාරයි (හේ)
ප්‍රඥාවන්ත පිළිතුරක්!(හේ)
ඔබට ජය! (නි)
අගමැතිතුමනි, අපේ රට අපිට ඕනෑ විදිහට..! ජයවේවා සෘජු කතාවට..! (නි)
අපේ අගමැතිතුමාගේ සම්මුඛ සාකච්ඡාව බලන්න. ඔහු හේතු ඇතුව සිහිබුද්ධියෙන් මෙම ප්‍රශ්නය ගැන කතා කරනවා. නමුත් අන්තවාදීන් සැමවිට බලන්නේ මොකක්හරි කොනක් අල්ලගන්න.දමිළ දේශපාලකයන් මේ පිළිබඳව අනුන්ට ඕනෑ විදියට ක්‍රියාකිරීම ගැන ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෑ. නව ජනාධිපති හා අග්‍රාමාත්‍යතුමා පිළිබඳව අපේ දමිළ සහෝදර සහෝදරියන් විශ්වාසය තබා තිබෙන්නේ ඔවුන් හරි දේ කරන බව විශ්වාස නිසා. (නි)
මොළෙන් ගහන අයට මොළෙන් පිළිතුරු දියයුතුය (නි)