(ප්‍රේමතිලක පෙරමුණ)
අවිත්තාව ලෙව්වන්දූව ප්‍රධාන මාර්ගයේ අද (6) සවස යතුරුපැදියක් ලංගම බස් රථයක් හා ගැටී සිදුවූ අන්තුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව ඉත්තෑපාන පොලිසිය පවසයි.
ඉත්තෑපාන පරෙයිගම හා ගලතර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ අනඅනතුරට ලක්ව ඇති අතර ඉත්තෑපාන ලූල්බද්දුව සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ස්මාරකය ආසන්නයේ මෙම අනතුර සිදුව ඇත.
කරපාගල සිට ලෙව්වන්දූව දිසාව්ට ධාවනය වූ බස් රථයේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදිය මුමුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිසිදුව ඇතැයි පොලිසිය පවසයි
අනතුරින් යතුරුපැදිය දෙකට කැඩී ඇති අතර තුවාලකරුවන් ඉත්තෑපාන රෝහලට ඇතුලත් කර පසුව නාගොඩ මහරෝහලට මාරුකර යවා ඇත
ඉත්තෑපාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්ටිඩීකේ මාවතගේ මහතාගේ මෙහෙයවීමෙන් එහි රථවාහන අංශය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදිකරුවන් බොහෝ විට තමනට අයිති නැති මංතීරුවේ ධාවනය කිරීම මුහුණට මුහුණ ලා ගැටීමට හේතු විය හැකි යි.