දිවුලපිටිය - ගිරිඋල්ල මාර්ගයේ කුඩගම්මන පන්සල ආසන්නයේදී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මියගිය බව පොලිසිය කියයි.

කොටදෙණියාව පදිංචි ඔහු 39 හැවිරිදි දෙදරු පියෙකි. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.