ශ්‍රී ලංකා හමුදාව හා කොටි තස්ත්‍රවාදීන් අතර යුද්ධයේදී මානවහිමිකම් උල්ලංඝණය වී ඇත්නම් ඒ ගැන සොයා බලා රටේ නීතිය අනුව වරදකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති දෙස් විදෙස් මාධ්‍ය හමුවකදී අද(14)පැවසීය.
‘අපට හංගන්න දෙයක් නෑ පොදු රාජ්‍ය මණ්ඩලීය සාරධර්ම රකිනවා යැයිද තිස් වසරක් පුරා කොටිත්‍රස්ත්‍රවාදීන් ගෙන ගිය මානවහිමිකම් කඩ කීරීම්වලට තිත තැබීමට කාලය පැමිණ ඇතැයිද ජනපති කීය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේ හමුව පැවැත්විණි.පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේශ් ෂර්මාද මේ හමුවට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයේ ඉන්නයි සියළු දෙනාම දගලන්නේ. (නි)
මගේ රටට, දැයට, ජනාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවටම ත්‍රිවිධ රත්නයෙ පිහිටාරක්ෂාවයි !!!! (ස)
බන්දුල පෙරේරා,අපේ දරු දැරියන් වෙනුවෙන් උදාවෙන හෙට දවස ගැන හිතලා සතුටු වෙන එක තමයි සිංහල දෙමල අපි කාගේත් යුතුකම.අද දවස අපේ වුණාට හෙට දවස අපේ නෙමෙයි.ඒක අපේ දරුවන්ගේ.රටේ තිබෙන සියලුම වටිනා කියන ඉඩම් ටිකත් චීනෙට විකුණලා,ගහ කොළ සතා සිව්පාවත් විකුණාගෙන කාලා,අනාගත දරු පරම්පරාවම ණයගැති කරලා,ඒ මදිවට එකසිය ගානට විනේ ස්ටෝර්ස් අරින්න බලපත්‍ර දීලා ,මිනීමැරුම්,සුදුව ,කැසිනෝ,මත්ද්‍රව්‍ය,ගණිකා වෘත්තිය,ළමා අපචාර වලින් රටට කීර්තියක් ගෙන දීලා ඉතුරු වෙයි අපේ දරුවන්ට අනාගතයක්. (නි)
අපට අහිමි කල අපේ කමට යලි පන පොවනා පන ඇති මිනිහෙක් .(දී)
ඕක මුලින්ම කියලා එකෙක් දෙන්නෙක් අල්ලලා කූඩු කළා නම් අද මේ කරදර නැහැනේ නේද? (නි)
ටිකිරිගේ මොළේ ගොම පස් පිරිලා කියලා හැමදාමත් කිව්වට අද තමයි ගොම පස් වීසි වෙනවා දැක්කේ.ඔබ වගේ අහසින් පාත්වූ කට්ටියට, මාසෙට 80000න් ජීවත් වෙන්නේ කොහොමද කියන කට්ටියට, මගුල් ගේත් පෙනෙන්නේ මළගෙයක් හැටියට බව අපි දන්නවා.ඔබගේ ඔය ආණ්ඩුව ආවාම මේ රටේ අපරාධ නැති වෙලා හිර ගෙවල් වැහිලා පොලිසියට රස්සාවල් නැති වෙලා හමුදා විසුරුවා හැරලා, උදේ හවස සීල්ගන්න පන්සිල් රකින පාලකයෝ පාලිතයෝ ඉන්න සමාජයක් වංචා දුෂණ අහලාවත් නැති පාලකයෝ ඉන්න සමාජයක් බිහිවේවි කියලා තමයි අපිත් මේ බලාගෙන ඉන්නේ.ඒක එනකම් ඉතින් අපිට දුර්වලකම් තිබුණත් දැනට මේක හොදයි.අනේ පුංචි ටිකිරි,අපි නොදන්නා ටිකිරිගේ ලයිව් (නි)
බන්දුල,ගොමපස් හොඳ පොහොරක්.ඒ කියන්නේ ටිකිරිබණ්ඩා ගේ අදහස සාරවත් .(දී)
ජනාධිපතිතුමනි,ඔබ අපගේ රජු වීම අපට මහත් ආඩම්බරයකි (නි)
කතාව ඇත්ත අපිත් පිලි ගන්නවා (දී)
