පරීක්ෂණයක් පවත්තා තීරණයක් ගන්නා තුරු හික්කඩුව බද්දේගම පාරේ ද ඒ සමීපයේ ද පිහිටි යාඥා මධ්‍යස්ථාන දෙකක් දෙසතියක් වසා තැබීමට පොලීසිය පියවර ගැනීමත් සමඟ ගාලු පාරේ වාහන තද බදය අවසන් විය.
මෙම මධ්‍යස්ථානය වසර 16 ක් පැරැණි යැයි පාස්ටර්වරයා කියා ඇතැත් එය නිවැරදි නොවන බවත් වරිපනම් ගෙවීම අරඹා ඇත්තේ 2012 දී පමණ බවත් විරෝධයට එක් වු හිමිවරු කියති.
තම මධ්‍යස්ථාන දෙකටම අලාභ හානි සිදු වී ඇතැයි ප්‍රසන්ත පාස්ටර්වරයා හික්කඩුව පොලීසියට පැමිණිලි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන් ආගමක හෝ බුද්දාගම හෝ ධර්මයේ හරය හොදින් අවබෝද කරගත්තේ නම් මේ කිසිම ප්‍රශ්නයක් නැත. මේ සියලුදෙය අප මිනිසුන් යායුතු තැන එලිය තිබෙද්දී අදුරේ අත පත ගාමින් යන ගමනක් වැනිය.(නදී)
කිසි සේත්ම අනුමත කාල් නොහැකි වැඩක් (දී)
භික්ෂුන් වහන්සේලා මෙසේ හැසිරිය යුතු නැති වුවද සාමකාමීව ප්‍රශ්න විසඳා ගැනීමේ මාර්ග ආණ්ඩුව විසින් ම අසුරා තැබීමේ විපාකයක් පෙන්නුම් කරන තවත් එක් ඛේදවාචයක්. අන්‍ය ආගම් කරණය ශ්‍රී ලංකාවේ බෞද්ධ දර්ශනයේ අඩු පාඩු කමක් නිසා සිද්ධ වෙන දෙයක් නොව, හිතා මතාම මේ දේශයෙන් බෞද්ධ කම අකා මකා දාන්න ගන්න උත්සහයක් කියල පැහැදිලිවම පේනවා. කෙසේවෙතත් බෞද්ධ කම ට හානිවෙන අන්දමේ අනුන් අටවන උගුල් වලට අසුවෙන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (නදී)
සමගිය ඕනේ දකුණේ විතරද ? උතුරේ කෙරෙන ජාතිවාදී වැඩ ගැන ඔයාලා නිහඬ ඇයි? ඇමරිකාවේ තියෙන ජාතික හැගීම් බලන්න? එයාලා වෙන රටවල මිනිස්සු මරන්නෙත් තමන්ගේ මිනිස්සු ආරක්ෂා කරන්න කියලයි කියන්නේ? අපි මර නින්දේ, මූදට පනින්නත් බැහැ දැන් ඉන්දියාවෙන් ඇවිත් අල්ලන් යනවා.(නදී)
හැම තැනම මෙවැනි දේවල් හදනවා දැන් කාලෙක ඉඳලා. ඒවායින් සල්ලි වගේ දේවල් දීල මිනිස්සු හරවනවා. මුකුත් නොකරන මිනිස්සු රට ගැන හිතන කාටහරි වැරදි කියන්න එපා පුරුද්දට.(නදී)
මේවට යන අය කොච්චර නම් මෝඩද ? (නදී)
මේගොල්ලා කල දුටුකල වල ඉහ ගන්න ඇවිත්. මෙහෙම ගියොත් බුරුමයට උන දේ අපේ රටටත් වේවි.(නදී)
ෂෙෆීක්, බුද්ධිමත්ව හිතලා මොනවා කරන්නද? කියන්න බලන්න.(නදී)
අවසර හාමුදුරුවනේ , ඔයිට වැඩිය ඕන තරම් ප්‍රශ්න මේ රටේ තියනවා නේද උද්ගෝෂණය කරන්න ..? (නදී)
මේක නම් මහා විනාසයට මුලක්. (නදී)
අපේ රටේ තරම් ආගම් නැතිව ඇති ලෝකේ කොහේවත්. (නදී)
නිතිය අතට ගන්නේ නැතුව ප්‍රශ්න විසදන්න පොලිසියට බාරදෙන්න.(නදී)
මෙවැනි ආගමික මධ්‍යස්ථාන ඇති කරන්න එක් හේතුවක් තමයි ආගමික නායකයින් ජනතාවගෙන් ඈත් වීම.(නදී)
මෙතන අදහස් දාල තියෙන අයගෙන් කී දෙනෙක් පන්සිල් පද පහ රකිනවද කියල කියන්න පුලුවන්ද. මගුලටත් අරක්කු, මරෙනේටත් අරක්කු, දරුවන්ගේ උපන්දින සාදයටත් අරක්කු. පෝය දවසට පන්සලටවත් ගොඩ නොවෙන අය තමයි මේ වගේ හැසිරෙන්නේ මෙතන. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම කෙනෙකුට නිදහස තියෙනවා කැමති ආගමක් අදහන්න. (නදී)
ජාතින් අතර කිසිම සමගියක් නැහැ. ආගම් අතර කිසිම සමගියක් නැහැ. පන්ති බේද, කුල බේද, දේශපාලන බේද මේ ආදී හැම දෙයකින්ම වෙන් වුන රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ.(නදී)
මේවා දැකලා පුදුම කළකිරීමක් ඇති වුණේ මට අපේ රටට මොනවද මේ වෙන්න යන්නේ?(දිල්)
අනේ මන්ද මේ වගේ දේවල් නොකර රටට ආදරේට නම් කරන්න දේවල් ගොඩක් තියනවා(දිල්)
මීට වැඩිය බුද්ධිමත්ව හිතා බලා ප්‍රශ්න විසදිය යුතුයි (දිල්)
බෙදුම්වාදී ත්‍රස්තවාදීන් මේ වගේ තැන්වල ඇතිවෙන්න පුළුවන්.(නදී)
කඩා පැනලා, ගල් ගහලා, අනුන්ගේ හිත් රිදවලා ප්‍රශ්න විසදන්න බැහැ. (ස)
මෙහෙමද චීවර දාරියෝ හැසිරෙන්නේ, මේකෙන් වෙන්නේ බුද්ධාගම තවත් පරිහාණියට යන එකයි. ඔක්කොටම ඉස්සෙල්ලා මෙයාලට විනය කියන්නේ මොකක්ද කියලා උගන්වන්න සිද්ද වෙලා.(නදී)
මෝඩ මිනිස්සු. (නදී)
ආගමික ශාස්තෘවරයෙක් සත්‍ය වශයෙන් දේශනා කල ධර්මය හැටියට මට වැටහෙන මට ප්‍රත්‍යක්ෂ වූ දෙය එය අසන්නට කැමති අයට දේශනා කිරීම අපරාධයක්ද? (නදී)
මධ්‍යස්ථාන දෙකටම එක පාස්ටර් කෙනෙක්ද? (නදී)
ආගමක් අදහන ඵක හරි ආගමකට යන ඵක හරි ඹය විදිහට දැගලුවාට නවත්වන්න හැකිද? (නදී)
සියලු සත්වයෝ සුවපත් වෙත්වා කිසිවෙක් කිසිවෙකුට ක්‍රෝධ නොකරත්වා, අවමන් නොකරත්වා .... මේ බුදු වදනයි. මේ සිද්ද වෙන්නේ එයද? (නදී)
මෙන්න ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදව.(නදී)