(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාසල් සිසුන් දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් තඹගල්ල වැව ආසන්නයේ දී අද සවස 2.30ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටීම නිසා එම සිසුන් දෙදෙනාම මියගිය බව මාදම්පේ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාදම්පේ, තඹගල්ල ප්‍රදේශයේ පදිංචි තරුෂ සංදීප සහ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි සස්මිත ඒෂාන් රණවීර නැමැති පාසල් සිසුන් දෙදෙනෙකි.
මාරක අනතුරින් මිය ගිය සිසුන් දෙදෙනා 16 හැවිරිදි වියේ පසුවෙති.
මාරක අනතුරින් මියගිය දෙදෙනාම ඥාතීන් යයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුර ඔබ දෙපලට නිවන්දක්නාතුරු මෙවන් අකල් මරණයක් නොමවේවා.... උතුම් නිවනින් සැනසේවා.!
අවුරුදු 16, යනතුරු පැදි බලපත් නෑ... වඳුරන්ට දැලිපිහි දුන්නා වගේ තමයි.
හිස්වැසුම් පැළඳලාත් නැතුව ඇති... එහෙමත් නැතිනම් වේගය, මරණය ගේන තරමටම අධික විය යුතුයි. යතුරුපැදිය කවුරුන් හෝ වැඩිහිටියෙකුගෙන් ලබාගත් එකක් විය යුතුයි. එම වැඩිහිටියා මෙම මරණවල වගකීම බාරගත යුතුයි. අපරාදෙ තරුණ ජීවිත දෙකක්.