දොඩංදූව බලපිටිය ධීවර වරායෙන් ගිය වල්ලම් 12න් හතරක් නැවත පැමිණ නැතැයි ද, එක වල්ලමක සාමාන්‍යයෙන් ධීවරයන් අට දෙනකු මුහුදු යන බව ද ගැමියෝ කියති.
බලපිටිය මෝදරින් ගිය බෝට්ටු රැසක් ද මෙතෙක් පැමිණ නැතැයි කියති. ඒවායේ සිටි 15 දෙනකු පමණ විවිධ ක්‍රමවලින් ගොඩබිමට පැමිණ ඇතැයි ද ධීවරයෝ පවසති.
බේරුවලින් මුහුදු ගිය ධිවරයකුගේ සිරුරක් අද උදෑසන ඉඳුරුවට ගොඩ ගසා තිබූ බව කොස්ගොඩ පොලිසිය කියයි.
ගොඩට ආ ධීවරයන් පැවසුවේ ගොඩ බිම සොයා ගත නොහැකිව බොහෝ දෙනෙක් අතරමං වූ බවයි. වෙරළ තීරයේ විදුලිය විසන්ධි වීම නිසා එළියක් නොපෙනීම ඊට හේතුව බවත් ඔවුහු කීහ.
මසුන් මැරීමට ගිය තම ඥාතීහු එන තෙක් තවමත් ගැමියෝ වෙරළට වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මසුන් මැරීමට, සත්ත්ව ඝාතනයට ගිය යාත්‍රා රැසක් බලපිටියට ඇවිත් නෑ. බුදුන්ට පහන පත්තුකරලා දෙවියනට කන්නලව් කරන්න ඉක්මනට ඒවි. (නදී)
සත්ව ඝාතනයට ගිය යාත්‍රා රැසක් බලපිටියට ඇවිත් නෑ. ඉක්මනට බුදුන්ට පහන් පත්තු කරලා දෙවියන්ට කන්නලව් කලානම් ඉක්මනට ඒවි.(නදී)
සෑම ධීවර වරායකම තිබියයුතු සාමාන්‍ය විදුලිය ඇනහිටියත් බැටරියෙන් ක්‍රියාත්මකවන උස දීප්ත පහන් කණුවක අවශ්‍යතාවය පෙනීයනවා. ඒ සඳහා වගකිවයුත්තන්ගේ අවධානය යොමුවීම කාලීන අවශ්‍යතාවයක්. අධික මීදුම වර්ෂාව කුණාටු නිසා වායුගෝලයේ දුර දර්ශකත්වය පහල යන අවස්ථාවලදී ධීවර ජීවිත ආරක්ෂාවීමට මේවා ඉවහල් වේවි.(නදී)
අද මේ ධීවර ජනතාවගේ ගෙදර බතක් ඉදෙන්නේ නැ, තමන්ගේ පුතා, සැමියා, අයියා එනකම් බලන් ඉන්නවා. පුලුවන්නම් ඒ අයට සහනාධාර ලබාදෙන්න. තාවකාලික විදුලි ජනක මගින් වෙරළ පුරා විදුලි ලාම්පු දල්වන්න. මේ අපේ සහෝදරයෝ අතරමං වෙලා ඉන්නේ. (නදී)
ටික දෙනෙක්වත් ජීවිත බෙර ගත්ත කියන්නේ ලොකු පිනක්. අනෙක් අයත් මොන ක්‍රමයකින් හරි බේරෙනවා නම් කොච්චර වාසනාවක්ද.?(නදී)
තවමත් කාලගුණය කියන්නේ අර ඉස්සර අහසට යවන සුදු පාට බැලුම් බෝල යවලද ? ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් ගෑස් (පෙට්‍රල්)පුච්ච පුච්ච තියන කාර් රේස් වලට යන සල්ලි වලින් රටට ආර්ථිකයට අත්‍යාවශය කාලගුණ ආයතනයට නවීන උපකරණ ලබා දී මෙවෙනි විපත් වලින් අහිංසක ජනයා බේරා ගන්න. ඔය බලයේ ඉන්න කාට හරි ඔලුවට එන්න කියා මා ප්‍රාර්ථනය කරමි.(නදී)
දෙවොල් දෙවියන් විපතට පත් උවන් ආරක්ෂා කර දෙත්වා.(නදී)
කවුරු උනත් තම තමන්ගේ පවුල නඩත්තු කරන්න මහන්සි වෙනවා. අපි ප්‍රාර්තනාකරමු කරදරයක් නොවෙන්න කියලා.(නදී)