
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අතුරුගිරිය පෝරේ හංදියේදී යතුරු පැදියක් කැබ් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණියක මියගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම හබරකඩ බෝධිරාජ මාවතේ පදිංචි සචිනි යශෝධා නමැති 22 හැවිරිදි අවිවාහක තරුණියකි.
ඇය තම ස්කූටි යතුරුපැදියෙන් නිවසේ සිට මාලබේ දෙසට යමින් සිටියදී අතුරුගිරිය පෝරේ හන්දිය ආසන්නේ ගෝවින්න මාවතේ සිට ප්‍රධාන මාර්ගයට ගත් කැබ් රථයක ගැටි විසි වී මාලබේ දෙස සිට අතුරුගිරිය දෙසට ප්‍රති විරුද්ධ මංතීරුවේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගැටී මෙම ඩඅනතුර සිදුව තිබේ.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් අවිවාහක තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ මියගොස් තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලයේ කැබ් රථ මෙන්ම ලොකු ලොකු වාහන හිමියන් අතුරු මාර්ගවල සිට ප්‍රධාන මාර්ග වලට වාහන ගන්නේ තමුන් විතරයි. පාරේ යන්නේ කියලා හිතාගෙන වගේමයි ඔවුන්ට මාර්ග නීති කිසිවක් අදාල නැහැ පාර මැදද නැවැත්වීම අවසර තියෙන තැනක්ද? සමහරක් ධනවතුන්ට අදාල නැහැ රාත්‍රියේ යනවා නම් යන්නේ ඉදිරියට එන වාහනයට මෙන්ම ඉදිරියේ යන වාහනයටත් හෙඩ් ලයිට් ඩිම් නොකර පීඩාවට පත්කරමින් කියලා කියන්න පුළුවන්... ඒවා සැඟවී පාරට පනින උන්දැලා දකින්නෙත් නැහැ මේ වනවිට යතුරු පැදි කියන්නේ සතියකට දෙතුන් දෙනෙක්වත් මරණයට පත්කරන වාහනයක් වෙලා ඉවරයි...
වාහනය හසුරුවන කට්ටියගෙ ලොකුම දුර්වල කම තමා කිසිම විනීතකමක් නොමැතිව, ඉවසීම, හික්මීම නොමැතිකම සහ හදිස්සිය.