(රංජිත් රාජපක්ෂ)

යතුරුපැදි අනතුරකින් පසුව යතුරුපැදිකරුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපති, ඔහුගේ පුත්‍රයා, බෑනා සහ යතුරුපැදි අනතුර සිදු කල නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු අධිකාරිවරයාව නාවලපිටිය පොලිසිය මගින් අද (12) අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතාගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදි අනතුරක් සිදු වී දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදු වූ අයුරු ඒ අසළ පිහිටි ආරක්ෂක කැමරාවක සටහන් වී තිබුණි.

එම කැමරා දර්ශන ඔස්සේ විමර්ෂණ පැවැත්වු නාවලපිටිය පොලිසියේ නිළධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.