බළන්ගොඩ ඛෙලිහුල්ඔය කිංචිගුණේ පිහිටි සමනල වැව ආශ්‍රිතව යපස් යකඩ බවට පත්කිරීමේ පර්යේෂණ කටයුත්තක නිරතවීමට එංගලන්ත මහාචාර්ය වරියකවන ජිල් ජුලීෆ් මහත්මිය පැමිණ සිටින්නීය.
16 වැනිදා පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද යපස් උණුකිරීමේ උඳුන් දෙකකට ගිනිදැල්වීය. මෙම උඳුන් වසර 1800 ක්පමණ ඉපැරණි බව කියන උඳුන් 03 ක් සමනලවැව තැනීමට පෙර කළ ගවේෂණයෙන් හමුවීය.
එම උඳුන් දෙකක් අලුත්වැඩියා කොට නව පර්යේෂණ 17 වැනිදා එම සැකසී තිබුණයකඩ උඳුනෙන් එළියට ගත් අතර එය ඉතා සාර්ථක බව මහාචාර්යවරිය පැවසුවාය.
අතීතයේ සුළං උපයෝගී කරගෙන මෙම යකඩ කර්මාන්තය සිදු කර ඇති අතර මෙම සම්ප්‍රදායික ක්‍රමය අනුව වසරකට යකඩ ටොන් 4000 ක් පමණ නිපදවන්නට ඇති බව ඒ පිලිබඳ තතු දත්තෝ පවසති. මෙම ස්ථානයේ තිබ් යකඩ නිෂ්පාදනයට යොදාගත් උඳුන් තුනක් හා යබොර හා වළංකටු සොයාගෙන ඇත.
කුඹල්ගම, මුත්තෙට්ටුවේගම, ඉඹුල්පේ, හතරබාගේ අලූත්නුවර පීලිපන මැදහින්න ඛෙල්ලන්කඳුර කලුවැල්පේ නැඳුන්ගමුව පඹහින්න මහතැන්න ප්‍රදේශවල ද මෙම කර්මාන්තයේ යෙදුන බවට පර්යේෂණයෙන් අනාවරණය වී ඇත මහාචාර්ය ජිල් ජුලීෆ් මහත්මිය 1993 වසරේද සමනල වැව ආශ්‍රිතව දිගුකාලයක් පර්යේයේෂණ කාර්යේ නිරතවුවාය මහාචාර්යවරිය පැවසූවේ දීර්ඝකාලීනව බොහෝ මහක්සිවී ක්ෂේත්‍ර අධ්‍යනයකින් පසුව මෙම අනාවරණයන් කර ගැනිමට හැකිවූ බවයි. කොළඹ නැව්තටාකාාංගන සමාගම හා එස් ආර් ස්ටීල් සමාගමඑක්ව පර්යේෂණ කාර්යට ලක්ෂ10 ක පමණ මුල්‍ය අනුග්‍රහයක් දැක්වු බව කොළඹ නැව්තටාතාංගන සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ මංගල පී.බී.යාපා මහතා කීවේය.
වසර ගනනක සිට සම්ප්‍රදායිකව පැවතුන අපේ දෙයක් දේශිය දෙයක් බටහිරට නැඹරු නොවී අනාගතයට අවශ්‍ය පරිදි අතීත තාක්ෂණය හැදෑරීමෙන් වැරදුණු තැන් නිවැරදි කරගෙන අනාගතයට උරුම කිරිම කාලීන වගකිමක් හා යුතුකමක් සේ සලකා මෙම කටයුත්තට දායකවන බව කීවේය.එස් ආර් ස්ටීල් සමාගමේ වානිජ කළමණාකාර රෝහණ විදානගමගේ පැවසුවේ ජාතික උරුමයන් පණගැන්වීම උදෙසා හා ඉදිරි අනාගතයට දැකිය හැකිවන සේ සංරක්ෂණය කිරීම ට දායකවීමට ලැබීම සතුටක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ඉතින් ඕවාගෙන් මොනවද අපි කරලා තියෙන්නේ? බටහිරයෝ නැත්තම් අපිතාම ගෝත්‍රිකයෝ නෙමෙයිද....? (නි)
වර්ෂ 2010 ඉදන් තවම තෙල් ලිං කනිනවා. ඊටත් පස්සේ කිව්වා ගැස් හමුබවුණා කියලා. යකඩ හොරුත් ඉන්න එකේ මේකෙන් නම් වැඩක් වේවි (නි).