මේ යුද අපරාධ ගැන කියන්නේ ඩයස්පෝරාවට වැඩිපුරම අපේම සිංහලුන් කොටසක්. බංකොලොත් වූ පක්ෂ වලින් සංවිධානය වූ මොවුන් සඳහා විදේශ සංවිධාන මුදල් සපයා විදේශ සංචාර දෙනවා. ඒ බටහිර රටවලට ගොස් කරුණු දැක්විමට. අපි පින්තූරත් දැක්කා. තව ලිවීමට පුවත්පත ඉඩ මදිය (නි)
සත්‍ය, කියන්න ඕනෑ අයට තමයි ජනාධිපතිතුමා කියලා තියෙන්නේ. අපේ රටට මානව හිමිකම් උගන්නන්න එන ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරියගෙන් ඇහුවාම ඉරාකයේ ලක්ෂ ගණනක් බෝම්බවලින් මරාදාපු එක හරිද කියලා මොකද එයා කිව්වේ? රසායනික අවි සෙවීමට කළ දෙයක් නිසා ඒක සාධාරණයි කිව්වා. ඒ වගේ උදවියට දිය යුතු පිළිතුර තමයි ජනාධිපතිතුමා දීලා තියෙන්නේ. (නි)
අපේ ගැලවුම්කාරයාණනි,දියසෙන් කුමාරයාණෙනි,කොටි පන්දම් නිතරම කියන්නේ යුධ අපරාධ සොයන්නයි.හරියට හෙව්වොත් උතුරේ ඉන්නා අයගෙන් 75% යුධ අපරාධ ඝණයට අයත්. (නි)
සිවිල්වැසියන්ට සහ කොටි ත්‍රස්තවාදීන්ට සොල්දාදුවාගේ වතුර බෝතලය, කෑම පැකට්ටුව, හැකි පමණින් සොල්දාදුවාගේ දෑතින්ම ආහාර පිසදී, දොළොස් දහසකට වැඩිපිරිසක් සමාජ ගත කළා. නැවත පදිංචි කළ අහිංසක මිනිසුන්ට ගේ දොර ලිං, වැසිකිළි පවා හදාදුන් හැටි ඒ අයට අමතක වුණත්, අපට අමතක නොවෙනු ඇත. ඒ ගැන වචනයකුදු කථා නොකරන දෙස්, විදෙස් කුමන්ත්‍රණකරුවන්ට තිබෙන දොළදුක අපටම කියා කරගන්න දැඩි උත්සාහයක යෙදෙනවා. කැබිතිගොල්ලෑව සංහාර කළ බස් බෝම්බකරු ගැන මොවුන් වචනයක්වත් කිවුවද? හමුදාවට අද එරෙහි වන උතුරේ කොටි හොල්මන් මැති, ඇමතිවරු සහ දෙස් විදෙස් සතුරන් එදා වචනයකින්වත් සංග්‍රහ කළාද? සාදරයෙන් පිළිගත් සිවිල් ජනතාවට මානුෂිකව සළකපු එකම හමුදාව අපේ රණවිරුවන් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ රටට නිදහස ලබාදුන් වීර සෙබලුනි, ඔබ අපේ ජීවයයි. හමුදා ගෞරවය අරාක්‍ෂා කර ගෙන අප රට ආරාක්‍ෂාකර දෙන්න. අපි ඔබ සමගයි. (නි)
වේද මහත්තයා හරියට හරි.එවැනි කේලම්කාරයෝ ගොඩක් මටත් හමුවෙලා තිබෙනවා.ඉස්සර මට ආණ්ඩු පක්ෂය පෙන්නන්නම බැහැ.මොකද මම වෙනත් දේශපාලන මතයක ඉන්නා කෙනෙක් නිසා.නමුත් ජාත්‍යන්තරයට කේලම් කියන අපේ සිංහල කිහිපදෙනෙක් එක්ක කතා කළා.ඔවුන්ගේ යටි අරමුණ තේරුම් ගත නිසාත්,ඔවුන් ඉතා කුහක,අධම අරමුණු වල පිහිටා තමා මෙලොවට බිහි කළ අම්මා වුණත් පාවා දෙන්න තරම් පිරිහුණ අය බව තේරුණ නිසාත් මම ගොඩක් ආණ්ඩුවට වාසිවෙන අදහස් ලියන්නේ.නමුත් මගේ අරමුණ රට,ජාතිය රැකිමයි (නි)
බටහිර ලෝකයා කරන යුද අපරාධ ගැන කවුරුත් කතා නැහැ. ඇෆ්ගන් පොළොවේ සිදුවන දේවල් ? කෝ නව පිල්ලේ එයත් සුදු හමට බයයි වගේ. (ස)
