IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යටඇඳුම් සොරු බන්ධනාගාරයේත් රහසිගත සැලසුමක

ඇමරිකාව හා එංගලන්තයේ ඇනවුම් වලට යැවීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි 14 කට ආසන්න කාන්තා යට ඇඳුම් තොගයක් සොරකම් කළැයි කියන දෙදෙනෙකු මීගමුවේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත වුවත් ඇපකරුවන් ඉදිරිපත් කැර ඔවුන් බන්ධනාගාරයේම තව දුරටත් රැඳී සිටීමේ රහසිගත සැලැස්මක් හෙළි වී ඇති බව පොලිසිය කියයි.

සුපිරි සන්නාම යටතේ කාන්තා යට ඇඳුම් තොගයක් අනුරාධපුරය නෙළුබෑවේ කම්හලකින් සොරකම් කැර ත්‍රී රෝද රථයකින් ගෙන ගොස් සුපිරි රෙදිපිළි හල් වලට විකුණූ බව  කියන සොර කණ්ඩායමේ ප්‍රධාන දෙදෙනා, පෙර සීදූව ඇගලුම් සොරකමක් සම්බන්ධයෙන් ඇප ලබා සිටියත් රුපියල් කෝටි 14  වටිනා සොරකම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේම සිටින බවත් ඇගලුම් සොරකම සිදු වූ ආයතනයේ කලමණාකරුවෙකු සමග රහස් එකඟතාවයකට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ යැයි කියන කලකට ඉහත දී අනුරාධපුරයේ පදිංචිව සිටි කාන්තාවක් ද ආඩිඅම්බලම කෝවින්නේ උප ඇගලුම්  කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් ලක්ෂ 80 ක් පමණ වටිනා සොර බඩු (යට ඇඳුම්) ලඟ තබා ගැනීමේ වරදට ඉකුත් දා මීගමුව කොච්චිකඩේ වෙන්දේසි වත්තේ දී අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 25 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත.

 



අදහස් (0)

යටඇඳුම් සොරු බන්ධනාගාරයේත් රහසිගත සැලසුමක

මහේෂ් Saturday, 23 April 2016 03:22 AM

ආනන්ද, කෝටි ගණන් හොරකම් කරන්නේ ජීවන බර වැඩි නිසාද ?(හේ)

:       0       0

තිස්ස Saturday, 23 April 2016 05:11 AM

අද කාලේ පුදුම දේවල් තමයි අහන්න තියෙන්නේ (නි)

:       0       0

රුවන් Sunday, 24 April 2016 02:32 AM

ආනන්ද කියන විදහට පහුගිය කාලේ කෝටි ගණන් හොරකම් කරපු අයටනේ පුදුම ජීවන බරක් තිබිලා තියෙන්නේ (නි)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Friday, 22 April 2016 03:49 PM

ඇමරිකාවේ සහ එංගලන්තයේ ගැහැනුන්ට හදන යට ඇඳුම් අපේ සල්ලි කාර කාන්තාවන්ටත් ලේබෙන්න කරපු දෙයක් , එහෙත් සොරකම් කිරීම දඬුවම් කල යුතු වරදක්. (ර)

:       0       0

ධම්ම Friday, 22 April 2016 04:43 PM

මේවා තමයි අර ගායකයාට විසිකලේ. (ර)

:       0       0

ආනන්ද Friday, 22 April 2016 08:33 PM

අද කාලේ ජීවන බර වැඩිනිසා මිනිස්සු මොන ක්‍රමයකින් හරි සල්ලි හොයන්නයි බලන්නේ (නි)

:       0       0

යෝනක Friday, 22 April 2016 11:38 PM

සුපිරි වෙළඳ සැල් වලිනුත් මේවා සොයාබැලීමකින් තොරව අරගෙනද? (නි)

:       0       0

සමන්ති Saturday, 23 April 2016 12:17 AM

කොහොමටත් අපේ කාන්තාවන්ට "ඉම්පෝටඩ්" කිව්වොත් කොහේ හැදුවත් කමක් නැහැ. ඒවායේ ලේබල් පෙනෙන්න තමයි යට ඇඳුම් ඇඳගෙනත් යන්නේ. වෙළෙන්දෝ වැඩි ගානට විකුණනවා. අැයි "ඉම්පෝටඩ්" නොවැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site