රුපියල් දෙකෝටි විසි පන් ලක්ෂයක යකඩ ගනුදෙනුවක දී රුපියල් ලක්ෂ 96ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකුට එරෙහිව ආරම්භ කළ විමර්ශන අතර මග නැවතී ඇතැයි පොලිස් හා දේශපාලන ආරංචි කියයි.
හලාවත පදිංචි ව්‍යාපාරිකයකු විසින් 2012 වසරේ අගෝස්තු 22 වැනි දා සීඅයිබී 2 147/61 අංකයෙන් පොලිස් මූලස්ථානයට එම පැමිණිල්ල කර ඇත. ඉන් අනතුරුව පොලිස්පති විසින් එහි විමර්ශන කටයුතු රහස් පොලිසියට පවරා ඇත. මේ වන විට පුද්ගලයන් හය දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
මෙම මුදල් ගනුදෙනුව ගැන දේශපාලකයන් හා ව්‍යාපාරිකයා අතර සිදුවන කතාබහ ඇතුළත් හඩ පටි පවා පොලිසියට ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නැයි ව්‍යාපාරිකයාට දුරකතනයෙන් මරණ තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැන ද 2013 අප්‍රේල් 20 වැනි දා හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම ඇමතුම ලබා දුන් කිසිවෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත.
ගනුදෙනුවට සම්බන්ධ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් රජයේ බ්‍රභල ඇමැති වරයකුගේ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධී කරන ලේකම් ලෙස එම අමාත්‍යංශයේ නම ද භාවිතා කර විසිටින් කාඩ්පතක් සකස් කර ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
රහස් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර වසර එක හමාරක් පමණ වුවත් මේ වන තෙක් සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා හෝ සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිසිවකු අත්අඩංගුවට ගෙන හෝ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන නැතැයි පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයි, නිකන් කෑ කෝ ගහන්නේ නැතිව ඉන්නවලා!! අපි තුන් දෙනා මොන තරම් වෙහෙස උනාද.?යකඩ මීයෝ කැවා දැන් වෙන අතක් බල ගන්නවා. (ස)
ඇත්තටම ..ගමේ බණ්ඩා වගේ පොඩි මිනිහෙක් ඔය දේ කළා නම් ..? ජීවිත කාලෙට හිරබත් කන්න තිබුනා ? අපේ වගකව යුත්තොවත් මේවා නොදකින්නේ ඇයි.ලොකු මිනිස්සු හොරා කන්නේ දුප්පත් මිනිහගේ සල්ලි ..? මේවා ලොක්කෙකුගෙ මුදල්ම උනානම් .දඩුවම් ලැබෙනවා ඉහලින්ම ...? (ස)
ඒ වුනාට කියන්නේ නම් තනතුරු ගැන නොබලා හැමෝටම එකම විදියට දඬුවම් කරනවා කියල නේ. (ස)
පහුගිය කාලේ තවත් යකඩ හොරෙක් හිටියා දැන් කාටවත් මතක නැතුව ඇති.උසාවියෙන් කී පාරක් වරෙන්තු කරද එයාව .කෝ ඇල්ලුවද.ඔය අපුරුවට ඉන්නේ. (ස)
අනේ! ගම්පහ අපිට සරණ වෙන්න! (නි)
අපේ අහවලාට නම් මොනවත්ම කියන්න එපා. (නි)
මොකට කරදර වෙනවද, බුලත් කෙල ගහන ගැමියෝ අල්ලලා උසාවි දානව වගේ වැඩ ලේසියි මේ වගේ වැඩවලට වඩා. (ස)
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
ලංකාවේ මැති ඇමතිවරුන්ට රටේ නීතියක් බලපායිද? (නි)
රටකට ගිය කල! කාට කියන්නද ? (නි)
අර අහවල් යකඩ හොරා වරෙන්තු තියෙද්දී පොලිසියේ ලොක්කෝ එක්ක ඔය අපූරුවට එකට ඉන්නෙ. (ස)
සුප්‍රසිද්ධ කෙනෙක් වගෙයි (නි)
දැන්වත් හිතලා බලන්න (නි)
එයාලට හැමදාම පිහිටයි! ආරක්ෂාවයි! (නි)
රහස් පොලීසියේ අයට දඬුවම් නොදීමත් මට තවත් ප්‍රශ්නයක්. (නි)
මිනීමැරීම් මංකොල්ලකෑම් දුෂණ වංචා තර්ජනය කිරීම් සහ නොයෙකුත් හිරිහැර කිරීම් දේශපාලකයින් සමග එම අනුගාමිකයින් විසින් කිරීම විශාල වශයෙන් වර්ධනය වී ඇත.මෙම වර්ධනය වීම සමහරවිට වැරදීමෙන් ආර්ථික වර්ධනය වැඩිවී ඇතැයි කිවුවාද මන්දා (නි)
යකඩ ගනුදෙනුව මලකඩ කෑම කෙසේ වෙතත් ලොකු ලොක්කන්ගේ මොල ගෙඩි ටික නම්, ක්‍රියා නොකරම තිබිලා මලකඩ බැඳිලා තියන බව තමයි අපට නම් වැටහෙන්නේ. ජනතාවගේ නම් ඉතින් මොළ ගෙඩි ගුල්ලෝ ගහලනේ. නැත්නම් ඉතින්, මේ විදිහටම මේ සිදුවෙන වෙන දේවල් ක්ෂණිකයෙන් අමතක වෙන්නේ කොහොමද??? (ස)
රූපවති, කියන්නකෝ බලන්න දන්න වග කිව යුත්තෙක් ඉන්නවා නම්, අඩු ගනනේ එක්කෙනෙක් හරි. (නදී)