අපරාධකරුවන් අත්අඩංගුවට නොගෙන අසරණ සිඟන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ මන්දැයි මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂන්ත ගොඩකවෙල මහතා අද (6) බොරැල්ල පොලිසියෙන් ප්‍රශ්න කළේය.
ප්‍රසිද්ධ ස්ථානවල සිගමන් යෙදීමෙන් දිනකට රුපියල් 15000ක් පමණ උපයන බව කියන කඩවත, ඇල්දෙණියේ පදිංචි ගණේපුර දේවගේ ප්‍රේමලාල් උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත් එලෙස ප්‍රශ්න කර යාචකයා අවවාද කර මුදා හළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අය ගුටි කන්නේ ඔන්න ඔහොම වැඩ වලට.(නදී)
වරෙන්තු කාරයන්ගේ කරට අත දා ගෙන කයිය ගහ ගහ යාචකයෝ උසාවි ගේනවා. අයියෝ ලංකාවේ පොලිසිය රෙදි ඇදන්ද දන්නේ නැහැ මේ වගේ වැඩ කරන්නේ.(නදී)
නිකන් සවුත්තු වුණා නේද? හූ හූ... (නි)
අතිරේක මහේස්ත්‍රාත් මහතා හොඳ තීන්දුවක් දීලා තියෙන්නේ. මේ යන ක්‍රමයට ඉදිරියේදී ලංකාවේ හිඟන්නන් වැඩිවෙනවා. පොහොසත් අතලොස්සක් සියලු වරප්‍රසාද විඳිනවා (නි)
අපරාධකාරයෝ අල්ලලා කොහොමද ස්වාමිනි අපි ගෙවල් හදන්නේ. සැප වාහන ගන්නේ. අපේ දරුවෝ මෙරට හෝ පිටරට ලොකු ස්කොලවලට දාන්නේ. කොටින්ම දෙයියනේ කියලා සැපට කන්නේ බොන්නේ.(නදී)
එක්කෝ පොඩි ළමයි උසාවි දායි, නැත්නම් හිගන්නෝ දායි.. අපරාධ කරන අය පාඩුවේ ඉන්නවා (නි)
හැබැයි මිනීමරුවන් දැක්කම සැලියුට් ගහනවා. (නි)
මොකෝ මේ පොලිසියට හැමෝම බනින්නේ? මෙයාලට දෙන වැටුප මදි නිසා වෙන්න ඇති මෙවැනි දේවල් කරන්නේ. අනේ පව් මේ ගැනත් ටිකක් හොයලා බලන්න තියෙන්නේ. (නි)
අරක්කු පෙරන ගෙවල් වලට ගිහින් සල්ලි අරන් එන අය නිට්ටඹුවේ ගොඩක් ඉන්නවා.(නදී)
ලොව දක්‍ෂතම පොලිසිය ඉන්නේ ලංකාවේ. නමුත් අත්අඩංගුවට ගන්නේ යාචකයන්ව. (නි)
ආසියාවේ ආශ්චර්‍යය වෙත ලඟා වීමට දුප්පතුන් නැති ලෝකයක් තැනීමට පොලිසිය හිඟන්නන් වඳ කිරීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇතිවාවද්ද? (නි)
දිනකට 15,000 ක් කියන්නේ මාසෙකට 4,50,000 ක් අදායමක් ලැබෙන බදු නොගෙවන හිගන්නෙක්. (නි)
නිවේදකයන්, යකඩ හොරුන්ට වඩා අසරණ සිඟන්නන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන එක කොච්චර පහසුද?(නදී)
පොලිසියේ බහුතරයක් ඉන්නේ හිගන්නෝ තමා. හොඳ අයද සිටී බොරැල්ලේ අපරාද, කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, නීතිවිරෝධී වැඩකරන අය කොපමණ ඉන්නවද ඒ අයව හුරුතල් කරකර අහිංසකයන්ව අල්ලනවා.(නදී)
පොලිස්සියේ බහුතරයක් ඉන්නේ මෙහෙම අය තමා. හොඳ අයද සිටී. බොරැල්ලේ අපරාධ, කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, නීතිවිරෝධී වැඩකරන අය කොපමණ ඉන්නවද? ඒ අයව හුරුතල් කරකර අහිංසකයන්ව අල්ලනවා. (නි)
පොලිස්කාරයෝ ඔහොම්ම තමයි.(නදී)
අපරාධකාරයන් ඇල්ලුවහම උන්ගෙන් ගුටිකෑමට සහ ඔවුන්ට හිතවත් දේශපාලක්‍කයන්ගේ උදහසට ලක්වේ. යාචකයෙක් අල්ල ගතහම මේ ප්‍රශ්න නැත.(නදී)
මෙයාල හිගන පළාතේ වෙන්න ඇති අරයලත් හිගාකන්නේ .(නදී)
බලාගෙන ගියාම පොලිස්කාර කමත් මහා හිඟන ජොබ් එකක්.(නදී)
නඩුකාර තුමාගෙ වචන සෙට් එකට ස්තූති කරලා වෙනම තෑග්ගක් යවන්න හිතෙනවා. මෝඩ පොලිස් කාරයො.(නදී)
ස්වාමීනී අපරාධකරුවන් අත් අඩංගුවට යාමේදී ගුටිකෑමට හා දේශපාලන බලයට යටවීමට සිදුවේ.(නදී)
කියල වැඩක් නැහැ නඩුකාරතුමනි. කොන්ද කෙලින් තියාගෙන නීතියට අනුව අභීත තීන්දු දෙන නඩුකාරතුමන්ලා අපේ පැත්තෙත් හිටියා නම්.... ඔබතුමන්ට අපේ උත්තමාචාරය ! (නි)
යාචකයන් බිහි වෙන්නේ රටේ පවතින තත්වය අනුවයි. අප අද පිට රටවල රැකියා නොකරන්න ,හිගා කාලා තමයි ජිවත් වෙන්න වෙන්නේ. (ස)
නීතිය සහ මනුස්සකම අතර පටලැවිල්ලක්.(නදී)
අනේ පොලෝසිය , රටවල් ගානේ ගිහින් අපේ රට පරම්පරා ගානක් ණයකාරයෝ කරන, රටේ අබිමානය බල්ලට දාලා හිඟා කන අපේ උගත් බුද්දිමත් හිඟන්නෝ ටිකත් මේවගේ අල්ලන් ඇවිත් උසාවි දාන්නකෝ. මෙන්න කරනවනම් වැඩ.(නදී)
බොරැල්ල පොලිසිය කරලා තියෙන වැඩේ හරි. යාචක මුවාවෙන් , ගංජා,මත කුඩු අදින යාචකයින් ගැන පසුගිය කාලයේ වාර්තා උනා. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම ,බුලත් කෙල ගැසීම තහනම් වගේම ප්‍රසිද්ධ ස්ථාන වල හිඟමන් ඉල්ලීමද වහාම තහනම් නොකළහොත් මහජනතාවට වගේම සංචාරකයින්ට ද බලවත් හිරිහැරයකි. බස්වල හිඟමන් තහනම් කලවිට දැන් කුඩ්ඩෝ ළමාපොත් විකුණති.(නදී)
මටත් දවසක් හිගාකාල බලන්න හිතෙනවා.(ස)
පොලිසිය ලංකාවේ අපේ පොලිසිය//(නදී)
මේ අයට පෙනෙන්නේ මෙහෙම අහිංසකයන් විතරයි (නි)