අපේ පම්පෝරිය විතරයි.(නදී)
මේක පේන්නම තියන සමිපක් .මෙකෙන් ප්‍රයොජනයක් ගන්න හිතන්නයි ඔන පිටරටකට විකිනීම නොවෙයි. ..තෙල්නිදිය හෙව්වට සොයාගන්න බෑනෙ ඒහන්ද වියදමි උනු සල්ලි වතුරේ....? (අ)
හෙට අනිද්දා දේශපාලුවන් දේශපාලුවන්ගේ පුත්තු, දුරු නෑදෑයෝ මේ ඉඩම්වලට අයිති වාසිකම් කියන්ඩ ඒවි.(නදී)
සුනාමිය වෙලාවේදී අපිට සුද්දෝ තමයි වැඩි පුර ආධාර දුන්නේ. උදාහරණයකට රුපියල් 145 ට තිබුන යුරෝ එක රුපියල් 122 දක්වා පහත වැටුනා. එමගින් පෙනෙනවා කොපමණ විදේශ විනිමයක් අපට ලැබුනද කියා ලැබුන ආධාර අපේ දෙසපලකයෝ හොරා කෑවා. රටින් ලැබුන ඩොලර් කොටි 10000 විතර ආධාර ( නය නොවෙයි) මේවට උන්නේ මොකද ? අපේ ඉන්න මිනිස්සු පිටරටින් ඉදිකට්ටේ සිට ගුවන් යානය දක්වා එනකන් බලන් ඉන්න කොට සුද්දෝ ඇවිත් අපේ අවරුදු 1500 විතර පරණ තාක්ෂනය ඝක්‍රිය කර යකඩ උණු කරන ක්‍රමය අපට නැවත උගන්වන එක වැරදිද ? අපේ පුරා විද්‍යාඥයින් සහ ඉංජිනේරුවෝ නිදිද?(නදී)
ක්‍රිස්,දිලිප්,ඔබලාගේ අදහස් මම අගය කරමි. (නි)
බටහිරට නැඹුරු නොවී කිව්වේ , අර මහාචාර්යවරියත් ශ්‍රී ලංකාවේද? (නි)
මේක නම් හොද සොයා ගැනීමක්. අපිට ලංකාවේ ජොබ් කට්ටක් හොයා ගන්න පුළුවන් වෙයි වගේ.(නදී)
මේක පර්යේෂණයක්. අතීතයේ මිනිසුන් යකඩ හදපු හැටි බැලීමක්. ඇයි මේකට මේ සියලු දෙනා කෑ කෝ ගහන්නේ. (නි)
යපස් උණු කරන තාක්ෂණය සම්පුර්ණයෙන් අපේ රටින් අතුරුදහන් වෙලා තියෙන්නේ. මේ කාලයේ දවසින් දවස නැති වී යන කම්මල් තාක්ෂණය රැකගන්න මොකක්ද අපිට තියෙන සැලැස්ම ? තව අවුරුදු 100 ගියහම සුද්දෝ ඇවිත් කියයි ඒ කාලේ ලංකාවේ පිහිය කැත්ත පොරව හදලත් තියෙනවා කියලා. අපේ විශ්ව විද්‍යාල මේවා කරන්නේ නැති නිසා ජනමාධ්‍යකරුවනි, ඔබවත් මෙම කම්මල් තාක්ෂණය වීඩියෝ කරලා මතු පරපුරට ලබාගත හැකි ලෙස සුරකිනු මැනවි (නි)
මේක අලුත් කතාවක් නොවේ. මීට කලින් කිහිප වතාවක් මෙතුමිය මේ පරීක්ෂනය කළා. තව විදේශිකයින්ද ආවා. මේ ගැන අපට මහා ආඩම්බරයකින් කතා කරන්න යළිත් පුලුවන්න්ද? මෙතුමිය වසර කීපයකට වරක් පැමිණ නිබන්දන්යක් කරනවා. එයා පට්ටම් ගන්නවා අපි තළු මරනවා එකම කතාව මතක් කරමින්.(දී)
