
(සුරංග රාජනායක)
පවතින අධික වර්ෂාව සමග මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් දුම්රිය මාර්ගයෙ පේරාදෙණිය කළුපාලම (යකා පාලම) සකස් කිරීමට රැගෙන විත් ඇති යන්ත්ර සූත්ර ජලයෙන් යට වෙමින් තිබේ.
දිට්වා සුළි කුනාටුව සමග විනාශ වූ දුම්රිය මාර්ගය සකස් කිරීමේදී අසීරුම කටයුත්ත වී ඇත්තේ මෙම පේරාදෙණිය යකා පාලම හෙවත් කළු පාලම පිළිසර කිරීමය .
මාස හතක් තිස්සේ රජය විසින් උත්සාහ කරනුයේ මෙම පාලමේ මහවැලි ගඟ තුළ ඉදිකර ඇල වී තිබෙන කුළුණ යළි යථාවත් කිරීමය.
දිට්වා සුළි කුණාටුවේදී ඇති වූ ගංවතුර තත්ත්වය සමග පේරාදෙනිය යකා පාලමේ එක් කුලුණක් ඇලවී තිබුණේ අධික ජල පහර නිසාය.
එය පිළිසකර කිරීම සඳහා විශාල යන්ත්ර සූත්ර ගෙනවින් උත්සාහ දරමින් සිටියදී දින කීපයක සිට ඇද හැලෙමින් පවතින මෙම වර්ෂාව සමඟ යළි මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් එම යන්ත්ර සූත්ර යටි වී ඇති අතර සමහර ඒවා ජල පහරට හසුව පහලට ඇදී ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd