යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා මාස කිහිපයක් ඇතුළත සොය බැලිය යුතු යැයි කල් දුන් බ්‍රිතාන්‍ය ඇමැති ඩේවිඩ් කැමරන් එසේ නොකළහොත් තමා ඒ ගැන එක්සත් ජාතික සංවිධානයේ දී කරුණු ඉදිරිපත් කරන බවට පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ දී අද අනතුරු ඇඟවීය.
එහෙත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසුවේ ශ්‍රී ලංකාවේ එවැනි අන්තර් ජාතික පරීක්ෂණයකට ‘නියත වශයෙන්ම‘ ඉඩ නොදෙන බවයි.
මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තව ඉදිරියට වේගයෙන් යා යුතු යැයි කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ යුද්ධය අවසානයේ සිදු වූ මානව අයිතිවාසිකම් කඩ වීම් නොසලකා හළ නොහැකි බව ඔහු කියා සිටියේය.
මේ සියල්ලම සංහිඳියාව හා ශ්‍රී ලංකාවේ අමිහිරි අතීතය සුවත් පිකරීම සඳහා ඉවහල් වන බවත්, ඒ සඳහා දැන් ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකි බවත්, එසේ කළොත් පමණක් අනාගතය වඩාත් දීප්තිමත් වන බවත්, එම ප්‍රශ්න අමතක කිරීමෙන් එහි විරුද්ධාර්ථය සිදු වන බවත් ඔහු කීවේය.
‘මේ රටේ අනාගතය ගැන මම බෙහෙවින්ම සුබ වාදීයි. මාගේ පණිවුඩය වනුයේ මේ ප්‍රශ්නය අමතක නොකළ යුතු බවයි.
වඩාත් ක්‍රියයාකාරීව ඉදිරියට ගෙන යා යුතු බවයි.‘
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාව ගැන විමසූ විට කැමරන් පැවසුවේ දෙපාර්ශ්වයෙන්ම ඉතා සැර අදහස් ඉදිරිපත් වන බවයි.
‘මා කිවූ හැම දෙයක්ම පිළිගත්තේ නෑ.‘
මහින්ද රාජපක්ෂ ජනපති කාර්යාලයයේ ප්‍රකාශයකින් කියැවෙන්නේ නගා ඇති සියලු ප්‍රධාන චෝදනා වලින් අත් මිදීමට තව කාලයක් දෙන ලෙස ඉල්ලා සිටි බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ඔවුන්ගේ අධිරාජ්‍යවාදී මානසිකත්වය වෙනස් වෙලා නැහැ නේද? (නි)
හරියට හරි කැමරන් අයියා, ඔයාලා අපිව යටත් කරගෙන හිටිය කාලේ කරපු යුද අපරාධ ගැනත් ඉක්මනටම පරීක්ෂණයක් පවත්වන්න හොදේ ! (නි)
මොහු ටිබෙටයේ ප්‍රශ්නවලට අත ගහන්න ගිහිල්ලා චීනෙන් ඉල්ලන් කෑවා.පස්සේ චීනයෙන් සමාව ඉල්ලුවා.අපි වගේ රටවල් වලට ඇඟිලි ගහන්න එන්නේ අපි ජාතියක් විදියට කෙළින් නොසිටින නිසා.එක්සත් ජාතීන්ගෙන් වෙන්නේ මොවුන්ගේ වුවමනාකම් ඉටු කිරීම නම් ඇයි අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙන්නේ නැත්තේ? සියල්ලටම පෙර ඉරාකේ,ඇෆ්ඝනිස්තානයේ,ලිබියාවේ,වියට්නාමේ මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව විභාග කරන්න කියන්න අපේ අයට නොහැකිද? කෙලින් කතා කළා නම් ඉවරයි. (නි)
ඔබතුමා දෙන අදහස් ඔක්කොම පිළිගන්න ඔබ අපේ කවුද? ඔබ සර්ව බලධාරියෙක්ද? අපි අපේ යුධ අපරාධ සොයන්නම්,ඔයාලත් ඔයාලගේ අපරාධ සොයන්න.ඉරාකයේ දාපු සෙල්ලම් අමතකද? (නි)
අවිගත් කොටි ත්‍රස්තවාදියෝ විනාශ කිරීම යුද අපරාධ ලෙස හදුන්වන්නේ නැහැ. කැමරන් කියන්නෙත් ඒක යුද අපරාධයක් කියලා, මෙතන පරීක්ෂණ කරන්න කියන්නේ නිරායුධ වැසියන්ට සිදුකළ අපරාධ.. (නි)
අපේ අයගෙන් විතරද යුද අපරාද සිදු උනේ. එතකොට ඊළමේ අයගෙන් කිසිම අපරාදයක් උනේම නැද්ද.? අනේ ඔය අය කරපු අපරාද වලින්ම පටන් ගමු හැමෝගෙම ඒවා හොයන්න. ඔය කාගේත් බිස්නස් වලට පාඩු නිසා නැති ප්‍රස්න ඇති කරන්න හදන්නේ.(නදී)
පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේ පුර්ණ ආශ්වාදය වින්දා වගේ නොවෙයි දැන්, විඳින්නත් වෙනවා වගේ පොලියත් එක්ක. (නි)
මේ තමයි කුරාම් ෂෙයික්ව මරපු කෙනාව හංගාගෙන හිටි එකේ විපාක. ඒකෙන් පස්සේ තමයි එංගලන්තේ මේ තරම් කෑගහන්න ගත්තේ. දැන් පේනවනේ ඉල්ලන් කන හැටි. (නි)
ටිකිරි බණ්ඩාට හරි සනීපයි වගේ.අනේ ටිකිරි බන්ඩෝ,තමුන්නාන්සේට මේ සුද්දා කියන ඒවා ලොකු වුණාට අපි නම් තකන්නේ නැහැ.මේ වගේ අයත් අපි අතරේ ඉන්නවනේ අම්මපා? (නි)
අම්මපා! මේ කැමරන්ලට ඔවුන්ගේ රටේ කොච්චර ප්‍රශ්න තිබෙනවද විසදන්න? ඒවා පැත්තක තියලා මේ එනවා අපිව හදන්න. (නි)
මේ කැමරන්ට ලංකාව පුරා වස් කවි කියමු, පොල් ගසමු (නි)
අහවල් අය මෙයාට කොහොමට ගෙවනවා ඇද්ද .. (නදී)
අද කාටත් පෙනෙනවා කව්ද කොටින්ට උදවු කළේ කියලා, අවුරුදු 30 කට ආසන්න කාලයක් මොකද මේ යුද්ධය ඇදගන ගියේ? ඔවුන්ට උදවු කළ දේශද්‍රෝහියෝ නිසයි. දැන්වත් අපේ මව්බිම ගෑන හිතලා හරි දෙයට හරි කියලා රට ගොඩ දාමු නේද? (නි)
අැයි එයා අපේ කවුද? තමන්ගේ රටේ වැඩක් බලාගෙන හිටියා නම් තමා හොද (නි)
මාධ්‍යවේදියෝ කියන අය මොහුගෙන් ඇහුවේ නැහැ ඉරාකය ඇෆ්ගනිස්ථානයේ මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩන්නේත් අපිද කියලා. ඔය ප්‍රශ්න අහන්නේ ලංකාවේ අපෙන්මයි.මෙයාලා හිතාගෙන ඉන්නේ තාම අපි බ්‍රිතාන්‍යයේ කොලනියක් කියලා. මියන්මාරය වගේ ඉවත් වුණා නම් මොකවත් නැහැ. (නි)
මෙයාල අපිට තදින් කියන්නේ අනතුරු අගවන්නේ හිතාගෙන ඇති අපි තවම එයාලගේ යටත් විජිතයක් කියලා (නි)
ඩේවිඩ් කැමරන්ලාගෙන් එන පීඩනය ඉවසන්න පුළුවන්. ටිකිරි බණ්ඩලාගෙන්,සමන් කුමාරලාගෙන් හා සත්‍යලාගෙන් එන පීඩනය නොවැ ඉවසන්න බැරි. (නි)