මේක අලුත් දෙයක් නොවෙයිනේ. කුබල්ගමින් යකඩ මුළු ලෝකයටම ලබා දුන්නා කියලා මිට වසර කීපයකට කලින් ලංකාදීපයම කිවුවනේ. ඒ පරික්ෂණය කළේ ලාංකිකයෙක්. (නි)
දිලිප්, අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය අපේ මිනිස්සු හැදුවේ, ඔය කියන බටහිර ජාතින් කැලේ ඉන්න කාලේ. සුද්දෝ ඇවිත් තමයි ඒ සේරම නැතිකලේ. අපේ ඉතිහාසය නොදැන අදහස් දාලා, ඒ මිනිස්සුන්ට අගෞරව කරන්න එපා. අනික මේ හොයා ගන්නේ සුද්දෝ කරපු දේවල්ද? නැහැ. අපේ මුතුන් මිත්තෝ ගාව තිබුන තාක්ෂණය. ටිකක් සිගිරිය ගැන අධ්‍යයනය කරලා බලන්න (නි)
මේවා විජාතික බලවේග.(නදී)
ද සිල්වා බෙර්ලින්,සුනාමිය වෙලාවේදී අපිට සුද්දෝ තමයි වැඩිපුර ආධාර දුන්නේ. උදාහරණයකට රුපියල් 145 ට තිබුන යුරෝ එක රුපියල් 122 දක්වා පහත වැටුනා. එමගින් පෙනෙනවා කොපමණ විදේශ විනිමයක් අපට ලැබුනද කියා. ලැබුන ආධාර අපේ දේශපාලකයෝ හොරා කෑවා. රටින් ලැබුන ඩොලර් කොටි 10000 විතර ආධාර ( ණය නොවෙයි) මේවට වුනේ මොකක්ද ?දම්මික පෙරේරා වගේ මෝඩයෝ ඉන්න රටක මොළ හෝදපු මිනිසුන්ට ඕවා කියලා වැඩක් නැහැ.සුනාමියෙන් සමහරු හත්මුතු පරම්පරාවකටම ඇති වෙන්න මුදල් ගසා කෑවා. හැබැයි අතේ පිරිත් නුල් නම් සියයක් විතර බැදගෙනයි සමාජයේ ජීවත් වෙන්නේ. (නි)
ලංකාවෙන් එලියට ඇවිත් ලංකාව දිහා බලන්න ... එතකොට මේකේ කොමෙන්ට් දාන ලින් ගෙම්බන්ට පුළුවන් ලංකාවේ මොන තරම් දුෂණ වංචා වෙනවද කියල බලාගන්න . ලංකාවේ තරම් අසික්කිත වැඩ කරන එවුන් ලංකාවේ ඇරුනම ඉන්නේ පෙරේත ලෝකේ විතරයි (අ)
අපේ රටේ මහාචාර්යවරු ඉන්නවා. ව්‍යාපෘති වලට වාර්තා හදන්න කෝටි ගණන් මුදල් රජයෙන් දෙනවා. උන් ඒවා යටි මඩි ගහගෙන විශ්ව විද්‍යාල සිෂ්‍යයන්ට කියලා වාර්තා හදාගෙන නානවා. පල් හොරු.(නදී)
සංජීව ඔබ හරි, ජතික ගිය ලියපු ආනන්ද සමරකෝන් තුමාට නිදි පෙති බිල සමුගත්තේ අයි? අනගාරික ධර්මපාල තුමා අවසානේ රට හැරගියේ අයි? (අ)
මුස්ලිම් මිනිස්සු එහෙම ගාව ගන්න එපා.(නදී)
සුද්දෙක් ආවොත් කියනවා ඔන්න අධිරාජ්‍යවාදියෝ රට අල්ලන්න ඇවිල්ලලු. සුද්දෙක් වටිනා ආයෝජනයක් කළොත් කියනවා අපෝ බහු ජාතික ව්‍යාපාර එලවන්න වහාම කියලා. කොහොම හරි උද්ගෝෂණ කරලා කරන්න හදපු ව්‍යපෘති අඩපන කරලා අපේ රට පස්සට ගෙනියනවා. සුද්දෝ රටවල ඇල්ලුවේ ඉස්සර. දැන් එහෙම බැහැ. හෙට අනිද්දා අපිට දකින්න පුළුවන් වේවි මෙතනත් සටන් පාට උද්ගෝෂණ නේද? (නි)
