IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


යටියන්තොට ප්‍රා.ස. අය වැය පරාදයි

(එන් .ආරච්චි)   

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයේ සඳහා පැවැති අයවැය කෙටුම්පත ඡන්ද හතරකින් අද (20) පරාජයට පත් විය .

අයවැය යෝජනාවට පක්ෂව සභාපතිවරයා ඇතුළු  ජාතික ජන බලවේගයේමන්ත්‍රීවරු  12 සහ ස්වාධීන මන්ත්‍රී සූරිය කුමාර් සුමිත්‍රන් පක්ෂව ඡන්දය ලබා දුන් අතර විපක්ෂව සමගි ජන බලවේගය ,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදු ජන එක්සත් පෙරමුණ සහ සර්ව ජන බලය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ .

අයවැය යෝජනාව සභාපති(ජාතික ජන බලවේගය ) නීතිඥ තරිඳු දෙවන ගුරු මහතා විසින් මහා සභාවට ගෙනා අතර සමග ජන බලවේගයේ ලසිත දෙයියාගල ,ලාල් නිශාන්ත සර්ව ජන බලය පක්ෂයේ  ශාන්ත මල්ලව යන මන්ත්‍රීවරු අයවැය කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට අවශ්‍ය බව ප්‍රකාශ කළහ .

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී 2026 අයවැය කෙටුම්පතට පක්ෂව ඡන්ද දහතුනක් හා විපක්ෂව ඡන්ද දාහතක් ලැබුණි .

සභාපති තරිඳු දෙවන ගුරු මහතා විසින් අයවැය කෙටුම්පත සඳහා දෙවන වරත් මහා සභාවට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමින් මහා සභාව ඉදිරි දිනකට කල් තබන ලදී .යටියන්තොට  ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම  143150541.09  වන අතර අපේක්ෂිත වියදම 143150541.08 කි.

 

 



අදහස් (0)

යටියන්තොට ප්‍රා.ස. අය වැය පරාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 953 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site