ඔන්න හොද කොන්දක් තිබෙන පිරිමියෙක්. දැන් උත්තර දෙන්නයි තියෙන්නේ (නි)
සුද්දා අරාබි මුස්ලිම් ලෝකයට කරන යුද අපරාධ ගැන කව්රුත් ප්‍රශ්න කරන්නේ නැත්තෙ ඇයි? (නි)
මමත් කියන්නේ යුධ අපරාධ පරික්ෂණයක් කරන්න කියලයි (නි)
"එක්සත් ජාතීන්ගේ සංවිධානේදී කරුණු ඉදිරිපත් කරනවා"? ඇයි, මෙච්චර කල් කළෙත් ඒක නෙමෙයිද? කට්ටිය එකතුවෙලා ජිනීවා වලදිත් හැමදාම අපිව පාගන්න නෙමෙයිද හැදුවේ? හරියට අපට සදහටම උදවු කරලා වගේනේ කතා කරන්නේ? ඉතින් මොකද වුණේ?දෙපැත්තෙන්ම සැරට අදහස් කියවුණා නම් ඒ කියන්නේ ජනාධිපතිතුමාත් නිසි පිළිතුරු දීලා තියෙනවා. (නි)
අපේ මධ්‍ය කරුවන්ට පිළිතුරු නොදී.. ඔහුගේ රටේ මාධ්‍යට පමණක් ඔහුගේ අත්තනෝමතික අදහස ලොවටම විසුරුවා හරින්න සැලැස්වූ, අය උතුරට ගිහින් උතුරේ මාධ්‍ය ගැනත් සොයා බැලුවා,ඒ අයට ස්තුති කළා. කැමරුන්ලා මධ්‍යස්ථව කට යුතු කරණ කෙනෙකු නම්, අපේ මාධ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු නොදී පලාගියේ වංක කම නිස නොවෙද ?අපේ ජනපතිතුමා මාධ්‍ය වේදීන්ට ඔය විදහට කළේ නෑ. අපේ ජනාධිපතිතුමා මේ රටට උදාකළේ සාමය , සංහිදියාව. අප රටටම ඇවිත් ඡෝගම් ආගම්තුක සංග්‍රහ අතර තුර තිස් වසරක යුද්ධය නැවත හාරා අවුස්සා, රටම අස්ථාවර කළ බෙදුම් වාදීන්ට කඩේ යන කැත ගතියක් නේද ? උතුරු අයර් ලන්තයට නිදහස නොදෙන .... ඉරාකය, ලිබියාව..ඇතුලු රටවලට කළේ කුමක්ද? නුබලගේ මානව හිමකම් ගැනත් අපටත් ප්‍රශ්න තිබෙනවා. මානව හිමි කම් නැමති බෝඩ් ලෑල්ල අතේ. නුබලට යටත් නොවන හැමෝටම ප්‍රහාර, කීකරු වෙනකම්. ජනතාව හැටියට දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයකට කරණ බල පෑම්වලට. (නදී)
මෙයා කියන හැමදේම පිළිගන්න එයා අපේ කවුද? හිතාගෙන එන්න ඇති මේ අය කියන කියන පදේට අපි නටයි කියලා. (නි)
ලංකාව ඇතුළේ වගේ ජාත්‍යන්තරෙත් පුලුවන්ද?? (නි)
එහෙම හොයනවා නම් 30 වසරක මැරුන හැමෝම ගැනම හොයන්න ඕනෑ (නි)
අපි සියලු දෙනා විවිධ මත දරනවා වගේ එංගලන්ත අගමැතිවරයා දරන අදහස ඒක වෙන්න ඇති.පිළිගන්න වෙනවා අපරාධකාරයෝ නිදැල්ලේ ඉන්නවා නම් පුද්ගල තරාතිරම නොබලා දඩුවම් දෙන්න. (නි)
කෘතීම තණකොළ,සුදු යකඩ වැටවල්,පාට පාට ගල්,ෂැම්පු කරපු පාරවල්,මේවට මොකද වුණේ? (නි)
එන්ගලන්තේ සිංහල ඡන්ද කාටද දෙන්නේ? (නදී)
අනිත් සේරම රටවල් නිශබ්දව ඉන්නකොට මෙයා විතරක් කෑගහන්නේ එහේ ඉන්න දෙමල චන්ද ටිකට කියල ඕනෙම ගොනෙකුට තේරෙනවා. අනේ අපොයි සුදදටත් ගිය කලක්. (නදී)
