(සුමිත් පොතුපිටිය)

සිය මවගේ රුධිර සාම්පල් වාර්තාවක් රැගෙන පදික මාරුවෙන් ගමන් කරමින් සිටි 36 හැව්රිදි එක්දරු මවක  යතුරුපැදියක ගැටී මියගොස් , යතුරුපැදිකරු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මග්ගොන ප්‍රදේශයේ පදිංචි සිටී 36 හැව්රිදි මිහිරි ජානකී නමැති එක්දරු මවක බව පොලිසිය කීය.

යතුරුපැදිකරු පොලිස් භාරයේ කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

යතුරුපැදිකරු බේරුවල දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති අතර මියගොස් ඇති කාන්තාවක ගොඩබිම දෙස සිට මුහුදුබඩ දෙසට පාර මාරුවීමේදී අනතුර සිදුව ඇති බව පොලිසිය කිය.

යතුරුපැදියේ ගැටුන කාන්තාවක මීටර් 24.8 ක් යතුරුපැදිය සමග ඉදිරියට ඇදීගොස් ගොස් යකඩ වැටේ වැදී නතර වී ඇති බවත්, යතුරුපැදිය මීටර් 60 ක් පමණ දුරකට ඇදීගොස් ඇති බවත් පොලිසිය කීය.