IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යතුරු පැදි - ලොරි අනතුරින් නාවික සෙබළකු මරුට

(කේ බුද්ධික කුමාරසිරි)

මීපේ - ඉංගිරිය මාර්ගයේ පිටුම්පේ පිංතාලිය අසලදී යතුරු පැදියක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් යතුරු පැදියේ පසුපස ගමන් ගත් තරැණයකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි

පාදුක්ක පිටුම්පේ පිංතාලිය අසල මාර්ගය අයිනේ යතුරු පැදිය නවත්වාගෙන සිටියදී ඉංගිරිය දෙස සිට පැමිණි කුඩා ලොරි රථය යතුරු පැදියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.

අනතුරට ලක් වූ යතුරු පැදියෙහි පැදිකරු තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ ම පදිංචිකරුවකු වන නාවික හමුදාවේ සේවයේ නියුත්ව සිටි 31 හැවිරිදි එක්දරු පියෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු පාදුක්ක පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරැ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 



අදහස් (0)

යතුරු පැදි - ලොරි අනතුරින් නාවික සෙබළකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site