ගහපු බෙරේකුත් නැහැ,බෙරේ පලුවකුත් නැහැ.මේවට තම කියන්නේ ඉල්ලන් පරිප්පු කියලා.මට හිතට දුක ලබන සතියේ සිට බඩු මිල දෙතුන් ගුණයකින් ඉහළ දමලා අනුන්ගේ පරිප්පු අපිටත් කන්න වෙන එකයි. (නි)
වැරදි කරලා නැත්නම් පරීක්ෂණයක් තියන්න පෙර මරන්නේ ඇයි?රතුපස්වල වගේ පරීක්ෂයක් තියලා තෙවැනි පාර්ශවයක් වෙත වගකීම පැවරිය නොහැකිද?අනේ මන්දා මට තේරෙන්නේ නැහැ."අපි නිවැරදි නම්,අපි පිවිතුරු නම් කිසිවෙකුටත් අපව පරාජය කළ නොහැක"කියා ඉංග්‍රීසි කියමනක් නම් තියෙනවා. (නි)
මේවා පිරික්සීම නිසි අයුරින් සිදුවේවි.මේ විතරක්ද ? දැනටමත් සාමාන්‍ය කොටි සෙබළුන්ට මෙන්ම ප්‍රබල කොටි නායකයන්ටද දඩුවම් දී තිබෙනවා.අනිත් එක රටේ යහපැවැත්ම වෙනුවෙන් කිසිම මිනිමරුවෙක්,අපරාධකරුවෙක්,මංකොල්ල්කරුවෙක්,බේරෙන්නේ ,ආරක්ෂා කරන්නේ නැහැ. කුඩු,එතනෝල්, කන්ටේනර් ගණන් ගෙන්වන අයටත් එසේමයි.අපි එහෙමයි. (නි)
මේ වෙලාවේ අපේ ප්‍රතිරුපය ගොඩනගා ගන්න කටයුතු කළා.අපිනේ දන්නේ ඇතුලේ ඇත්ත. අනේ අපොයි ! ඒත් වැඩක් වුණේ නැහැ. (නි)
අධිරාජ්‍යවාදී මානසිකත්වය (නි)
කැමරන් මහත්තයෝ,ඔබ බුදුන් දැක නිවන් දකිනවා.පුළුවන් නම් දකුණේ අපිටත් සාධාරණයක් ඉටු කර දෙන්න.අපේ දුක,කදුල,වේදනාව.සරදමට මෙන්ම සමච්චලයට ලක් කරනවා.තුවාලය ඇති කෙනාට පමණයි එහි වේදනාව දැනෙන්නේ.අපේ මේ දුක වෙන කාට කියන්නද? (නි)
ප්‍රසන්න ඔබගේ කීම හරි . නමුත් වැරද්ද වන්නේ ගොඩක් වෙලාවට තානාපති වරු යන අයය මේවා ගැන වැටහිමක් නැහැ . මොකද පන්දමට නුසුදුසු අය සහ විෂය ගෙන අවබෝදයක් නැති අය නිසා . සමහර තානාපති වරුන් හරියට ඉංගිරිසි බසාවත් හසුරුවා ගන්නට බැහැ එනිසා කතාවක් කරගන්නට බැහැ . ආවම පුළුවන් තරම් හම්බකරගෙන වරප්‍රසාද වලින් මහජන සල්ලි යොදවා ළමයින් ජාත්‍යන්තර පාසල් යවා . තමන්ගේ සෞඛය කටයුතු වලට විශේෂ දොස්තරලා පසු පස යන එක කරන්නේ . ක්‍රිස් නෝනිස් මහතා වැනි අය බොහෝ අඩුකම තමා වෙලා තියෙන්නේ .(දී)
ගණන් ගන්න එපා ජනපතිතුමනි. සිංහලයෝ තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින් ඔබතුමා සමග නොබියව ඉන්නවා. කවුරුහරි අතදමන්න අාවොත් අන්තිම සිංහල ලේ බිංදුව දක්වා සටන් කරමු, මරාගෙන මැරෙමු, යටත් වෙන්න එපා. (නි)
හරියට හරි කැමරන්, මේවා යට ගහන්න දෙන්න එපා (නි)
