හික්කඩුවේ යාඥා මධ්‍යස්ථාන දෙකකට පසුගිය 11 දා ගිනිතබා අලාබහානි කළැයි කියන සැකකරුවන් 26 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර භික්ෂූන් වහන්සේ දහ නමක් සිටින බවත් පොලීසිය ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍රකුමාර මුණසිංහ මහතා හමුවේ අද කියා සිටියේය.
ඔවුන්ට නොතීසි නිකුත් කරන්නැයි පොලිස් අධිකාරී උපාලි බණ්ඩාරනායක මහතා ඉල්ලීමක් ද කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලතල පොලීසියට ඇති නිසා නොතීසි නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවල පලවූ වීඩියෝ හා ඡායාරූපවල සංස්කරණය නොකළ දර්ශන පොලීසියට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් වරයා එම නාලිකා වලට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රජය බුදුදහම ආරක්ෂා කරන්න බැදී සිටිනවා. රජය සිය වගකීම් ඉටු නොකරනකොට ජනතාවට බුදුදහමේ ආරක්ෂාවට ඉදිරිපත්වෙන්න වෙනවා. (අ)
මේවට වගකියන්න ඕන කව්ද? ලෝකෙට පරකාසේ "ආගමික නිදහස, සාමකාමී සහජීවනය, ජනවාර්ගික සමගිය" ඒ උනාට ගෙදරට මරගාතේ.(නදී)
දුටු ගැමුණු කුමාරයා එළාර ට විරුද්ධව කළ සටනේ පෙරමුණේත් බෞද්ධ භික්ෂුන් හිටියා. දුටු ගැමුණු කුමාරයා ජය ගත්තේ ඒ හිමිවරුත් ගිහි සේනාවත් ඇතුළු හැම දෙනාට ම හොඳ විනයක් තිබුන නිසා. සටන් කිරීමේ වැරැද්දක් නැත. තීරණාත්මක සාධකය වන්නේ කොහොමද සටන් කලේ කියන එක.(නදී)
මේ වගේ දේවල් සිදු වීම හරිම කණගාටුදායකයි (දිල්)
අසහනයට පත්වූ සිංහලයන්, සිංහල බෞද්දයන් මුලාවෙන් වෙනත් ආගම වලට හරවා ගැනීම නීතිමය වශයෙන් තහනම් කළා නම් මෙවැනි දේ සිදුවන්නේ නැත. (අ)
මේවාට අදහස් පළකර නිකං අපාගත වෙන්න මට බැහැ (දී)
මේවා දකින ජයත්‍යන්තරය අපිට මොනවා නොකියිද (දී)
ඉතා ප්‍රශංසනීයයි. රටේ නීතිය සහ සාමය සුරැකීම පොලිසියේ වගකීමක්. කවුරු කලත් වරද වරදමය. ජාත්‍යන්තරය ශ්‍රීලංකාව ගැන ඉතා ඕනෑකමින් බලාගෙන සිටින මොහොතක් මේක.(නදී)
ආපහු නොකරන්න හොද වැඩ.(නදී)