හෝමාගම මීගොඩ කජුගහයටදෙණියේ යාච්ඥා මධ්‍යස්තානයකට පහර දුන්නැයි සැකපිට හිමි නමක් ඇතුළු සිව් දෙනකු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදා හරින ලෙස වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
හෝමාගම පිටිපන පුරාණ විහාරාධිපති හෝමාගම සීලවංශ හිමි ,චන්ද්‍රපාල මාපලගේ ,සුනිල් පෙරේරා හා දමීර නිලංග එම සිව් දෙනා වේ.
සීලවංශ හිමියන් අධිකරණයට දැන්වුයේ ඉරිදා දිනයක් වු එදින දහම්පාසල පැවැත් වු බවයි.
යාච්ඥා මධ්‍යස්තානයට නොගිය බවද එය බොරු ප්‍රකාශක් බවද කීවේය.
දෙපාර්ශවයේ කරුණු වලට සවන් දුන් මහෙස්ත්‍රාත්වරයා අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරගෙන සාමයෙන් සිටින්නැයි දෙපාර්ශවයටම අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙන්න ඕනෑ. (නි)
කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ ආගම් 2ක් . (නි)
අමර, ඔයාට ඕනෑ නම් ළමයි නොහදාත් ඉන්න පුළුවන්. මේ ප්‍රශ්නයට විසදුම ළමයි හැදීම නෙමෙයි. ළමා කාලයේ සිට හික්මීම පුහුණු වීමයි. (නි)
අචිනි, ඔයාට නිකන් කන්න ලැබෙන නිසාද ඔහොම කියන්නේ. කට තිබුනට පල්හෑලි කියන්න එපා. ඔය හාමුදුරුවරු ඔහොම නොහිටින්න මෙරටින් බුද්දාගම තුරන් වෙලා බොහොමකල්. මේ ගොල්ල සාසනය රකින හාමුදුරුවරු. එයාල ළඟ සීලය නැති වෙන්න පුළුවන්. නමුත් අනාගත අපරාධ කරුවන්ට අපේ ආගම ඉතුරුකර දෙන්නේ මේ හාමුදුරුවරු.(නදී)
ඕනෑම කෙනක් ඕනෑම ආගමක් අදහන්න. නමුත් වෙන්නේ අපේ සංස්කෘතිය වෙනස් වෙන එකයි. ඒකට කැමතිද? "අවිහිංසාව හිංසාවෙන් ආරක්ෂා කරන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ" එදා නිය පොත්තෙන් කඩන්න තිබුන දේ නොකළ නිසා අවුරුදු 30 කට පස්සේ පොරොවෙන් කපන්න අපට සිද්ද වුණා. (නි)
අසෝක, ඔබගේ නමට අදහස් ගැලපෙන්නේ නැති බව පේනවා. හාමුදුරුවරු පිටරට යන්නේ බලහත්කාරයෙන් ආගමට හරවන්න නොවෙයි. කිසිම හාමුදුරු කෙනෙක් කෙනෙක් එහෙම කරන්නේ නැතිබව තේරුම් ගන්න (නි)
අචිනිට සෑහෙන කරදර වෙලා පුරුදුයි වගේ. (නි)
මම ශෝන්ට කරපු පැහැදිලි කිරීම මෙහි පල කරලා නැහැ. කෑල්ලයි දාල තියෙන්නේ. මත බේදවලට තුඩු දෙන දෙයක් එතන ලිව්වේ නැහැ. ඔය සමහර අය වගේ.අන්‍යාගමිකයන්ට අදහස් ප්‍රකාශ කරන්නවත් ඉඩ දෙන්නේ නැති හැඩයි. ජය වේවා!(නදී)
යාඥා වලට කඩා පනින්න පෙර තව කොපමණ ප්‍රශ්න තිබෙනවද විසදන්න? (නි)
සුරංග- එක හරි එහෙම කියල මෙහෙමද කරන්නේ මේවා කාගේ පූර්වාදර්ෂද ? මේවා හොඳ දෙවල් නොවේ (දී)
දැන් ඔය ගෙයක් ගෙයක් ගානෙ එක එක පොත් බෙදන්න එන අයවත් අල්ලලා බලෙන් ආගමට හරවන්න ආව කියලා පොලීසියට භාර දෙන්න තියෙන්නෙ. (ස)
මගේ අදහස පලනොකලත් කියන්න ඕනේ, නිකන් කාලා තෙල වැඩි උනහම තියන කරදරය ඕක තමයි (දී)
බලහත්කාරයෙන් ආගම අදහන්න කියන්න එපා. කැමති අයෙකුට කැමති ආගමක් අදහන්න දෙන්න ඕනනේ. (ස)
ඕවට මුකුත් කරන්න එපා හාමුදුරුවනේ.හය හත් දෙනෙක් ලෙඩ හොඳ කර ගන්න ගිහින් මැරුනට ඔය යාඥා මඩු වලින් ලොකු සේවයක් වෙනවලු රටට.සද්ද නොකර ඉන්න.නැත්නම් පන්සලට ගිනි තියයි.ඒවට නඩු නෑ අද රටේ. (ස)
මේක බොරුවක් වෙන්නත් බැරිද හැබෑටම? පුරාණ විහාරාධිපතින් වහන්සේ නමක් බොරුවක් කියයි කියලා හිතන්න බැහැ. (නි)