කැමරුන් මහත්තයා ඔහොම කිව්වට, එයා එහෙම කළාට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයෙන් සම්මත වෙන්නට ඕනෑ. දැන් අවුරුදු කියක් ඕක සම්මත කරන්නට මහන්සි ගත්තද? එහෙත් සම්මත වන්නට ඉඩ දෙන්නේ නැහැ. චීනය සහ රුසියාව විටෝ බලය යොදා හෝ එය පරාද කරනවා. ඕනෑ නම් අපට විරුද්ධව ඉන්දියාව සමග ඔය බටහිර ගැත්තන් ටික ඡන්ද පාවිච්චි කරාවි. පසුගිය වසරේත් එයම සිදුවුණා. නමුත් අපේම සිංහලයන් කොටසක් සිටිනවා අපේ හමුදාව පවා දෙන්නට රජය යුද අධිකරණ වෙත රැගෙන යන්නට. අන්න ඔවුන්ගෙන් අප පරිස්සම් විය යුතුය. නම් සඳහන් නොකළත් බහුතරය දන්නවා ඔවුන් කවුද කියා (නි)
ඔව් ඔව් ඕක කියනකම් තමයි මාත් බලා හිටියේ! එතකොට ඉරාකේ, ඇෆ්ගනිස්තානේ සහ ඒ කාලේ යටත් විජිත වල මරපු ඒවායේ පරීක්ෂණ කවදාද පවත්වන්නේ? (නි)
අනෝමා මහත්මිය,ඔබ කැමරුන් මහතාට බුදුන් දැක නිවන් දකින්න කිව්වට එයා ඒකට කැමති වන්නේ නැහැ.මොකද එයා කතෝලික කෙනෙක් (නි)
මොන ආගමේ වුණත් තව කල් මෙතුමා නිදුකින් දිනේවා. (නි)
තාම හිතාගෙන ඉන්නේ අපි ඔවුන්ගේ වහල්ලු කියලා වගේ.ඔවුන් තරම් ලෝකෙට අපරාද කළවුන් තව කොහෙද ඉන්නේ?ඔවුන් කොච්චර රටවල් යටත් කරගෙන හූරාගෙන කාලා තියෙනවද? (නි)
ඉරාකයේ එයාලගේ අධිරාජ්‍යවාදී හමුදාව කළ යුද අපරාධය පිරික්සන්නේ කව්රුන් විසින්ද? කුමන යුධ අධිකරණයේද ? (නි)
මොකක්ද මේ වෙලා තියෙන්නේ? උතුරේ විතරද මානව හිමිකම් කඩවෙලා තියෙන්නේ? පාසල් ළමයි බුරුතුපිටින් බස්වල දාලා පුච්චලා කොළඹට බෝම්බ ගහල මරපුවා, කෝච්චියේ අපේ හාමුදුරුවෝ මරපු ඒවා, එතකොට මානව හිමිකම් කඩවීම් නෙමෙයිද ? කොච්චර සෙබළු අබ්බගාතද, මැරුණද? අපේ දේපල වලට කොච්චර හානිද? හරියට අපි අහිංසක ගමකට කඩාපත්වෙලා කිසිත් නොදන්න අහිංසකයෝ මැරුවා කියලද චැනල් 4 හිතා ඉන්නේ? අපිත් ෆොටෝ උස්සාගෙන උද්ගෝෂණ කරමු ඔවුන්ට විරුද්ධව. එතකොට එකම උසාවියේදී නඩු දෙකම අහයි. අමතක කරන්න එපා ඔවුන්ට වගේම අපිටත් ඔවුන් කරන ඔක්කොම කරන්න පුළුවන් බව. මහා ජාතිය කුලප්පු වුණොත් මොන අධිකරනයකටවත් නවත්තන්න බැරි බව ඩයස්පෝරාවත් දැන ගන්න. සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොටම නිදහසේ ඉන්න දෙන්න. කාලෙකට පස්සේ තියෙන නිදහස විඳින්න දෙන්න. රජයයි කොටියි වගේ නෙමෙයි සිංහලුයි කොටියි පැටලුනොත් අපටත් නීතියක් නැතිවෙයි එතකොට (නි)
මම ඉන්නේ කැනඩාවේ. කරුණාකර හොඳ කොන්ද පණ තිබෙන නියෝජිතයෙක් මෙහෙට එවන්න. සත්‍ය අවබෝධ කර කැනඩාවේ රජයට කරුණු කියන්න, පුවත්පත් වලට හොදින් ලියන්න පුළුවන් කෙනෙක් මෙහෙට අවශ්‍යයි. ප්‍රසන්න, ඔබ හරියටම හරි. කොන්ද තිබෙන තානාපතිවරුන් නැතිකම විශාල පාඩුවක් බව මට හොඳට දැනෙනවා. උගත්කම පමණක් නෙමෙයි, හොඳ හැකියාවක් සහ තීක්ෂණ බුද්ධියක් තිබෙන අය අවශ්‍යයි. (නි)