විපුල, බටහිර ජාතින් කැලේ හිටියෙ කොයි කාලෙද? සීගිරිය හැදුවෙ කොයි කාලෙද? කියන්න බලන්න අපිටත් දැනගන්න. (නි)
රීටා, ඔයා මගේ ඇගේ මාළු නටවා ගන්නද හදන්නේ? (නි)
සුද්දෝ එන්නේ අප රටේ දේවල් හූරගෙන කන්න නම් ඇයි එන්න දෙන්නේ?මෙහෙමත් ලිං මැඩියෝ සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු.සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි.(අ)
කමල්ට මල් මිටක්. (අ)
ඇත්තටම මහාචාර්ය ජිල් මහත්මිය සබරගමුවේ උරුමය සොයා යන ගමනේ දී වැදගත් පුද්ගලයෙක්. අපේ හෙළයන්ගේ තාක්ෂණය නැවත සොයා ගැනීමට ඇයගේ පර්යේෂණය අතිශය වැදගත් වුනා. එතරම් යපස් මාතෘභූමිය තුල පැවතියේ නම් අද වන විට ඒවා යම් ප්‍රමාණයකින් හෝ පැවතිය යුතුයි. ඒ සොයා ගැනීමට අපේ තාක්ෂණය යොදාගෙන වැඩිදියුණු කළ හැකි යි. නමුත් අපේ දේශපාලනය ඊට කැමති වන්නේ ද? යන්න ගැටළුවකි. එසේ සොයා ගත්තත් අපේ සමහර ඉංජිනේරුවන්ට හා නිලධාරීන්ට ලංකාවේ යපස් වැදගත් නොවීමට ද ඉඩ තිබේ. කෙසේ වෙතත් මහාචාර්යවරිය නැවත බෙලිහුල්ඔයට පැමිණිම අපිට වැදගත්. ඒ පිළිබඳ ව ඇයට ස්තූතිවන්ත විය යුතුයි. (දී)
අපි නැගිටින්නේ සුද්දා ඇවිත් කීද්දුවට පස්සෙද ? අපේ කොතල හිඹුටු වලට පේටන්ට් අයිතිය වෙන අය ගන්නකන් අපි මොනවද කලේ? මුදලට, වරප්‍රසාදවලට යට නොවී රට පාවා නොදෙන දුරදර්ශි නියමුවන් සිටියේ නම් මෙවැන්නක් සිදු නොවිය හැකිව තිබුනා.(නදී)
මේකට තමයි අපේ ආදි මුතුන් මිත්තෝ කිව්වේ පස් මිරිකලා යකඩ ගත්තා කියලා. දෑන් අපේ මිනිස්සුන්ට මේවා මෑජික් වුනාට අපේ සිංහල මුතුන් මිත්තන්ට නම් මේක මහ ලොකු කජ්ජක් වුනේ නැහැ මම හිතන්නේ. රජ කාලේ ඉදන් යකඩ භාවිතා කලා කියලා සාක්ශි තියෙනවා. ඒ කාලේ හිටපු අපේ ශ්‍රේෂ්ටයන් පිටරටට දත නියවන් හිටියේ නැහැ අද මිනිස්සු ඉන්නවා වගේ. එහෙම හිටියා නම් මේ සිංහල රටේ ශ්‍රේෂ්ට ඉතිහාසයක් තියෙන්නෙත් නැහැ. මේක මෑජික් එකක් නෙමේ, මේ අපේ මුතුන් මිත්තෝ මීට අවුරුදු දහස් ගානකට කලින් මේ රටේ පාවිච්චි කල අපේ තාක්ෂණය. (දී)
