ඇමරිකාව හා එංගලන්තයේ ඇනවුම් වලට යැවීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි 14 කට ආසන්න කාන්තා යට ඇඳුම් තොගයක් සොරකම් කළැයි කියන දෙදෙනෙකු මීගමුවේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත වුවත් ඇපකරුවන් ඉදිරිපත් කැර ඔවුන් බන්ධනාගාරයේම තව දුරටත් රැඳී සිටීමේ රහසිගත සැලැස්මක් හෙළි වී ඇති බව පොලිසිය කියයි.
සුපිරි සන්නාම යටතේ කාන්තා යට ඇඳුම් තොගයක් අනුරාධපුරය නෙළුබෑවේ කම්හලකින් සොරකම් කැර ත්‍රී රෝද රථයකින් ගෙන ගොස් සුපිරි රෙදිපිළි හල් වලට විකුණූ බව කියන සොර කණ්ඩායමේ ප්‍රධාන දෙදෙනා, පෙර සීදූව ඇගලුම් සොරකමක් සම්බන්ධයෙන් ඇප ලබා සිටියත් රුපියල් කෝටි 14 වටිනා සොරකම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේම සිටින බවත් ඇගලුම් සොරකම සිදු වූ ආයතනයේ කලමණාකරුවෙකු සමග රහස් එකඟතාවයකට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ යැයි කියන කලකට ඉහත දී අනුරාධපුරයේ පදිංචිව සිටි කාන්තාවක් ද ආඩිඅම්බලම කෝවින්නේ උප ඇගලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් ලක්ෂ 80 ක් පමණ වටිනා සොර බඩු (යට ඇඳුම්) ලඟ තබා ගැනීමේ වරදට ඉකුත් දා මීගමුව කොච්චිකඩේ වෙන්දේසි වත්තේ දී අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 25 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්ද, කෝටි ගණන් හොරකම් කරන්නේ ජීවන බර වැඩි නිසාද ?(හේ)
අද කාලේ පුදුම දේවල් තමයි අහන්න තියෙන්නේ (නි)
ආනන්ද කියන විදහට පහුගිය කාලේ කෝටි ගණන් හොරකම් කරපු අයටනේ පුදුම ජීවන බරක් තිබිලා තියෙන්නේ (නි)
ඇමරිකාවේ සහ එංගලන්තයේ ගැහැනුන්ට හදන යට ඇඳුම් අපේ සල්ලි කාර කාන්තාවන්ටත් ලේබෙන්න කරපු දෙයක් , එහෙත් සොරකම් කිරීම දඬුවම් කල යුතු වරදක්. (ර)
මේවා තමයි අර ගායකයාට විසිකලේ. (ර)
අද කාලේ ජීවන බර වැඩිනිසා මිනිස්සු මොන ක්‍රමයකින් හරි සල්ලි හොයන්නයි බලන්නේ (නි)
සුපිරි වෙළඳ සැල් වලිනුත් මේවා සොයාබැලීමකින් තොරව අරගෙනද? (නි)
කොහොමටත් අපේ කාන්තාවන්ට "ඉම්පෝටඩ්" කිව්වොත් කොහේ හැදුවත් කමක් නැහැ. ඒවායේ ලේබල් පෙනෙන්න තමයි යට ඇඳුම් ඇඳගෙනත් යන්නේ. වෙළෙන්දෝ වැඩි ගානට විකුණනවා. අැයි "ඉම්පෝටඩ්" නොවැ (නි)