ඩේවිඩ් කැමරුන් ගිතට විරුද්ධව හෝ මෙහෙම කියන්න ඕනෑ. මොකද ඔහුට ඔහුගේ රටෙන් තිබෙන බලපෑම නිසා. කෙසේවෙතත් ඔබගේ පැමිණීම ඉතා අගය කරමි (නි)
ඩේවිඩ් කැමරන් හා ඔහුගේ බටහිර සගයන්ට අප බිය විය යුතුද? මේ උදහස් අදහස් දමිල සහෝදරයන්ට ආදරයකින් නොවේ. අප එකමුතු කිරීමේ වෑයමක් නොදරා භේද කිරීමෙන් තම මතයම ඉස්මතු කිරීමට දඟලති. (නදී)
කැමරන්ලා ඔබාමලාට මැදපෙරදිගට කරන යුද අපරාධ ගැනත් හොයල බලන්න කියන්න තිබුනේ. ජනාධිපතුමනි, අත අරින් එපා. අපි ඔබ සමගයි (නි)
තවම ඔවුන්ගේ අධිරාජ්‍යවාදී මානසිකත්වය වෙනස් වෙලා නැහැ(නදී)
මොහු මෙහි පැමිණීමට පෙරසිටම මෙම ප්‍රකාශය සහ ක්‍රියාදාමය සුදානම් කර තිබුණි. බීබීසී, චැනල් 4 වැනි ආයතන මෙම ක්‍රියාදාමයේ හවුල්කරුවෝ වෙති. මෙවැනි පුද්ගලයින්ට බුද්ධිමය පහරදීමක් කළ යුතුය. අපේ මිනිසුන් නිකන් කෑ ගසමින් පෙළපාලි ගියාට වැඩක් නැත. (නි)
අපිත් කැමරන්ට වැදලා සපෝට්. (නි)
අපේ රජ කලේ ඒගොල්ලෝ කළ යුද අපරාධ ගැන ප්‍රථමයෙන් කතා කරමු කියන්න කවුරුවත් සිටියේ නැද්ද? (නි)
බ්‍රිතාන්‍ය ආණ්ඩුව අපේ රට යටත් කරගෙන හිටිය කාලෙ කළ අපරාධ ගැනත් හොයමු (නි)
පළමුව 1818, 1848 ලංකාවේ සුද්දෝ කළ සමුල ඝාතන සෙවිය යුතුයි. වෙල්ලස්සේ කළ විනාශ සෙවිය යුතුයි. වර්තමානයේ ඉරාකයේ, ලිබියාවේ කළ සමුල ඝාතන සෙවිය යුතුයි. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ (නි)
කැමරන්ලා ඇස්වහගෙන හිටපු කාලෙ කොටි කරපු යුධ අපරාධ ගැන, නිරායුධ සිවිල් ජනයා මරාදැමීම, හාමුදුරුවන් ඝාතනය, එතකොට කැබිතිගොල්ලෑව ගැන ඒ ගැනත් පරීක්ෂණයක් කරනවද? (නි)
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමා.දැන් සනීපද? (නි)
ජයවේවා කැමරන් මහත්තයා, නියමයි (නි)
කිසිදෙයකට බය වෙන්න එපා. සිංහයා පිටුපස මකරා ඉන්නවා අපිට (නි)
ඕකට ඉතින් මොකටද කෑගහන්නෙ? චෝදනා පරීක්ෂා කරන්න කියලනේ කිව්වේ ? වැරදි නොකළ නම් කෑහගන්න ඕනේ නෑ. නිවී සැනසිල්ලේ ඔය චෝදනා ටික පරීක්ෂා කරලා වැරදි කරලා නැති බව ඔප්පු කරල පෙන්නුවම ඉවරයි නේ. (ස)
ධම්මගේ කතාව මසුරන් වටිනවා.මේ වගේ අය නිසා තමා අපිට ජාතියක් විදියට කෙලින් ඉන්න බැරි.අපෙන් කාලා අපේ ඔලුවටම අත හෝදන්න හදන අය නිසා. (නි)