ඔතනත් පල්ලියක් හදන්න කලින් ඕක හොයාගත්ත එක ලොකු දෙයක්.නැත්තන් ඉතිහාසයක වටිනාකමක් නොදන්නා මොලයක් නැති අන්තාවාදියෝ ඕවා විනාශ කරන්න පුළුවන්. (දී)
හම්බයෝ ඔය උඩින් විනාස කරලා මස් පල්ලි දන්නා පුළුවන්. (අ)
අපේ හෙළ උරුමය රැක ගන්න (දී)
බොල ස්ටීල් කාරයෝ මුල්‍ය අනුග්‍රහය දක්වල තියෙන්නේ හොඳකට නම් නෙවෙයි. හෙට අනිද්ද ඕක පිටරටකට විකුණයි. අපේ මිනිස්සු එකට පෙළපාලියි. ඔන්න සිරි ලංකාදීපේ ඔච්චරයි වෙන්නේ මන් කිව්වා.(අ)
කෙවින් මහත්තයෝ, ඔයාට ඉතිහාසය කියාදෙන්න මට වෙලාවක් නැහැ. පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න, මොන කාලේද ඇමරිකාව හොයාගත්තේ, එංගලන්තේ සිවිලයිස් වුනේ කියලා. (දී)
අපේ රටේ ඉන්නේ නියම අධිරාජ්‍ය විරෝධීන් , විදේශිකයෝ හදපු වාහනවල නැගල ගිහින් , විදේශිකයෝ හදපු හෑන් ෆෝන් කනේ ගහගෙන , විදේශිකයෝ හදපු මික්රෝෆෝන් වලින්ම විදේශිකයන්ට බනින අපේ සමහර මන්ත්‍රීවරු පිටරට ගියාම ඉන්නේ විදේශිකයන්ගේ කරේ ඇත දමාගෙන , අපේ කර්මාන්ත දියුණු කරන්න අපේ දෙසපලකයන් උනන්දු වෙන්නේ නැහැ , මොකද කොමිස් නැති වෙනවනේ (අ)
හොඳ සොයා ගෙනීමක් අනාගතයේ එක වටිනා සම්පතක් වේවි (අ)
අපේ අතීත උරුම හා ශිෂ්ටාචාරයට නිගා වෙන කොමෙන්ට් දමන විදේශිකයෝ ටික කෝ? (අ)
මෝසම් සුළං මගින් බල ගැන්වෙන මේ සුවිශේෂී උදුන ගැන ජාතික වශයෙන් සිදුවූ පර්යේෂණයක් ගැන අසන්නට නොමැත. මීට වසර ගණනකට ඉහතදිත් විදේශිකයින් සහ ලාංකිකයින් මුල්වී මෙවන් පර්යේෂණයක් බළංගොඩ ආශ්‍රිතව සිදුකළා. නමුත් මේවායේ ඇත්තේ පුරාණ තාක්ෂණයන් අනාවරණය කර ගැනීමේ වටිනාකම පමණයි. ලෝහ කර්මාන්තය අද වන විට මෙයින් බොහෝ ඉදිරියට ගිහින්. පැරණි දේවල් නිසා නව දේවල් වල අගය අඩු වන්නේ නැහැ. එහිදී නව තාක්ෂණයට වඩාත් පරිසර හිතකාමි වර්ධනයන් කරා යාමට රුකුලක් මේවායින් ලැබෙන්නට පුළුවන්.කටින් කියන ශ්‍රේෂඨකමට වඩා මේවායින් හෙළිවන ධරණීයතාවයන් අනාගතයට වඩාත් වටිනා වනු ඇත. එයට සිංහල ජාතියේ ලේබලය ගසා වන්දනා කරනවාට වඩා අනාගත පරපුර වෙනුවෙන් ඉතා වැදගත්ය. කොහොමත් අපේ උරුමය සොයාදුන්නේ ද සොයාදෙන්නේ ද එය නැතිකළායැයි කියන අයම බව ආර්. ඇල්. බ්‍රෝහියර්, දොස්තර ස්පිට්ල්, සෙලිග්මාන්, එච්. සී. පී. බෙල් වැන්නන් අනුව සිහිකළ යුතුයි. ඉදින්......? (නි)