බෞද්ධයින් අනෙක් ආගම් වලටද ආදර්ශවත් වියයුතුයි (නි)
මාර චන්ඩියෙක්. පාතාලෙන්ද ....... (ස)
අචිනි , ඔයා මනුස්සයකුට තියා සතෙකුටවත් කෑම ටිකක් දෙනකෙනෙක්ද මන්දා, මිනිසුන් දැන හෝ නොදැන කරන ක්‍රියා පරලොව ජීවිතය දී හෝ බලපානවා .(දී)
බොහෝ දෙනෙක් ආගම ප්‍රචාරයයි , ආගමට හරවගනීමයි සමානකරන්න උත්සහකරනවා වගෙයි .යම්කිසි ආගමක් ගැන පැහැදිලා එම ආගම අදහන එක ඕන කෙනෙකුගේ අයිතියක් . එකේ කිසි වරදක් නැහැ . පිටරටවල ලංකාවේ හාමුදුරුවරු කරන්නේ බුද්ධාගම ගැන පිටරැටියන්ට කියාදීමයි . ඒක ආගමට හරවගනීමක් නොවෙයි . නමුත් ලංකාවේ ක්‍රියාත්මක සමහර ආගමික කණ්ඩායම් කරන්නේ ඒක නොවෙයි . ඔවුන් සමහර ගම්වැසියන් හට ආධාර දෙන මුවාවෙන් ගම්වලට පැමිණ , අසරණ ගැමියන් රවට ඔවුන්ගේ ඉඩම් නොවටිනා මිලට ලබාගෙන ඒවායේ ඊනියා ආගමික ස්ථාන ඇතිකර , සමහරුනට ඔවුන්ගේ ආයතනවල රැකියා ලබාදී තමන්ගේ ආගමට බැඳෙන අයවලුන් හට අධික වැටුප් ලබාදී ඔවුන්ට නොයෙකුත් වරප්ප්‍රසාධ ලබාදී , නොයෙක් බොරු දේශනා කරමින් , කදරයට පත්වී ඇති අසරණයින් රවටා ඔවුන් සුවපත් කරන බව අඟවමින් ඔවුන් මුලා කරමින් , තම ආගමට හරවා ගැනීම නම් අනුමත කල නොහැකියි . ලංකාවේ හාමුදුරුවරුන්ට පිටරට ගිහින් ඒවගේ කරන්න මමනම් හිතන්නේ මුදල් නැහැ . එත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඔය වැනි ප්‍රශ්න වලදී මැරවරයන් විදියට හැසිරීම අනුමත කරන්න බැහැ බුදුන් වහන්සේ දේශනා කරලා තියන හැටියට හැම විටම ක්‍රියා කලයුතුයි . සැම ප්‍රශ්නයක්ම මෛත්‍රියෙන් විසඳූ අකාරය ඉතිහාසයේ තියෙනවා . බුද්ධාගමට අතීතයේදීත් ඔයිට වඩා ප්‍රශ්න ආව . නමුත් බුද්ධාගම නැති කරන්න බැරි උණා කවද හරි ස්වභාව ධර්මයෙන්ම සත්‍ය ජය ගන්නවා . හැබැයි සංගයා වහන්සේලා ඔය ආකාරයට හැසිරුනොත් බුද්ධාගමේ පරිහානියට මුල ඒක වෙන්නත් පුළුවනි .(අ)
අහිංසාව හිංසාවෙන් ආරක්ෂා කරන්න පුලුවන්ද අපේ හැමදුරුවනේ?? (ස)
කුමාරි, අපි කොහොමද බලෙන් ආගමට බඳවා ගන්නවා කියන්නේ. එහෙම නම් අපේ හමුරුවරු පිටරට වල ගිහින් ධර්ම ප්‍රචාරය කරන එකත් වැරදියි නේද? තමන්ට කැමති ආගමක් අදහන්න මිනිසෙකුට නිදහස තියෙනවා.අපේ ගෙදරට ඔය එක එක පොත් අරගෙන එන අයට මම බුද්ධාගම ගැන කියලා දෙනවා. සමහර (ස)
පන්සලේ වැඩ නැති හන්දා මහපාරේ ලෙඩ දාගන්නවා.අන්තිමට කරපු දෙයකුත් නෑ.නිකන් ඇපත් ගෙව්වා. (ස)
ලංකාවේ දරුවන් හැදිය හැකි ගණන 2කට සීමා කරන්න. මෙය අනාගත ප්‍රශ්නයකට විසදුමක් වේවි. (නි)
අන්තවාදයට යන ගමන ඉක්මන් වෙමින් යන බවකුයි මේ වගේ දේවල් වලින් පෙනෙන්නේ. මේ අයට නොව මේවට අනුබල දෙන අයටයි දඬුවම් කළ යුත්තේ. (නි)
ෂෝන්,යාඥාවෙන් ලෙඩ සුව කළ නොහැක.යාඥාව තුලින් ලැබෙන්නේ අධ්‍යාත්මික සුවයක් පමණි.හරියට බෝධි පූජා වගේ (නි)
මේ යාඥා මඩු නම් මහා වදයක්. මිනිස්සු අමු අමුවේ මරණවා මේ පාදිලා. මැරුණාම දෙවියන්ගේ කැමත්ත කියලා පැත්තකට වෙනවා. මේකද කිතුණු හරය??? සාක්ෂි ඇතුව කියන්නෙ!!! (ස)
චරක භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය...අපේ හාමුදුරුවනේ, ඔය ක්‍රමය වැරදි බව මගේ හැගීමයි (නි)
එතකොට දහම් පාසැල පවත්වපු කතාවත් ඇත්තනේ? (නි)