අනෝමා නෝනා, ඔයාට මොකක්ද දකුණේ තියන ප්‍රශ්නය. අපිට පුළුවන් ඒකට විසදුමක් දෙන්න .කැමරන්ම උවමනා නැ. නිකන් රට පවා දෙන්න එපා.(නදී)
ඩේවිබ් කැමරන් ඉපදුනේ 2009 මැයි මාසෙද මන්දා? නැත්නම් ඊට කලින් උතුරෙ වූ අපරාධ නොපෙනෙන්නෙ ඇයි? මොන ජාත්‍යන්තර පරීක්ෂණය කරන්නත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවක් සම්මත වෙන්න එපායැ? ඕවට කලබල නොවී අපි පාඩුවෙ ඉමු! (නි)
නිමල්, මම දන්නා තරමින් සිංහල අය ඡන්දෙ දෙන්න යනවා මම නම් දැකලා නැහැ.අපිත් දෙනවා ඔහේ කාට හරි. මොකෝ පළාත් සභා පත්වීමක් ගන්න කියලද? (නි)
හොඳට බලන්න මුත්තයියා කියන දේ හිතන්න. (ස)
අපිට තව අවුරුදු 12 ක්වත් ජනපති ඔබමයි. (නි)
මටනම් හිතනේ මෙතැන අපි අතින් වැරද්දක් වෙලා තියනවා. අපේ මතය හරියට ජාත්‍යන්තරයට යන්නේ නෑ හැබැයි එල්.ටී.ටී ඩයස්පොරාව කියන නිසයි අපි ගැන එයාල ඔය විදියට හිතන්නේ... යුද්දේ දිනුවට මදි ලංකාව ඇතුලේ අඩි හප්පලා අපිට පෙනෙන්න කෑගැහුවට මදි. කොන්ද කෙලින් තියාගෙන අපේ බ්‍රිතානයේ තානාපති තුමා සී.එන්.එන් එකටයි බී.බී.සී එකටයි රිදෙන්න පිළිතුරු දුන් නවගේ තව 10 දෙනෙකුට විතර ඔය වගේ කතා කරන්න පුලුවන්නම් ටික කාලයක් යනකොට අපේ මතය ඔවුන් අතරට යනවා.... හැබයි ඒකට ඔය තනතුරුවලට පන්දමට විතරක් නිලධාරීන් පත්කරලා හරියන්නේ නෑ... ඒවගේම අපි කියන දේවල් පොරොන්දු වෙන දේවල් අවංකවම කරලා පෙන්නන ඕනේ කරන්න බැරිනම් කියන්න හොද නෑ එහෙම කලොත් ටික කාලෙකින් එල්.ටී.ටී ඩයස්පොරාව පරදියි.(නදී)
අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රියත්වය දිනෙන් දින වැඩිවෙනවා ශ්‍රී ලංකාව තුළ. නමුත් ඩේවිබ් කැමරන්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙනවා බ්‍රිතාන්‍ය තුළ. ඒකයි ඇත්ත.එනිසා එයා දොඩවන දේවල් ගැන හිතන්න එපා (නි)
ඒ කාලේ අපේ රටට කළ අපරාධත් පිරික්සනු! (නි)
ආවා නම් ආපු වැඩේ කරගෙන යන්නකෝ (නි)
අපිට මේවා කලින් හිතන්න තිබුනා. කොටි කරපු වැඩ ගැන කටුගෙයක්වත් හදලා තිබුනා නම් කොච්චර හොදද? (නි)
කෝ, බොදු බල සේනා, රාවණ බලය ,විමල් වීරවංශලා, අඩු ගන්නේ එකතුවෙලා ප්‍රවෘති සාකච්ඡාවකින් වත් පිලිතිරු දෙන්න. ඔය සුද්දෝ අපිට කරපු යුද අපරාද වලට වන්දි ගෙවිය යුතුයි. කව්රුවත් මේවා ගැන මතක් කළාද? අපෙන් අරන් ගිය අපේ පුරා වස්තු,පුස්කොල පොත් අපෙන් මකාදැමු අපේ නියම ඉතිහාසය.(නදී)
තාම ත්‍රස්තවාදීන්ගේ භයානක බව දැනිලා නැහැ වගේ මෙයාලට (නි)
ගොඩක් හොදයි (නි)
එයා කියන හැම දෙයක්ම පිළිගන්න බැහැනේ. (නි)