ඇත්තටම බැලුවහම අර මහාචාර්ය නලින් ද සිල්වා කියන පරිදි අපි යන්න ඕන බටහිර දැනුම සොයාගෙන නොව අපේ ආදී මුතුන් මිත්තන් සතු වූ එම අනර්ග දැනුම් සම්බාරය සොයාගෙන බව මෙමගින් පැහැදිලි වේ.(නදී)
කමල් ඒ වුනත් අපේ මිනිස්සු කියන්නේ නලීන් ද සිල්වා මහත්තයට පිස්සු කියලනේ. නලින්ද සිල්වා මහාචාර්‍ය පට්ටම යොදනවට අකමැතියි. කියන දේවල් සිහි බුද්දියෙන් අහලා තේරුම් නොගෙන එහෙම කියන එක ලෙහෙසියිනේ. 2/50 ආචාර්‍යවරුත් ඉන්නවනේ.(නදී)
කාට කාටත් හොදා මහාචාර්ය නලින් ද සිල්වා ලියන අපේ ප්‍රවාද ලිපි පෙළ කියෙව්වා නම්. නිකන් අරයා මෙයා කියන නිසා එයා පිස්සෙක් කියන්නේ නැතුව. අපේ හෙළ කම මොකක්ද. අපේ ආදී හෙළයන් අධ්‍යාත්මිකව මේ මහා දැනුම් ගොඩ නැගුව මග සොයා යා යුතු බව එතුමා තර්කානුකුලව පැහැදිලි කරන අපුරු ලිපි පෙළ කියවලම බලන්න. දැන් මේකටත් මොකක් හරි සුරංඟනා කතාවක් බටහිර තාලෙට ගොතලා අපිට කියාවි මෙන්න මෙහෙම තමා අපේ ආදී මුතුන් මිත්තෝ යපස් වලින් යකඩ හැදුවේ කියලා. තව අපිට කියාවි ඒවා අපේ පාසල් වල සහ සරසවි වල උගන්වන්න අපි කියපු විදියටම අකුරක්වත් වෙනස් කරන්නේ නැතුව.(නදී)
දිරිය කතක්
කෝ මේ ලංකාවටම ගරහන අයියලා ටික? (නි)
"බලංගොඩ අපි" කාටද ආඩම්බර ? (නදී)
නියමයි (නි)
සුද්දා කියන්නේ සුද්දෙ දෙන නිසා. ඔය ඇවිල්ලා තියෙන්නෙත් අපිට තියෙන ආදරේට නෙමෙයි. අපේ වටිනා දේවල්වලින් උන්ට වැඩක් ගන්නයි. සාරෙ උරලා හුප්පේ අපිට දාල යයි. අනේ ඉතින් අපේ නැතිකමට, බැරිකමට ඒකත් ලොකු දෙයක්. දැක්කේ නැද්ද කොච්චර ඔස්තාද්ලා මතුවුනාද කියලා සුනාමියෙන් පස්සේ සුනාමිය ගැන කියන්න. ඒ වගේ මේ වැඩේදිත් ආචාර්යවරු, ඇයි මහාචාර්යවරුත් බිහිවෙන්න බැරි නැහැ.(නදී)
මේ යකඩ ටොන් ගානක් උණු කරන්න අද කාලේ නම් ඩීසල් ටොන් ගණනක් ඕනෑ වේවි.ඉතින් මේ වගේ සොබාදහම සමග එක්ව සහයෝගයෙන් මේ දේවල් සොයාගන්න සිත දියුණු කළ අධ්‍යාත්මික දියුණු ( බුදුදහමින් පෝෂණය වුනු ) සමාජයක් පැවතුන බව නම් පිළිගැනීමට සිදුවෙනවා.එම කාර්යේදී මග ඵලලාබී යෝගින්ගෙන් සහ භික්ෂුන්ගෙන් දෙවියන්ගෙන් සහ නොපෙනෙන බලවේග වලින් දැනුම සහ වැඩි කරගන්නට ඇති. (දී)