ඔය අපේ රටේ මානව හිමිකම් සහ යුධ අපරාධ සොයන්න කියනා බටහිර රටවල් කරපු යුධ අපරාධ සහ මානව හිමිකම් කැඩිම අප රට කර නැහැ. කරපු එකම දෙය 30 වසරක කුරිරු යුද්ධය අවසන් කල පමණකි. යුද්ධයකදී දෙපැත්තෙන්ම මැරෙනවා . එහෙත් ලංකා රජය අහිංසක ජිවිත අවම කර යුද්ධය නිම කළා. විශාල කොටින් ප්‍රමාණයක් පුනරුත්ථාපනය කොට නිදහස් කරා. රටේ විශාල සංවර්ධනයක් කරා. ගසා කෑම තිබෙනවා. ඒවා කවුරු ආවත් කරන දේවල්. නමුත් යුද්ධය අවසන වී අවුරුදු 4 ට ලබපු සංවර්ධනය කියා නිම කල නොහැකිය. විදේශයක සිට සෑම අවුරුද්දකම ලංකාවට යන මම දකින්නේ ලොකු සංවර්ධනයක් මිස පසුබෑමක් නොවේ. (ස)
ඕක දැනට අවුරුදු 3 කට කලින් කිව්වා නම් මේ මොන වාර්තාවක් වත් නෑ. (ස)
ජනාධිපතිතුමනි, ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඔබතුමා සමඟයි.රට ත්‍රස්කවාදින්ගෙන් බේරුවේ ඔබතුමයි.ඔබට සදා ජය. (ස)
අපරාධ නොවන යුද්ධ කලේ ලෝක ඉතිහාසේ කොයි රටද, කවුරුද කියල ඔය යුධ අපරාධ ගැන කතා කරන කට්ටියගෙන් පැහැදිලි කර ගැනීමක් කර ගන්න තියෙනව නම් හොඳයි..සාමාන්‍ය වැසියන්ට හානි නොවෙන්න යුද්ධයක් කරන්න කාටවත් බැහැ.හානිය අවම කරගෙන යුද්ධ කරන්න උත්සහ ගන්නවා කියන්නේ තමන්ගේ පැත්තට වෙන හානිය උපරිම කර ගැනීම.විශේෂයෙන් සාමාන්‍ය වැසියන්ගෙන් ආවරණය ලබන ත්‍රස්තවාදීන් සමඟ සටනකදී,,.71 දී 88/89 දී සාමාන්‍ය වැසියන්ට දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙවන්න උනා. රටේ සාමය ඇති කර ගන්න ..කොටි ප්‍රශ්නය ඉවර කිරීමේදීත් යම් ජීවිත ප්‍රමාණයක් බිලි උනා.සිංහල දෙමල හැමෝටම පොදුවේ එකම විදියේ අත්දැකීම් ලැබුනා...සාමය ලබාගැනීමේදී සාමය වෙනුවෙන් යම් වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා කාට කාටත්..එ වන්දිය ගැන නොහිත උදා වෙච්ච සාමෙන් අපේ දරු දැරියන් වෙනුවෙන් උදාවෙන හෙට දවස ගැන හිතල සතුටු වෙන එක තමයි සිංහල දෙමල අපි කාගේත් යුතුකම...අද දවස අපේ උනාට හෙට දවස අපේ නෙමෙයි..ඒක අපේ දරුවන්ගේ.. (ස)
බන්දුල පෙරේරා, ඔබගේ අදහස් මසුරං. (නි)
දැන් යුද්ධයක් නැහැ. ඇයි මේ රට පාවලා දෙන්නේ? 88, 89, 90 බටලන්ද බුස්ස වධකාගාර ගැන මේ මානව හිමිකම් වල කතා කරන්නේ නැද්ද? (නි)
ටිකිරිමණිකේ, ගොම නම් හොඳ පොහොරක් තමයි. හැබැයි ටිකිරි බණ්ඩා ඒ පොහොර තියාගෙන ඉන්න තැන වැරදියි. බන්දුල කියන්නේ ඒ ගැනයි. (දී)
අනේ මේවා කාට කියන්නද ? දෙවියනී. (ස)
ජනාධිපතිතුමනි, ඔබ සමග අපි ඉන්නවා (නි)
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතී නිසා මිනිස්සු ඉන්නේ බයෙන්. විරුද්ධ මත කතා කරන්න ලියන්න අද බැරිකමක් තිබෙනවා. එක මතයක් පමණක් ගෙනෙන්න හදනවා. වෙන දේවල් වලින් පෙනෙන්න තියෙන්නේ මොනවා කරන්නද වෙන දෙයක් බලාගෙන ඉදිමු කියන එකයි (නි)
අපට අහිමි කල අපේ කමට යලි පනපොවනා පන ඇති මිනිහෙක් .ඔබ තුමාට දීර්ඝායුෂ (දී)