අවුරුදු 2300 කට පැරණි "දමස්කස් කඩුව" හදන්න පදම්කල ලෝහ යවල තියෙන්නේ ලංකාවෙන්. එදා මුළු අරාබි කරයටත් අසියාවටත් හොඳම ලෝහ නිපදුවේ ලංකාවෙන්
සුදු නෝනා වැඩේ ගොඩ දාල දුන්නට පස්සේ අපේ ලොකු මහත්තුරු ටික අත යට ගානක් තියාගෙන ඕක කොහේ හරි රටකට විකුණලා දාවි. අර පොස්පේට් නිදිය වගේ. මතකනේ බුත්තලින් මතු උන මැණික් ඉඩම් වලට උන වැඩේ.(නදී)
මෙම කටයුත්ත අගේ කරමි. නමුත් රටට අපේ දේ අපේ කෙනෙක් කළොත් අගේ නැහැනේ. (නි)
එහෙනම් ඇයි සුද්දන්ට බාරදීලා තියෙන්නේ මේ වැඩෙත්? (නි)
සමන් අරුණ ඔයගොල්ලන් අර කොටසෙන් කට්ටියක් කියල දන්නවා බය වුනොත් ඇති. ලංකාව දියුනු වෙනවට කොහොමත් අකමැතිනේ. කොහොමත් කැළේ ඉන්න කූඩැල්ලා යන්නේ කැළේටමයි.(නදී)
සුද්දියෙක් ආපු නිසා ලක්ෂ 10 ක් ලැබුනා. නැත්නම් මෙහෙම වැඩකට පෞද්ගලික ආයතන වලින් ආධාර ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ. හැබැයි ලක්ෂ 25-50 හේ තොරණ හදන්න වගේම කෝටි ගණන් වියදම් කර පන්සල්, අසපු,පිළිම හදන්නත් ඕනෑතරම් ආධාර ලැබෙනවා. ලෝකයේ ලෝහ කර්මාන්තය ආශ්‍රිත තාක්ෂණය අපට වඩා බොහෝ දියුණුයි. නමුත් මෙවැනි විද්‍යාත්මක පර්යේෂණ ඉතා අගයකළ යුතුයි. (නි)
මෙව්වට පස්සෙන් හිනා මුන් එන්නේ උන්ගේ වාසියට මුන් තමා ලෝකෙන් කපටිම අය. මුන් එන්නේ රට හූරන් කන්න බලාගෙන මුන්ට අහුවෙන්න එපා.(නදී)
වැළලී යන අපේ උරුමයන් නගා සිටුවීමට දායක වන සැමට ජාතියේ ප්‍රණාමය! (නි)
නලින් ද සිල්වා කියන්නේ අයින්ස්ටයිටත් අබියෝග කරන කෙනෙක්. නිවුටනුත් කිවේ බොරු කියලයි එයා කියන්නේ. අම්මප පුදුම මනුස්සයෙක්.(නදී)
මේ එක නෙමෙයි අර ගෑස්, තෙල් නිධියට මොකද වුනේ?? සම්පත්, එහෙම අදහස් දාන අය හිටියද මේකේ ? හැබැයි මොනවා කරන්නත් විදෙස් වලින් නවීන තාක්ෂණ සහය යොදාගත්තේ නැත්නම් මොනම දෙයක්වත් කරන්න බැරි වෙයි. බොරුද?? (නි)
මේවා සිදුවිය යුතුයි. සුද්දට නොදී තියාගත්තා කියල මොකද අපි යකඩ කන්නද ? අපිට තාක්ෂනය හොයාගන්න බැරිවුණා නිසා සුද්දෝ ඇවිත් එක කලේ ? මොකද අපි ඕව පොදිගහගෙන ඉදල ලෝකෙම යකඩ ඉවර වුනාම තනියම උනුකරගන්නද කල්පනාව ? කොයි දේටත් හරස් වෙන්නෙපා. විරුද්ද වෙලා විතරක් වැඩක් නැහැ, ඒවාට විකල්පත් විරුද්ධත්වය එක්කම ඉදිරිපත් කරන්න ඕනේ. නැති නම් ඒවා පුහු වචන විතරයි.(නදී)